IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54ක්


(ජේ.කේ.එල් චාමින්ද)

කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු  දින 06ක කාලයක් තුළ වාර්තා වී ඇති බවත් මෙම තත්වයත්  සමග කොග්ගල වෙළඳ කලාපයේ පිහිටි අනිකුත් ඇඟලුම් කම්හල්වල සේවක සේවිකාවන් වෙතද කොරෝනා වසංගතය පැතිරීයාමේ අවදානමක් ඇති බැව් හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ප්‍රමෝද සිරිවර්ධන මහතා පවසයි.

අද (16) වන විට කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ ඇඟලුම් කම්හල්  03කින් ඇඟලුම් සේවක සේවිකාවන් 54 දෙනෙකු වාර්තා වී ඇති බවද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.

ඉකුත් 10 වැනි දින එක් ඇඟලුම් කම්හලක සේවකයෙකුට හා  සේවිකාවකට කොරෝනා වයිරසය ආසාදනය වී  ඇති බවට මුලින්ම තහවුරු විය. මේ වනවිට මෙකී වසංගත තත්වය ඇඟලුම් කම්හල් 03ක් පුරා පැතිරී ගොස් ඇති බවද හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

එක් ඇඟලුම් කම්හලකින් ආසාදිතයින් 34 දෙනෙකු වාර්තා වී ඇති  අතර තවත් ඇඟලුම් කම්හලින් ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වී තිබේ. අනින් ඇඟලුම් කම්හලින් කොරෝනා ආසාදිතයින් දෙදෙනකු වාර්තා වී ඇත.

මෙකී අවදානම් තත්වය පිළිබඳ තමන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂකවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවද  හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා පවසයි.



අදහස් (0)

කොග්ගල නිදහස් වෙළඳ කලාපයෙන් කොරෝනා ආසාදිතයින් 54ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site