
කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 13 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (17 වැනිදා) තහවුරු කරයි.
ඒ අනුව වයිරසය ආසාදනය වීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 422 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මිය ගිය පිරිස අතර කාන්තාවක් සහ පිරිමි 12 දෙනෙක් වෙති.
මේ අතර කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 344 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 22.15 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 713 කි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් රජයට වසංගතයේ තිබෙන බරපතලකම නොතේරීම අවාසනාවන්ත තත්වයක්, එන්නත් ගන්න මුදල් නැතිනම්, අඩුම ගානේ ඕක ගෙනැවිත් මිනිස්සුන්ට මුදලට හරි ගහගන්න අවස්ථාවක් දුන්නොත් මෙතෙක් මිනිස්සු මුදලට පුලු පුලුවන් විදියට හැමදේම කරගත්තා වගේ ඕකත් කරගනියි. මොකද පාලකයින්ගෙන් වැඩක් නැහැ. අහිමි වන ජීවිත වැදගත් පාලකයින්ට නොව, ඔවුන්ගේ පවුලේ අයටයි..