( පුෂ්පකුමාර ජයරත්න )
කුරුණෑගල මහ නගර සභාව මඟින් කරන ලද පීසීආර් පරීක්ෂණයකින් නගර සභාවේ කම්කරු සේවකයින් 06 දෙනෙකු සමඟ මාළු ව්‍යාපාරිකයන් 02 කු කොරෝනා ආසාදිතයින් බවට අද තහවුරු වීම සැලකිල්ලට ගෙන කුරුණෑගල නගරයේ සියළුම ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට නියම කළ බව නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා ප්‍රකාශ කළේය.
කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශයේ කම්කරු නිවාස පද්ධතියේ පදිංචිව සිටින කුරුණෑගල මහ නගර සභාවේ කම්කරුවන් 17 දෙනෙකු පීසීආර් පරීක්ෂණයට ලක් කිරීමෙන් පසුව ඉන් 06 දෙනෙකුම කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත. මීට අමතරව පරීක්ෂාවට ලක් කළ යන්තම්පළාව සහ උඩවල්පොළ ප්‍රදේශයේ මාළු ව්‍යාපාරිකයන් දෙදෙනෙකුද ආසාදිතයින් බවට තහවුරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හෙට අනිද්දට කියයි. බස්නාහිර පළාතේ ජනතාව පිට පළාත්වලට ගිය නිසා සමාජයේ පැතිරීමක් තියෙනවා කියලා. අන්තිමේ ජනතාව වැරදි. එයාලා හරි. මාස්ටර් ප්ලෑන් මේවා
මාතෘකාවයි, අන්තර්ගතයයි බැලුවාම පුවත් ගැන හොද අදහසක් ගන්න පුළුවන්...