IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ෆොන්සේකා බලන්න විජයදාස රාජපක්ෂ නාවික හමුදා කඳවුරට

සරත් ෆොන්සේකා අත්අඩංගුවට අරගෙන ගියේ කොහාටද කියලා අපි පස්සේ තමයි දැනගත්තේ. සරත් ෆොන්සේකා එක්ක රවුෆ් හකීම් ඇතුළු පිරිස සාකච්ඡා කරමින් ඉන්න කොට තමයි එකපාරටම හමුදාවෙන් ඇවිත් තියෙන්නේ. මානවඩු කියන හමුදා නිලධාරියා ඇතුළු පිරිසක් තමයි සරත් ෆොන්සේකාව ගන්න ඇවිත් තියෙන්නේ. රවුෆ් හකීම් මට මේ සිදුවීම පස්සේ දවසක විස්තර කළා.


 හමුදා නිලධාරීන් පිරිසක් ඇවිත් ඉන්නවා කියලා සරත් ෆොන්සේකාගේ ආරක්‍ෂාවට ඉඳපු කෙනෙක් ඇවිත් කිව්වා ඇතුළට එන්න දෙන්න කියල ඔහු කිව්වලු. ඒ අය ඇතුළට ඇවිත් ඔය මානවඩු කියන නිලධාරියා සරත් ෆොන්සේකාට කියලා තියෙනවා එයාලා අපේ සරත් ෆොන්සේකාව අත්අඩංගුවට ගන්න කියලා. 


ඒ කතාව කියපු ගමන් සරත් ෆොන්සේකා ඒ නිලධාරීන්ට හොඳටම බැණ වැදිල තියෙනවා. ඒ එක්කම මොකක් හරි දේකට සරත් ෆොන්සේකා පහත් වෙලා තියෙනවා. හමුදා නිලධාරීන් හිතල තියෙන්නේ ෆොන්සේකා නැමුණේ ආයුධයක් වගේ මොකක් හරි ගන්න කියලා ඒ නිසා පැනපු ගමන් හමුදා නිලධාරියෝ ටික ෆොන්සේකාව අල්ලාගෙන අල්ලගත්තු ගමන් උස්සගෙන වගේ  එළියට අරගෙන ගිහින් තියෙනවා.

 

එක්සත් ජාතික පක්ෂය මැදිහත් වෙලා ඒ අවසරය අරගෙන දුන්නත් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන්නේ නැතුව හංසයා ලකුණෙන් තරග කරන්න ගියා. ජනතා විමුක්ති පෙරමුණත් එයාට සහය දුන්නා. අර්ජුන රණතුංග, ටිරාන් අලස් වගේ පිරිසත් ෆොන්සේකා එක්ක එකතු වුණා.


 ෆොන්සේකාත් අරගෙන යන්න නොදී ගොඩක් දඟලලා තියෙනවා. බැරිම තැන ඇදගෙන වගේ ඇවිත් තමයි ෆොන්සේකාව වාහනේට දාගෙන තියෙන්නේ. එතන ඉඳපු අනික් අයත් ඒ පස්සෙන් ගියාට ඒ අයට කරගන්න දෙයක් තිබිලා නෑ.


අපිට පස්සේ ආරංචි වුණා ෆොන්සේකාව නාවික හමුදා කඳවුරට අරගෙන ගිහින් කියලා. පස්සෙන්ද, අපි නීතීිඥ සහාය එහෙම අරගෙන ෆොන්සේකාව බලන්න යන්න උත්සාහ  කළා. ඒත් ඔහුව බලන්න අවසර දීලා තිබුණේ අනෝමා ෆොන්සේකාටයි. නීතීඥවරයෙකුටයි විතරයි. ඒක නිසා අනෝමා ෆොන්සේකා එක්ක සරත් ෆොන්සේකාව බලන්න ගියේ විජයදාස රාජපක්‍ෂ.


ඔය විදියට ෆොන්සේකාව අත්අඩංගුවේ ඉන්න අතරේ නඩුවක් ගියා. මේ අතරතුර 2010 පාර්ලිමේන්තු මැතිවරණයත් ආවා. එක්සත් ජාතික පක්‍ෂයේ බොහෝ දෙනෙකුගේ යෝජනාව වුණේ සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කළ යුතුයි කියලා. ඒත් ඒකට ෆොන්සේකා කැමති වුණේ නෑ. අත්අඩංගුවේ ඉන්න කෙනෙක් නිසා ඔහුට නාමයෝජනා පත්‍රය අත්සන් කරන්න අධිකරණ අවසරයක් ඕන වුණා. රනිල් වික්‍රමසිංහ විජේදාස රාජපක්‍ෂට පැවරුවා ෆොන්සේකාට නාමයෝජනා පත්‍ර අත්සන් කරන්න අවශ්‍ය අධිකරණ අවසරය අරගන්න කටයුතු කිරීම. රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි විජේදාස රාජපක්‍ෂ අධිකරණයේ අවසරය ගත්තේ නැත්නම් ඒ මැතිවරණයට තරග කරන්න ෆොන්සේකාට ලැබෙන්නෙ නෑ.


එක්සත් ජාතික පක්ෂය මැදිහත් වෙලා ඒ අවසරය අරගෙන දුන්නත් සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග කරන්නේ නැතුව හංසයා ලකුණෙන් තරග කරන්න ගියා. ජනතා විමුක්ති පෙරමුණත් එයාට සහය දුන්නා. අර්ජුන රණතුංග, ටිරාන් අලස් වගේ පිරිසත් ෆොන්සේකා එක්ක එකතු වුණා. එහෙම තරග කරලා ඒ අයට දිනාගන්න පුළුවන් වුණේ ආසන සුළු ප්‍රමාණයක්. ෆොන්සේකා කල්පනා කළේ එක්සත් ජාතික පක්‍ෂයෙන් තරග නොකර ජනාධිපතිවරණය තරග කළා වගේ හංසයා ලකුණෙන් තරග කළාම ජනාධිපතිවරණයේදී සහාය දුන්නු එක්සත් ජාතික පාක්‍ෂිකයන් සියලු දෙනා මහ මැතිවරණයේදීත් එයාලට සහයෝගය දේවි කියලා. ඒත් එහෙම දෙයක් සිද්ධ වුණේ නෑ. ඒ අය ඉදිරිපත් කරපු අයගෙන් කීප දෙනාටයි දිනන්න පුළුවන් වුණේ. 


මේ සිදුවීම නිසා එක්සත් ජාතික පක්‍ෂයටත් යම් ප්‍රශ්න ඇති වුණා. සරත් ෆොන්සේකා එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරු අපේ සංවිධායකයින් එහෙම ඔහු  ළඟට ගන්න උත්සාහ කළා. මේක අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න ගත්තම අපිට නීතියක් දාන්න සිද්ධ වුණා. එහෙම එකතුවෙන ඕන කෙනෙක් පක්‍ෂයෙන් නෙරපනවා කියලා.

 

තව කොටසක් ලබන සතියට

 

 

 

ප්‍රියන්ත
කොඩිප්පිලි



අදහස් (0)

ෆොන්සේකා බලන්න විජයදාස රාජපක්ෂ නාවික හමුදා කඳවුරට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 64 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site