‘‘පරිසර සංරක්ෂණයේදී අද ශ්‍රී ලංකාව මුහුණ දී සිටින බරපතළම අභියෝගය සිදුවන මහා වන විනාශයයි. අපේ රටේ මේ වනවිට තියෙන වන ඝනත්වය සියයට 28යි. මේ වන ඝනත්වය සෑම වසරකම සියයට එකයි දශම පහකින් අඩු වෙනවා’’.
වන සංහාරය කෙරෙන තරම ගැන ඒ තොරතුරු රටට අනාවරණය කරනු ලැබුවේ රටේ පරිසර අමාත්‍යවරයා මෙන්ම ප්‍රධාන පුරවැසියා ද වන ජනාධිපතිවරයා විසිනි. එ් මහතා ඒ බව හෙළි කළේ 2019 පෙබරවාරි 14 වැනිදා අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් පරිසර සමුළුව අමතමිනි. ජනාධිපතිවරයා ඒ සමුළුව අමතමින් කළ කතාව පෙබරවාරි 16 වැනිදා ලංකාදීපයේ පළ විය.
මෙරට කාලගුණික හා දේශගුණික විපර්යාස පිළිබඳ බරපතළ කරුණු ඇතුළත් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මෑතකදී නිකුත් කෙරිණි. ඒ වාර්තාවෙන් අනාවරණය කර ඇත්තේ කාලගුණික හා දේශගුණික විපර්යාස අතින් බරපතළ තත්ත්වයක් උදාවන ලොව දෙවැනි රට ලංකාව වන බවයි. එනම් බරපතළකමින් දෙවැනි තැන ශ්‍රී ලංකාවට හිමි වන බවය.
ජනාධිපතිවරයා අනුරාධපුරයේදී කී හැටියට මේ වන සංහාරයට බරපතළ ප්‍රශ්නයක්ව තිබෙන්නේ දම්වැල් කියත් හෙවත් චේන්ෂෝ ය. එහෙයින් ඒවා ළඟම පොලිසියේ ලියාපදිංචි කළ යුතු බවට තමා නීතියක් පැනවූ බව ද ජනාධිපතිවරයා කියයි. එය මින් පෙර කිසිදු ආණ්ඩුවක් නොගත් රැඩිකල් තීන්දුවක් බව ජනාධිපතිවරයාගේ අදහසයි. දම්වැල් කියත්වලින් සිදුවන වන සංහාරය ඉතා බරපතළ හෙයින් ඒවා මෙරටට ගෙන්වීම නතර කිරීම තම බලාපොරොත්තුව වන බව ද ජනාධිපතිවරයා අනුරාධපුරයේදී පැවසුවේය. පරිසර සංරක්ෂණය සඳහා මේ අයුරින්ම ඇස්බැස්ටස් තහනම් කිරීමට ද ජනාධිපතිවරයා මුලපිරූ බව රටේ ජනතාවට මතක ඇතිවා නිසැකය.
ඉහළ යන පරිසර සංහාරයෙන් අත්පත් කරගත හැකි ප්‍රබලතම ප්‍රතිඵලය දුගී භාවය බව ජනාධිපතිවරයා ද පිළිගනියි. ගහ කොළ වැනසීමෙන් නියඟයත් ඒ නියඟය හේතුවෙන් අහේනියත් උදාවෙන බව ජනපති පිළිගනියි.
