(ටී.එල්.ජ්ව්ෆර්කාන්)
මඩකලපුවේ අරසඩි ග්‍රාම සේවා නිලධාරි වසම හුදකලා කර ඇති බව දිස්ත්‍රික්ක ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නාගලිංගම් මයුරන් මහතා පැවසීය.
මේ හේතුවෙන් මහා නගර සභා පොදු වෙළද පොළ,පෞද්ගලිකලික රෝහල,ආගමික ස්ථාන ඇතුළු මාර්ගවල් හුදකලා කර ඇත.
මඩකලපුව ප්‍රධාන පොලිස් වසමේ මහ නගර සභාව පොදු වෙළදපොළ අසල මුවර් පාරේ පදිංචි වයස් 79 වයෝවෘද පුදගලයකු හෘද ආබාධයෙන් ජීවිතක්ෂයට පත්ව ඇත. ඔහුට සිදු කරන ලද ඇන්ටිජින් පරීක්ෂණයෙන් කොරෝන වයිරසය ආසාදනය වී ඇති බවට හදුනාගෙන තිබිණි.
එම ප්‍රදේශයේ විෂබීජහරණය කර ඇත. මිය ගිය පුද්ගලයාට අවසන් ගෞරව දැකවීමට ගිය පිරිසද නිරෝධානය කර ඇත. මඩකලපුව දිස්ත්‍රික්කයේ කොරොනා ආසාදනයෙන් 05 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ
COMMENTS
මොනවද අප්පා මේ ගම්වල නම්? රටට ගැලපෙන නම් දාන්න බැරිද? මෙහෙම ගියොත් ගම විතරක් කිව්වම රට හොයාගන්න බැරි වෙනවා. මුස්ලිම්, සිංහල, දෙමළ රටට සේවයක් කරපු නායකයින්ගේ නම් දැම්මොත් හොඳ නැද්ද?