IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් අදින් වාර්තා වෙයි

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් අද (5) දිනයේ කොරෝනා ආසාදිතයින් 725 දෙනෙකු හා ආසාදිත මරණ 15 ක් වාර්තා වී තිබේ.

ඒ අනුව කොරෝනා වයිරසය ඕස්ට්‍රේලියාවේ වැඩිම පැතිරීමක් පෙන්නුම් කළ දිනය අද බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

මියගිය පුද්ගලයින් අතර 30 හැවිරිදි තැනැත්තෙක් ද වෙයි.

වයිරසය පැතිරීම වැළැක්වීම සඳහා ප්‍රාන්ත අගුළු දැමීමේ සීමා වඩාත් දැඩි කිරීමෙන් දින කිහිපයකට පසු මෙම තත්ත්වය වාර්තා විය.

ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෘස් පසුගිය ඉරිදා ප්‍රාන්තයේ ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත්කළේය.

කෙසේ වෙතත් මෙම තත්ත්වය හේතුවෙන් අද (5) මධ්‍යම රාත්‍රියේ සිට අගුළු දැමීමේ සීමා පැනවීම තවත් අදියරකින් ක්‍රියාවට නැංවෙනු ඇත.

මේ අතර අසල්වැසි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය සමඟ ප්‍රාන්ත සීමා වසා දමන බව ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තය අද නිවේදනය කළේය.

වෛරසය පැතිරීම ආරම්භයේදී පැනවූ සීමා හේතුවෙන් වෙනත් රටවලට වඩා ඕස්ට්‍රේලියාවේ යහපත් තත්ත්වයක් දක්නට ලැබුණ ද ජූනි මාසයේ සිට වෛරසය එරට තුළ වැඩි පැතිරීමක් පෙන්නුම් කර තිබේ.

-226-

(බීබීසී ඇසුරෙනි)

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවෙන් වැඩිම කොරෝනා ආසාදිතයින් අදින් වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 19 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 136 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 982 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site