
(එමි.කේ.නන්දසේන)
කතරගම ප්‍රදේශයෙන් රෝගියකු වාර්තා වීමෙන් කතරගම සෞඛ්‍යය නිලධාරි බලප්‍රදේශයේ පුද්ගලයන් 30 දෙනකු අතර සිදු කළ රැපීඩි ඇන්ටිජන් පරීක්ෂණයකදී රෝගීන් 08 දෙනකු සොයා ගැනීමට හැකිවූ බව කතරගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සමන් දිසානායක මහතා පවසයි.
පළාත් සංචරණ සීමා පනවා තිබියදී විශේෂයෙන් බස්නාහිර ඇතුළු විවිධ පළාත්වල සිට ඉකුත් දින කීපයතුළ පුද්ගලයන් විශාල වශයෙන් පැමිණ තිබීමත්, බොහෝ පිරිස් සෞඛ්‍යය උපදෙස් නොසලකා හැරීමත් නිසාවෙන් මෙම තත්වය උද්ගතව ඇතැයි ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේ වෙතත් උද්ගතව පවතින අවදානම් තත්වය පිළිබඳව අවදානය යොමුකොට කතරගම ප්‍රදේශය නැවත වාරයක් ලොක්ඩවුන්කර නොගන්නා ලෙසද ප්‍රදේශවාසීන්ගෙන් කාරැණික ඉල්ලීමක් කළේය.
2025 දෙසැම්බර් මස 04
342
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
397
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කතරගමට යළි කොරෝනා අවදානමක්?
මහසෙන් Friday, 22 October 2021 11:14 AM
කතරගම විතරක් නෙවේ සාපේක්ෂව රටේ බහුතර ප්‍රදේශ වල නිසි ලෙස ඇන්ටිජන් පරීක්ෂණ සිදුකලොත් තත්වය ඔය ප්‍රමානයට වඩා වැඩි වීමක් මිස අඩු වීමක් දකින්න ලැබෙන එකක් නෑ.ඇදිරි නීතිය කියලා දෙයක් තියෙනවා කීව කාලේ වෙච්ච දේවල් අනුව මීට වඩා වෙනස් දෙයක් වෙන්න පුලුවන් ද?
කපිල දන්තනාරායන Friday, 22 October 2021 11:21 AM
කතරගම පමණක් නොවේ. කඨින පිංකම් සමයේ රටපුරාම කොරෝනා අවදානමක් තිබෙනවා. අතින් අත යන මල්වට්ටිය, පැන් කලය වුණත් හොඳටම ඇති කොරෝනා වෛරසයට...
විභූෂණ Friday, 22 October 2021 11:24 AM
ආගමික ස්ථානවලින් උදේ, සවස කරන ලවුඩ්ස්පීකර් හිරිහැරයට පිළියමක් නැද්ද? අවට ගෙවල්වල කුඩා දරුවන්.., වැඩිහිටියන් හරියට පීඩා විඳිනවා..
කිරි පුතාFriday, 22 October 2021 11:59 AM
මොන ආගමික ස්ථානද? ළඟදි ඉඳන් මිනිසුන් කොටසකට නිදාගන්න අමාරු කතාවක් ඇහෙනවා. අලුත් ලෙඩක් බෝ වෙලා වගේ. සිංහල නම්වලින් පෙනී සිටින වෙනත් කොටස් කියලයි හිතෙන්නේ.... අපිත් අපේ දරුවොත් හොඳට නිවුණු සිතින් නිදා ගන්නේ පිරිත් අහ අහා... අමනුස්ස බලවේගවලටනම් පිරිත් හඬ ටිකක් දිරවන්නේ නෑ...
wahaldeepeFriday, 22 October 2021 01:37 PM
කිරි පුතේ... නුඹ තාම චූටියා.. එ් කියන්නේ පිරිත් ගැන නෙමෙයි..
bandara Friday, 22 October 2021 11:54 AM
2021 අප්‍රේල් මාසයේ කොරෝනා ව්‍යාප්ත වුනේ සංචරණ සීමා නොමැති නිසා... අද කතරගමට වුනෙත් මේකයි. පළාත් මායිම්වල පොලිසිය හිටියට වැඩක් නෑ. හැම වාහනයක්ම චෙක් කරන්නේ නෑ. දැන් රට පුරා තියෙන්නේ මෙවැනි තත්ත්වයක්... නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ...