(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

ආණමඩුව වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙණේ අධ්‍යාපනය හදාරණ තවත් සාමණේර හිමිවරුන් 14 නමකට  කොරෝනා ආසාදිත වී ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය රවී අබේරත්න මහතා අද ( 17 ) පැවසිය.

වඩත්ත ශ්‍රී සරණංකර පිරිවෙන තුළ අධ්‍යාපනය හදාරණ සාමනේර හිමිවරුන් 18 දෙනෙකු මෙයට පෙර ආසාදිතව සිටි අතර ඉන් පසුව නැවත පසුගිය 10 දින ද මෙහි පරිවේනාධිපති වඩත්තේ සෝමානන්ද හිමියන් ඇතුළු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 13 දෙනෙකු නැවත ආසාදිතව තිබුණි.

නැවත ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය  අද (17)  කළ  ඇන්ටිජන් පරික්ෂාවකදී මෙම 14 සාමණේර හිමිවරුන් ආසාදිත බවට සනාථ වී ඇති බව කියයි.

මේ අනුව වඩත්ත පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු හිමිවරුන් 45 දෙනෙකු ආසාදිත වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි .

වඩත්ත පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ඇතුළු හිමිවරුන් 70 කට ආසන්න පිරිසක් සමග ගිහි දරුවන් දස දෙනෙකුද නේවාසිකව රැදී සිටින අතර පිරිවෙන තුල පවතින අඩු පහසුකම් හමුවේ කොරෝනා පැතිරීම සිදුවන බව සෞඛ්‍ය අංශ කියයි.