IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


චොකා මල්ලීගේ ඉල්ලීම සලකා බැලීම 7 දා

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
 

මරණ දඩුවම් නියමව සිටින තේරීපත් වූ  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රත්නපුර දිස්ත්‍රික්  පාර්මේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙනවාද නැත්ද  යන්න පිළිබද අතුරු නියෝගය ලබන සදුදා (07) ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය අද (04)  තීන්දු කළේය.
මහමැතිවරණයෙන් තේරී පත් වූ  තමාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීමට අවසර දෙන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මරණ දඬුවම නියම වී සිටින රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ රිට් පෙත්සම අද(04) අභියාචනාධිකරණය සභාපති විනිසුරු ඒ.එච්.එම්.ඩී නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන් ගෙන් යුතු ද්වි පුද්ගල. අභියාචනාධිකරණ මඩුල්ලක් හමුවේ මේ වනවිට සලකා බැලමින් අභියාචනාධිකරණය මෙම නියෝගය එදිනට කල් තැබිණි.
 
එසේම පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරනවාද නැත්ද යන තීන්දුවද එදිනට ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය.

පෙත්සම්කාර චූදිත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අභියාචනාධිකරණය හමුවේ කරුණු දැකවීය.
ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කියා සිටියේ තම සේවාදායකයා පාර්ලිමේන්තු රැස්වීම් වලට රැගෙන යාම බන්ධනාගාර බලධාරීන් ප්‍රතික්ෂේප කිරීම නීතියට පටහැනි බවය.

එබැවින් ⁣මහජන ඡන්දයෙන් තේරී පත් වූ සිය සේවාදායකයාට පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී වීමට අවසර දෙන නියෝගයක් වගඋත්තරකරුවන් වෙත නිකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
 
නීතිපති වෙනුවෙන්  කරුණු දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියේ පෙත්සම්කාර චූදිත මන්ත්‍රීවරයාට දැනටමත් මරණ දඩුවම නියමව ඇති හෙයින් එවැනි චූදිතයෙකුට පාර්ලිමේන්තු යාමට නීතිමය ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සදහන්ව නොමැති බවය.
 
 ප්‍රේමලාල් ජයසේකර මහතා ගොනු කළ මෙම  රීට් පෙත්සමේ වගඋත්තරකරුවන්  ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය, වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා නම් කර ලැබ සිටිති.

අපෙත්සම්කරු කියා සිටින්නේ, මිනීමැරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු තමන්ට රත්නපුර මහාධිකරණය මඟින් මරණීය දණ්ඩනය නියම කළ බවත්, එම දඬුවමට එරෙහිව තමා අභියාචනාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවය.



අදහස් (2)

චොකා මල්ලීගේ ඉල්ලීම සලකා බැලීම 7 දා

Nihal Friday, 04 September 2020 10:09 AM

මනුෂ්‍ය ඝාතකයන් පාර්ලිමේන්තු පැමිණ කුමක් කරන්නද?

:       0       1

Bamunuarachchi Saturday, 05 September 2020 10:57 AM

සාමාන්‍යයෙන් මිනීමරුවෙක් ඉල්ලීම් කරන්න මරන්න, ගෙනියන්න සූදානම් කරනවිට නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 178 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2064 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1584 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site