
(සුමතිපාල දියගහගේ සහ ජේ.කේ.එල්.චාමින්ද)
කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් කොරෝනා ආසාදිතයින් 22 ක් අලුතෙන් හදුනා ගත් බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පවසයි.
එම කම්හල්වල සේවිකාවන් 105 ක් සදහා කරන ලද පී සී ආර් පරීක්ෂණවලදී මේ බව අනාවරනයවී තිබේ. ඒ අනුව එක් ඇගලුම් කම්හලකින් ආසාදිතයින් 20 ක්ද අනිත් කම්හලින් ආසාදිතයින් 2 ක්ද හදුනා ගෙන ඇත. ආසාදිතයින් විසිදෙනා හමුවු ඇගලුම් කම්හලින් මීට පෙර තවත් ආසාදිතයින් 7 ක් හමුවී තිබුණි.
මේ වන විට කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම් කම්හල් හතරකින් කොරෝනා ආසාදිතයින් 36 ක් හමුවි ඇතැයිද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් පැවසීය.අලුතෙන් හදුනා ගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කරන බවද වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසිය.
2025 නොවැම්බර් මස 04
127
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2042
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1570
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොග්ගල වෙළද කලාපයේ කම්හල් දෙකකින් නව ආසාදිතයන් 22ක්