(ක.ග.කරුණාරත්න)
කොරෝනා ආසාදිතයින් ඇසුරු කළ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ පුද්ගලයන් 647 දෙනෙකු මේවන විට නිරෝධායනයට ලක්කර සිටින බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ වසංගත රෝග විද්‍යා ඒකකය කියයි.
කන්දකාඩුව මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධයස්ථානයෙන් කොරෝනා වයිරස ආසාදිතයින් පොකුරු හමුවීමෙන් පසුව සෞඛ්‍ය අංශ සිදුකළ විමර්ශනවලදී මෙම ආශ්‍රිතයින් සහ ඔවුන්ගේ සමීපතමයින් හඳුනා ගැනීමට හැකිවූ බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ, වෛද්‍ය සංජය සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.
පොලොන්නරවේ දිස්ත්‍රික්කයට අයත් ලංකාපුර,තමන්කඩුව,සිරිපුර,වැලිකන්ද,හිඟුරක්ගොඩ සහ මැදිරිගිරිය යන සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලින් මේ පිරිස හඳුනාගෙන ඇතැයිද ඒ මහතා කීය.
මොවුන්ගෙන් වැඩි පිරිසක් තම නිවෙස්වල ස්වයං නිරෝධායනය සඳහාත් තවත් පිරිසක් නිරෝධායන කඳවුරුවලටත් යොමුකර සිටින බව වෛද්‍ය සෙනෙවිරත්න මහතා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.