
(මලීෂා ගුණවර්ධන)
කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය වැළැක්වීම සඳහා රාජාංගනය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය තුළ පනවනු ලැබූ සංචරණ සීමාවන් අදියර වශයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.
ඒ අනුව, පහත දැක්වෙන අයුරින් අදාළ ප්‍රදේශ වලට පනවා තිබූ සංචරණ සීමාවන් ඉවත් කරනු ලැබේ.
කලුන්දෑගම, සිරිමාපුර, යාය 01 (පොළ පිටුපස කොටස හැර), යාය 02 යන ප්‍රදේශ වලට ජුලි 27 න් පසුව සීමා ඉවත් කරනු ඇත.
යාය 01 (පොළ පිටුපස කොටස), යාය 03, යාය 04, යාය 05, යාය 06 අංගමුව යන ප්‍රදේශ වලට ජුලි 31 දිනෙන් පසු සංචරණ සීමා ඉවත් කරනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd