
ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (16) වාර්තා වූ අතර එම ගණන 32,695ක් ලෙස දැක්විණි.
ඒ අනුව අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 9,68,876ක් දක්වා ඉහළ ගියේය.
මේ වනවිට ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන වයිරස ආසාදිතයන්ගේ ගණන 3,31,146ක් වන අතර වයිරසය ආසාදනය වී සුව වූ පිරිසගේ ගණන 6,12,815කි.
ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වයිරස ආසාදිත සමස්ත මරණ ගණන 24,915කි.
නව කොරෝනා වයිරසයෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහරාෂ්ට්‍ර ප්‍රාන්තය යි. එම ප්‍රාන්තයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 2,75,640කි. දෙවැනියට තමිල්නාඩුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,51,820කි. දිල්ලියෙන් වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 1,16,993ක් වන අතර කර්නාටක ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 47,253කි
එන්.ඩී.ටීවී.
055

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.