( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
විල්පත්තුව රක්ෂිත වනාන්තර කලාපය තුළ ඉදිකර තිබෙන අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළ තීන්දුව ප්‍රකාශ කිරීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද (27) නියම කළේය.
මෙම පෙත්සමේ තීන්දුව අද (27) දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණි.
එහෙත් අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ නඩු තීන්දුව සූදානම් නොමැති බවත් එම නඩු තීන්දුව ප්‍රකාශ කිරීම අගෝස්තු මස 6 වනදා දක්වා කල් තබන බවයි.
පරිසර යුක්ති කේන්ද්‍රය මගින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
එහි වගඋත්තරකරුවන් ලෙස මධ්‍යම පරිසර අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, අමාත්‍ය රිෂාද් බදියුදීන් ඇතුළු පාර්ශව කීපයක් නම් කර තිබුණි.
පෙත්සම්කරුවන් කියා සිටින්නේ රක්ෂිත වනාන්තර කලාපයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති විල්පත්තු වනාන්තර කලාපය තුල අනවසර ඉදිකිරීම් සිදුකිරීම තුළින් පාරිසරික වශයෙන් විශාල හානියක් සිදුවන බවයි.
පාරිසරික නීති උල්ලංඝනය කරමින් කර තිබෙන මෙම අනවසර ඉදිකිරීම් ඉවත් කරලෙස වගඋත්තරකරුවන්ට රිට් ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගත පරපුරේ මහඟු දායාදයන් අද දිනයේ විනාශයට පාර කැපෙන්නේ මෙලෙසයි
තීන්දුව අගෝස්තු මාසෙට. අනේ දෙවියනි!
අද ඉන්න බොහොමයක් විනිසුරුවන් ගැන කිසිම විශ්වාසයක් තියන්න බැහැ. මොවුන් තීන්දු කල් දමදමා කල් මරනවා. සමහරවිට මොවුන්ටත් යටින් මුදල් එනවා ඇති තීන්දු කල් දමන්න සහ වෙනස් කරන්න. පොඩි මිනිහට එක තීන්දුවක් හොර දේශපාලකයින්ට වෙනත් තීන්දු දෙන එකම රට ලංකාවයි. දූෂිත විනිසුරුවන් එලවා දමන්න වෙනම වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක විය යුතුයි.
ඔය විනුසුරු වරුන්ට රටක පරිසරය ගහකොළ යනාදිය නොමැතව මෙම මිහිතලයේ ජීවත් වෙන්න බැරිබව කියල දෙන්න ඕන, එතකොට මෙම උතුමා පරිසරයට හිතකාම් තීන්දුවක් දෙයි
බාල ගිරි දෝෂ උසාවි වලටත් බලපානවා. අම්බරුවන් පාලනය කරන රටක තරම .
තීන්දුව ලියන්න මාස 06ක් ඕනද? දෙයි හාමුදුරුවනේ මගේ රට.
අාවට ගියාට තීන්දුව දෙන්න බැහැ. බලවත් ඇමතිවරයෙකුට විරුද්ධවනේ දෙන්න තියෙන්නේ...