IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


අලුත්ගම-බේරුවල-පයාගල අහඹු පරීක්ෂණවලින් 75කට කොරෝනා

(තුසිත කුමාර ද සිල්වා)

අලුත්ගම, පයාගල ,බේරුවල පොලිස් වසම් තුනෙහි  සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලින් පුද්ගලයන් 75 දෙනෙකු කොවිඩ් 19 ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි බේරුවල ප්‍රාදේශීය ලේකම් චතුර මල්රාජ් මහතා අද (11)සඳහන් කළේය.

ගත වූ දින විසි හතරක් තුළ පුද්ගලයන් 2703 දෙනකු වෙනුවෙන් ජනවරි(10 )දින කළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණවලට අනුව මොවුන් ආසාදිතයන් බවට හඳුනාගැනිණි.

බස්නාහිර පළාත් මායිමේ අළුත්ගම පොලිස් වසම තුළ ගාලු පාර දී අවස්ථා 18 කදී ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවට පුද්ගලයන් 1894දෙනෙක්ද ,ධර්ගා නගරයේදී 254, බේරුවල නගර සභාව සහ ධීවර වරාය පරිශ්‍ර තුළ දී 265 ,පයාගල පොලිස් වසමේ මග්ගොන අක්කර මලේ දී 290 ද වන ලෙස ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණ සඳහා පුද්ගල 2703 දෙනෙකු පොලිස් සහ සෞඛ්‍ය අංශ මැදිහත් වීමෙන් සිදුකර ඇත.

දර්ගා නගරයේ දී 10 දින සිදුකරන ලද ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවෙන් පාදාගොඩ ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ04 දෙනෙකුට සහ තවත් පුද්ගලයන් දෙදෙනෙක් ඇතුළු 06දෙනෙක් කොරෝනා ආසාදිත බව එදිනම හඳුනාගත් බව අලුත්ගම පොලීසියේ කොවිඩ් පැතිරයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීහු සඳහන් කළහ.



අදහස් (0)

අලුත්ගම-බේරුවල-පයාගල අහඹු පරීක්ෂණවලින් 75කට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 559 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 278 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1078 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site