(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානයේ ගැලනිගම  පොලිසියේ   නිලධාරීන් 6 දෙනෙකුට  කොරෝනා  වයිරසය ආසාදනය වී ඇතැයි  දක්ෂිණ අධිවේගී මාර්ග රථවාහන පොලිසිය කියයි.


ආසාදිත නිලධාරීන් අතර පොලිස් සැරයන්වරුන් තිදෙනෙකු සහ කොස්තාපල්වරුන් තිදෙනෙකු වන බව පොලිසිය කියයි.

එම මුරපොළේ සේවය කරන හොරණ ප්‍රදේශයේ  පදිංචි පොලිස් සැරයන්වරයෙකුට වයිරසය ආසාදනය වී තිබිණි.

අනතුරුව ගැලණිගම අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානයේ නිලධාරීන් 14 දෙනකු බස්නාහිර  පළාතෙන් පිට වන පුද්ගලයන් සඳහා වැලිපැන්න අධිවේගී පිවිසුම අසල සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ  පරීක්ෂාව  සඳහා අද යොමු කිරීමෙන් අනතුරුව එයින්  5  දෙනකුට වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වූ බව  පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ සමඟම  අධිවේගී මාර්ග ප්‍රධාන පාලක ස්ථානය ගැලණිගම සේවය කරන  පොලිස් නිලධාරීන් 50ට ආසන්න ප්‍රමාණයක් නිවෙස් වල ස්වයං නිරෝධාන ලක් කිරීමට පියවර ගත් බවත්  එම ස්ථානය විෂබීජහරණය කිරීමෙන් අනතුරුව  සේවය සඳහා  වෙනත් පොලිස් නිලධාරින් යොදවන  බවත්  උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.