
කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 444 දෙනෙකු අද රාත්‍රියේදී හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 21.15 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ.
මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් අද දිනයේදී හඳුනාගත් සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 801 කි.
මේ අතර, කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් අද පුද්ගලයන් 7 දෙනෙකු මියගොසිනි.
මිය ගිය අය අතරින් 6දෙනෙක් කාන්තාවෝය.
ඒ අනුව, ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත ආසාදිත මරණ ගණන 397කි.


COMMENTS