(ප්‍රදීප් කුමාර ධර්මරත්න)
අරණායක අම්බලකන්ද තේ කර්මාන්ත ශාලාවක සේවකයින් 53 දෙනෙකුට කොව්ඩ් 19 අසාදනය වී ඇතැයි අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රසාංජන මෙන්ඩිස් මහතා අද(21) දහවල් පැවසීය.
තේ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් සිය දෙනෙකුගේ සිදුකළ පී. සී .ආර් පරික්ෂණවලදී 53 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති අතර එම ආසාදිත සේවක සේවිකාවන් ප්‍රතිකාර සදහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.
ආසාදිතයින් ප්‍රතිකාර මධ්‍යථාන වෙත යොමු යොමු කිරීමට හා ආසාදිතයිගේ පවුල්වල සමාජිකයින් නිරෝධායනය සදහා යොමු කිරීමට 21 පස්වරුවේ පියවර ගත් බවද ඒ මහතා කීය.
ඉකුත් 18 වැනිදා අරණායක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් දිප්පිටිය රණවිරු ක්‍රීඩාංගනය අසල ,අම්බලකන්ද තේ කර්මාන්ත ශාලාව ,මැදිලිය ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සිදුකළ පී ,සී ,ආර් පරීක්ෂණ 318 කින් කොවිඩ් ආසාදිතයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඉන් රෝගීන් 53 දෙනෙකුම මවුන් කාමල් තේ කර්මාන්තශාලාවේ සේවකයෝ වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd