ලොව පුරා කොවිඩ් වසංගතයට ගොදුරු වූවන් දෛනිකව දහස් ගණනින් මියයන පසුබිමක අවුරුදු සියය ඉක්මවූවෙකු සුවය ලැබීමේ පුවතක් ඉන්දියාවේ නවදිල්ලියෙන් වාර්තා වේ.
106 හැවිරිදි වියේ පසුවන මුක්තාර් අහ්මද්, ජීවත් වන්නේ කොවිඩ් වසංගතයෙන් බැටකමින් සිටින ඉන්දියාවේ නවදිල්ලි නුවරය. ඔහු මීට මාසයකට පමණ පෙරාතුව කොරෝනා රෝගයට ගොදුරු වූ අතර සිය වයස්ගත තත්ත්වය හේතුවෙන් දැඩි අවධානමකට මුහුණ දී සිටියේය.
කෙසේ නමුත් දෛවයට අභියෝග කළ මුක්තාර්, කොරෝනා පරදා සුවය ලබා පසුගිය දා සිය නිවස වෙත යළිත් පැමිණියේය.මුක්තාර් පවසන්නේ මෙය තමන් මුහුණදුන් පළමු වසංගතය නොවන බවය.
1918 වසරේදී ස්පාඤ්ඤ උණ වසංගත තත්ත්වය ලොව පුරා පැතිර යද්දී තමන් සිව්වැනි වියේ පසුවූ බවත්, ඉන් බේරී තමන්ට ජීවත්වීමට වාසනාව ලැබූ බවත් ඔහු ඉන්දීය මාධ්‍ය වෙත පැවසීය .
125
ගාඩියන් ඇසුරෙනි
2025 දෙසැම්බර් මස 18
227
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අවුරුදු සීයය ඉක්මවූ ඉන්දීය ජාතිකයකු කොරෝනාවෙන් බේරෙයි
පූජා Sunday, 12 July 2020 09:07 AM
සමහර රටවල තරුණ ප්‍රජාවටත්, බේරෙන්නට බැරිවූ එකේ, මේ සීයා මේ මාරාන්තික කොරෝනාවෙන් දිවි බේරා ගැනීම, ඇත්තටම සතුටට කාරණාවකි. අද කාලයේ ජීවත්වන මිනිස්සුන්ගේ සංකීර්ණ වූ ජීවිත රටාව හා සංසන්දනය කරන විට පරණ ප්‍රජාවගේ ප්‍රතිශක්තීකරණය ඉතා ඉහළ මට්ටමක ඇතැයි මට සිතෙයි...