(අජිත් ලංකාතිලක)
කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ යුද හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට නැවත කොරෝනා ආසාදනය වී ඇතැයි අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පී.ඒ. ප්‍රේමරත්න මහතා පවසයි.
ඔවුන් අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද කොරෝනා ආසාදනය වූ බැවින් ඔවුන් දෙදෙනා නැවත කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමුකර ඇති බවද, ඒ මහතා කීය.
අකුරැස්ස පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“පරීක්ෂණවලදී තහවුරු වූ කරුණු මත අකුරැස්ස, ගල්ලල, නාවල සහ අකුරැස්ස, හේනේගම, බලපාත ප්‍රදේශයන්හි එම ආසාදිතයින්ගේ පවුල් දෙකට අයත් 8දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා බියගම නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකළා.
මීට අමතරව මේ වනවිට ආසාදිතයින් ගනුදෙනු කළ වෙළදසැල්වල කාර්ය මණ්ඩලය, ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සහභාගී වූ පෞද්ගලික උපකාරක පන්තියක සහ කෘෂිකර්ම රැස්වීමකට සහභාගීවුවන් 50 කට ආසන්න ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.
එසේම මෙම ප්‍රදේශයේ ම උත්සවයක් සංවිධානය කළ නිවැසියන්ට එරෙහිව නිරෝධායන නීති උල්ලංඝනය කිරීම යටතේ අධිකරණ ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරනවා” යැයි පැවසීය.

COMMENTS
සාමාන්‍ය මිනිහෙක් යම්කිසි කටයුත්තක් සඳහා උත්සවයක් සංවිධානය කරන එකට නඩු.. දේශපාලකයෝ රට වටේ උත්සව තිය තියා යනවා.. මිනිස්සු පොර කකා ඒවාට සහභාගි වෙනවා. එම වැඩවලට නිරෝධායන නීතියක් නැහැ.
දැන් එතකොට ඔය ඡන්ද රැස්වීම්වලට දහස් ගණන් ගෙන්නන සංවිධායකයින්ටත් නීතිය ක්‍රියාත්මක කරනවද phi මහත්තයෝ..?