ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම නිෂ්පාදනය කළ ‘කොවිඩ්-19’ මර්දන එන්නතට අද (30) බ්‍රිතාන්‍යයේ අනුමැතිය හිමිවිය.
ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රාසෙනකා සමාගම නිෂ්පාදනය කළ එන්නතට අවසර දුන් පළමු රට වන්නේ ද බ්‍රිතාන්‍යයි. දකුණු දිග එංගලන්තයෙන් වාර්තා වූ නව කොරෝනා වයිරසයේ අලුත් ප්‍රභේදය හේතුවෙන් බ්‍රිතාන්‍යයෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන වේගයෙන් වැඩි වෙමින් තිබේ.
ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනකා එන්නතෙන් ද ප්‍රතිශක්තීකරණය ඉහළ නැංවීම සඳහා මාත්‍රා දෙකක් ලබා දිය යුතු ය. හදිසි සැපයීම යටතේ මෙම එන්නතට අනුමැතිය හිමිවිය.
බ්‍රිතාන්‍ය දැනටමත් මෙම එන්නතෙන් මාත්‍රා මිලියන 100ක් ඇණවුම් කර ඇත.
‘‘ඔක්ස්ෆර්ඩ්/ඇස්ට්‍රාසෙනකා එන්නත භාවිත කිරීම සඳහා ඖෂධ සහ සුව සේවා නිෂ්පාදන නියාමන අධිකාරියේ අනුමැතිය රජයට හිමිවුණා’’ යැයි බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය දැනටමත් ඇමෙරිකාවේ ෆයිසර් සහ ජර්මනියේ බයෝඇන්ටෙක් සමාගම් ද්විත්විය එරට ජනතාවට ලබාදීම ආරම්භ කර තිබේ. මහ පරිමාණ එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ කළ පළමු බටහිර රට වන්නේ ද බ්‍රිතාන්‍යයි.
රොයිටර්
055

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.