
(තිස්ස කොටින්කඩුව)
කටුනායක නිදහස් වෙළෙද කලාපයේ පැතිර යන කොරෝනා වසංගතය පාලනය සඳහා සෞඛ්‍ය අංශයට සහයවීමට නාවික හමුදාවේ අද්මිරාල් නිලධාරියෙකුගේ අධීක්ෂණය යටතේ නාවික නිලධාරින් සිව්දෙනෙකු ඇතුලු නාවික භටයන් 25 දෙනෙකු කලාපය තුළම පූර්ණ කාලීනව සේවයේ යොදවා ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා පවසයි.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාගේ විශේෂ ඉල්ලීම මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම නියෝගය ලබා දී ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් කලාප 14 ක කර්මාන්ත ශාලා 279 ක සේවය කරන 34,675 ක පිරිසක් මේ වන විට පීසිආර් පරීක්ෂණ සදහා යොමු කර ඇති බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විධායක අධ්‍යක්ෂක (කලාප) එම්.කේ.ඩී.ලෝරන්ස් මහතා වැඩිදුරටත් පවසා සිටියි.
මේ අනුව කටුනායන ආයෝජන කලාපයේ කම්හල් 75 කින් පුද්ගලයින් 14,159දෙනෙකු, බියගම කලාපයේ කම්හල් 55 කින් 9500දෙනෙකු, සීතාවක ආයෝජන කලාපයේ කර්මාන්ත ශාලා 27 කින් 4,400ක පිරිසක් සහ ඉතිරි කලාප 11 කර්මාන්ත ශාලා තුළින් පුද්ගලයින් 6615 දෙනෙකු පීසීආර් පරික්ෂණය සදහා යොමු කර ඇති බව විධායක අධ්‍යක්ෂක වරයා සදහන් කළේය.
(ඡායාරූපය - නාවික හමුදා වෙබ් අඩවිය)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.