IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ආණමඩුවේ ගම් කිහිපයකට ඇතුළුවීම-පිටවීම සීමා කරයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ආණමඩුව ආඬිගම පුනවිටිය ඇතුළු ගම්මාන කිපයකට  අද(7)  දහවල් සිට ජනතාව ඇතුළු විම හා පිටවිම සිමා කළ බව පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පවසයි.
 
කටුනායක ගුවන් තොටුපලේ සේවය කරනු ලබන 23 හැවිරිදි තරුණයකු කොරෝනා ආසාධිතයකු බවට තහවුරු විම හේතුවෙන් මෙම සීමාව පනවා තිබේ.
 
මෙම කොරෝනා ආසාදිත තරුණයා ආඩිගම පුනවිටිය ගම්මානයේ පදිංචි කරුවෙකි.
 
අදාල ආසාදිතයා නිවාඩු ලබා නිවසට පැමිණ  සිටියදී  රෝග ලක්ෂණ  මතු කිරිමත් සමඟ රෝහල්ගත කිරිමේන් පසුව පි.සි.ආර්.පරික්ෂණ වලින් අනතුරුව තහවුරු කර ගත් බව සෞඛ්‍ය අංශ තහවුරු කරයි .
 
මෙම ආසාදිත තරුණයා ඇසුරු කළ පදිංචි නිවසේ සිව් දෙනෙකු ඇතුළු තවත් 40 කට ආසන්න පිරිසක් 7 දින සිට  නිවාස 14 ක් තුළ ස්වං නිරෝධායනයට ලක් කිරිමට පල්ලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් විසින් කටයුතු කර තිබුණි.
 
මේ සමගම අදාල ප්‍රදේශ වල ජනතාව දැනුවත් කරමින් සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රම වලට යොමු කිරිමට ද මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් සේම ආණමඩුව ප්‍රාදේශීය සභාව කටයුතු කර තිබුනී.

 මෙයට අමතරව ආඩිගම නගරයේ සිට මහකුඹුක්කඩවල නගරය දක්වා දිවෙන මාර්ගයේ ගමනා ගමන කටයුතු සිමා කිරිමට ආණමඩුව පොලිසිය කටයුතු කර තිබුනී.
ඒ අනුව පුනවිටිය , සියඹළගස්වැව , මහකුඹුක්කඩවල ඇතුළු ප්‍රදේශ වලට පිටතින් පැමිනේන පිරිස් මෙම ප්‍රදේශවලට ඇතුල්විම පොලිසිය වලක්වා තිබුනේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමිනි.



අදහස් (0)

ආණමඩුවේ ගම් කිහිපයකට ඇතුළුවීම-පිටවීම සීමා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site