
(දයාරත්න ඇඹෝගම)
සෞඛ්‍ය හේතුන් කිහිපයක් මත උතුරු මැද පළාතේ පාසල් 14 ක් අද(23)දින විවෘත කිරිමට නොහැකිවු බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය පැවසුවාය. රජයේ පාසල් වල තුන්වැනි වාරය අද (23) ආරම්භ විය.
ඒ අනුව උතුරුමැද පළාතේ පාසල්වල හය ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දක්වා සිසුන් සදහා පාසල් විවෘත කරනු ලැබීය.
එහෙත් එලෙස ආරම්භ කරන පාසල් අවට කොරෝනා රෝගය වැළදුණ සහ ආශ්‍රිතයන් සිටිමේ හේතුවෙන් දෙමාපියන් විසින් තම දරුවන් පාසල් වෙත එවිම ප්‍රතික්ෂේප කර තිබුණි.
අද(23)දින අනුරාධපුර නගරය ආසන්නයේ පිහිටි මහබුලංකුම,පොතානේගම,අලුත්වැව කුමාර විද්‍යාලය කැකිරාව බබුණුගම යන විද්‍යාල විවෘත කළද දෙමාපියන් ආපසු තම දරුවන් නිවෙස් වලට රැගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් අප උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිර්මලා ඒකනායක මහත්මිය ගෙන් කළ විමසුමේදි ඇය කියා සිටියේ මෙම සෙෘඛ්‍ය හේතුන් මත සෞඛ්‍ය බලධාරින් ගෙන් ලද උපදෙස් මත උතුරැ මැද පළාතේ පාසල් 14 ක් තාවකාලිකව වසා දැමු බවයි.සෙෘඛ්‍ය බලධාරින්ගේ උපදෙස් මත එම පාසල් යළි විවෘත කිරිමට කටයුතු කරන බවද ඇය පැවසුවාය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ලංකා ගුරු සංගමයේ සභාපතිවරයා මෙසේ පැවසිය.අද පාසල් විවෘත වුනත් ලමුන් විශාල පිරිසකගේ අඩුවක් දක්නට ලැබුනා.සිසුන් සියයට දහයක්වත් පාසලට පැමිණියේ නැහැ.සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියා මාර්ගයන්ද නිසි ආකාරයට ඉටු නොවු බවටද සභාපතිවරයා මෙහිදි චෝදනා කළේය.

2025 දෙසැම්බර් මස 04
645
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
533
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
439
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
උතුරුමැද පාසල් 14 ක් අද විවෘත නොකරයි