IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් 13 වැනිදා තෙක් රිමාන්ඩ්

(සමන් විජය බණ්ඩාර)
 
 
බුදු පිළිමේ කැඩිමේ සිද්ධියේ සැකකරුවන් මාර්තු 13 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා අද 27 නියෝග කළේය.
 
 
මෙම සිද්ධියට අදාලව කෑගල්ල රක්ෂිත බන්ධනාගාරයේ සැකකරුවන් 13 දෙනෙකු රඳවා පොලිසිය සහ කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ සිදු කරයි.
 
මෙම සැකකරුවන් 13 දෙනා හැරුණු විට තවත් සැකකරුවන් 4 වනාතවිල්ලූව ප‍්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඔවුන් කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව හරහා පරික්ෂණ මෙ වන විට ක‍්‍රීයාත්මක වෙයි.
 
5 වැනි සැකකරු රෝගාතුරු වි ඇති බව බන්ධනාගාර නිලධාරියෙකු විසින් මහෙස්ත‍්‍රාත්වරයාට දැන්විය.
 
එහිදි පොලිසිය මගින් ජනවාරි 20 වැනි දින අත්අඩංගුවට ගනු ලැබු පුත්තලම ප‍්‍රදේශයේදි අවි ආයුධ සමග කොටු වු තරුණයන් සිව් දෙනාගේ කටයුතු වලට යොදා ගත් බව කියන 2855 වෑන් රථයක් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
 
පොලිසිය පැවසුයේ අදාල වෑන් රථය සැකකරුවන් විසින් වෙනත් පුද්ගලයෙකුට විකුණා තිබියදි කුරුනෑගල කැකුලගොල්ල ප‍්‍රදේශයේදි සොයා ගත් බවයි.
 
පසුගිය පෙබරවාරි 13 වැනි දිනයේ මෙම සිද්ධියේ නඩු විභාගයේදි අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුව මගින් මහෙස්ත‍්‍රාත්වරයාගෙන් ඉල්ලීමක් කරමින් කියා සිටියේ සිව් දෙනෙකුගේ බන්ධනාගාරයේදි ප‍්‍රකාශ සටහන් කර ගැනිමට අවශ්‍ය අවසරය අධිකරණය මගින් ලබා දෙන ලෙසයි.
 
එම නඩු දිනයේදි මහෙස්ත‍්‍රාත්වරයාගෙන් කොන්දෙසි හරහා එම අවසරය ලැබුණු අතර සැකකරුවන් වෙනුවෙන් පෙනි සිටි නිතිඥයින් දෙදෙනා විසින් අද 27 අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් අදාල අවසරය ලැබිමෙන් පසුව සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරිමේදි බැන තර්ජනය කර සිර ගත වි ඇති අයගෙන් ප‍්‍රශ්න කිරිම වැරදි සහගත වන ලෙස ඔවුන්ගේ මිනිස් අයිතින් වලට හානියක් වන ලෙස සිදු කර ඇති බවටයි. 
 
මෙම අවස්ථාවේ මෙ සිද්ධියට අදාලව මාවනැල්ල නිතීඥ මණ්ඩලයම නැගිට සැකකරුවන්ට විරුද්ධව පෙනි සිටි අතර එහිදි අධිකරණයේදි නිතිඥයන් දෙපිරිස විසින් අධිකරණයට කරුණු වාර්තා කරන ලදි. ඒ අතර පොලිසිය, බන්ධනාගාරය කොළඹ අපරාධ පර්යේෂණ දෙපාර්තමේන්තුවෙන් පැමිණි නිලධාරින්ද විය. 
 

 



අදහස් (1)

මාවනැල්ල බුදු පිළිම කැඩීමේ සිද්ධියේ සැකකරුවන් 13 වැනිදා තෙක් රිමාන්ඩ්

ravi Wednesday, 27 February 2019 11:25 AM

හොඳයි ..! ඒ වගේම බෞද්ධ ප්‍රතිපත්ති කඩකරන චීවරධාරීන් සහ උපාසක මහත්තුරු ගැනත් සලකා බැලුවා නම් හොඳයි නේද?

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 762 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site