
(පුෂ්පකුමාර ජයරත්න)
රට තුළ උද්ගතව පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල ක්‍රියාත්මක සියලු ම අධිකරණ සේවා කටයුතු වලින් හෙට (28) දිනයේ සිට ලබන 01 දින දක්වා ඉවත් වීමට තීරණය කළ බව කුරුණෑගල නීතීඥ සංගමයේ ලේකම් පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය.
අද පස්වරුවේ රැස්වූ කුරුණෑගල නීතීඥ සංගමයේ විධායක කමිටුව විසින් මෙම තීරණය ගත් බවද ඒ අනුව කුරුණෑගල මහාධිකරණය, කුරුණෑගල දිසා අධිකරණය, අතිරේක දිසා අධිකරණය, කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය, අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය සහ දිස්ත්‍රික් කම්කරු විනිශ්චය සභාව යන අධිකරණවල නීතීඥ කටයුතු වලින් නීතීඥවරුන් තාවකාලිකව ඉවත් වන බවද නීතීඥ පියුමාල් හේරත් මහතා ප්‍රකාශ කළේය.
COMMENTS