IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


ඇමෙරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 77,000ක්

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන බ්‍රහස්පතින්දා, එනම් ඊයේ (16) දිනයේදී වාර්තා විය.

රොයිටර් පුවත් සේවයට අනුව එම ගණන 77,000 ඉක්මවූ අතර එම පැය 24ක කාලයේදී වාර්තා වූ වයිරස ආසාදිත මරණ ගණන 1,000කට අධික විය. 

ඇමෙරිකාවෙන් පමණක් නොව, නව කොරෝනා වයිරසය හෙවත් කොවිඩ් -19’ ගෝලීය වසංගතය ලොවපුරා පැතිර යෑම ආරම්භ වීමෙන් පසුව ලොව රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම ආසාදිතයන්ගේ ගණන ද එය විය.

ඇමෙරිකාවෙන් ඊයේ දිනයේ දී වයිරස ආසාදිත මරණ 969ක් වාර්තා වූ අතර ජූනි 10 වැනිදායින් පසුව දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම වයිරස ආසාදිත මරණ ගණන ද එය විය.

ෆ්ලෝරීඩා, සවුත් කැරොලිනා සහ ටෙක්සාස් යන ප්‍රාන්තවලින් ද දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ දිනයේදී වාර්තා විය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 138,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි වී තිබෙන අතර පසුගිය සති කිහිපයේදී දිනපතා වාර්තා වන ආසාදිතයන්ගේ සහ ආසාදිත මරණ වැඩිවීමත් සමඟ තත්ත්වය දරුණු වනු ඇතැයි විශේෂඥයෝ අනතුරු අඟවති.

පසුගිය දිනවලදී වයිරසය ආසාදනය වී රෝහල් ගත කරන පිරිසද වේගයෙන් ඉහළ ගොස් ඇත.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් සහ ඇරිසෝනා යන ප්‍රාන්තවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙන අතර එම ප්‍රාන්තවලට වයිරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සිරුරු බහාලීමට ප්‍රමාණවත් අධි ශීතකරණ ප්‍රමාණවත් නැතැයි වාර්තා වේ.

එම ප්‍රාන්තවල මෝචරි මේ වනවිට වයිරසය ආසාදනය වී මියගිය පුද්ගලයන්ගේ මළසිරුරු වලින් පිරී ගොස් ඇතැයි පැවසේ.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දෛනික වැඩිම මරණ ගණනක් වාර්තා වූයේ පසුගිය අප්‍රේල් මාසයේදී ය. එම මාසයේ බොහෝ දිනවලදී වයිරස ආසාදිත මරණ 2,000ක් පමණ වාර්තා විය. කෙසේ නමුත් ක්‍රමයෙන් එම ගණන පහළ වැටුණු අතර මැයි මාසයේදී දිනපතා වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණනේ සාමාන්‍ය 1,300ක් විය. ජූනි මාසයේදී එය 800ක් දක්වා අඩු වූ අතර මේ මාසයේ මේ දක්වා කාලය සැළකිල්ලට ගැනීමේ දී එම අගය ඉහළ ගොස් තිබේ.

පාසල් සහ විවෘත කිරීම සම්බන්ධයෙන් පොදු ස්ථානවලදී මුඛ ආවරණ පැළැඳීම සම්බන්ධයෙන්ද මේ වනවිට ඇමෙරිකා එක්සත් ජනපදය තුළ දැඩි බෙදීමක් ඇති වී තිබේ. පිරිසක් පාසල් සහ ව්‍යාපාර තවදුරටත් වසා දැමිය යුතු යැයි ද මුඛ ආවරණ පැළැඳීම, සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම ආදී සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කළ යුතු යැයි පවසද්දි ඒ හා සමානම පිරිසක් ඊට විරුද්ධ මතයක් දරති.

රොයිටර් පුවත් සේවයට අනුව බ්‍රහස්පතින්දා දිනය තුළ වාර්තා වූ සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 77,217ක් විය. මීට පෙර වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වූයේ පසුගිය සිකුරාදා ය. එම ගණන 69,070ක් විය. ඉකුත් ජූනි මාසයේදී දිනක් තුළ වාර්තා වූ වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 28,000ක් විය. ජූලි මාසයේදී එම සාමාන්‍ය අගය දිනකට 57,625ක් දක්වා ඉහළ ගොස් ඇත.

ටෙක්සාස් ප්‍රාන්තයෙන් පමණක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති ආසාදිතයන්ගේ ගණන 15,000 ඉක්මවා ගොස් තිබෙන අතර ෆ්ලෝරීඩා ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 14,000 ඉක්මවා ගොස් ඇත. කැලිෆෝනියා ප්‍රාන්තයෙන් එදින වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 10,000 අධික විය.

ඇමෙරිකානුවෙන් එකට එක්වල වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පියවර නොගතහොත් ඉතාම ඉක්මනින් දිනකට වාර්තා වන වයිරස ආසාදිතයන්ගේ ගණන 100,000 ඉක්මවනු ඇතැයි එරට රජයේ බෝවන රෝග පිළිබඳ ඉහළම විශේෂඥයා වන වෛද්‍ය ඇන්තනි ෆවුචි අනතුරු ඇඟවීය.

රොයිටර්

(055)

 

'ද නිව්යෝක් ටයිම්ස්' 

055

 



අදහස් (0)

ඇමෙරිකාවෙන් කොරෝනා වයිරස ආසාදිතයන් 77,000ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 302 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 417 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site