ජනාධිපතිවරයාගේ ඒ ස්ථාවරය, නිගමනය සහ තක්සේරුව නිවැරැදි බව ඉහ මොළ සහ සිහි බුද්ධිය තිබෙන කාටත් පිළිගත හැකි බව අවිවාදිතය. තුරුලතා වනසන්නන් සහ වනසන රටවල් දුප්පත් වන්නේ ආර්ථික වශයෙන් පමණක් නොව ආධ්‍යාත්මිකව ද ඔවුහු දුප්පත් වෙති. තුරුලතා වවන්නෝ ආර්ථික වශයෙන් සේම ආධ්‍යාත්මික වශයෙන් ද පොහොසත් වෙති. මක් නිසාද යත් එය මිහිකත සනසන අපූර්ව පින්කමක් වන බැවිනි. සොබා දහමේ පවතින දාන සහ ප්‍රතිග්‍රහණ (give and take) රීතිය මත තුරුලතා වවන්නෝ එලොවත් මෙලොවත් සැනසෙති. ඒ ‘‘යා දිසං වපතේ බීජං තාදිසං හරතේ ඵලං’’ තමන් නෙළාගන්නේ වපුරන දේය යන බුදු දහමට ද අනුකූලවය. තුරුලතා වැවීම සොබා දහමට කරන සත්කාරයකි. එලෙස සත්කාර කරන්නන්ට සොබා දහම ද පෙරළා කෘතගුණ සලකයි. ඒ බව බුද්ධ දේශනාවේද සඳහන් වෙයි.
සංයුක්ත නිකායේ ආදිත්ත වග්ගයේ එන වනරෝප සූත්‍රය ඊට කදිම නිදසුනකි. එහි සඳහන් අන්දමට දේවතාවෙක් බුදු පියාණන් කරා එළඹ මෙසේ අසයි.
‘‘දහවලුත් රාත්‍රියේත් හැමවිටම පින් වැඩෙන්නේ කාගේද? සුගතියට යන දහම කුමක්ද? එහි පිහිටියෝ කවරහුද? සිල්වත්තු නම් කවරහුද?
දේවතාවාගේ ඒ ප්‍රශ්නවලට බුදු පියාණෝ මෙසේ පිළිතුරු දෙති.
‘‘ආරාම රෝපා වන රෝපා - යේ ජනා සේතු කාරකා
පපඤ්ච - උදපානඤ්ච - යේ දදන්ති උපස්සයං’’
මතු දැක්වෙන්නේ ඒ බුද්ධ දේශනාවේ තේරුමයි.
යමෙක් අනුන්ට වැඩ පිණිස මල් වතු, පලතුරු වතු, උයන් වතු වවන්නෝ ද ලී දඬුවලින් ප්‍රයෝජන ගන්නා පුද්ගලයන් සහ මුව ගෝන ආදී වන සතුන්ට නිරුපද්‍රිතව වාසය කිරීම සඳහා මහ ගස්වැල් සහිත වන ලැහැබ් වවන්නෝ ද ඒදඬු පාලම් ආදිය කරවන්නෝද පැන්හල් වැව් පොකුණු කරවන්නෝ ද වාසස්ථාන පිළියෙල කොට දෙන්නෝද ඔවුහු දහමේ පිහිටි සිල්වත්හු වන්නාහ. දිවා රෑ දෙකෙහිම පින් වැඩෙන්නේ ඔවුන්ගේය. මරණින් මතු දෙව්ලොව යන්නෝ ද ඔවුහුමය.
මේ බුදු දහමට අනුව තුරුලතා වැවීම සිල් රැකීමකි, දහමෙහි පිහිටීමකි. දහම විසින් රකිනු ලබන්නේ දැහැමියා ය. (ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී) පරිසර හා වන සංරක්ෂණය පිළිබඳ මෙය කොතරම් උතුම් දහමක්ද?
ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් බව කියන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තියේ සඳහන් වන්නේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානයක් පිරිනමන බව සහ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීම විය යුතු බවය. සසුන රැකෙන්නේ දහම සහ දසුන රැකීමෙනි. රජය දහම සහ දසුන රකින්නේ නම් ජනාධිපතිවරයා කියන හැටියට වන ඝනත්වය සෑම වර්ෂයකම සියයට එකයි දශම පහකින් අඩුවන්නේ කෙසේ ද?
රටේ පරිසර අමාත්‍යවරයා ද ජනාධිපතිවරයාමය. ජනාධිපතිවරයා බිහිවූයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙනි. එහි සෝමාවතිය සහ මාඳුරුඔය රක්ෂිතවලත් ජල ගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේත් අක්කර දහස් ගණනින් වැනසෙයි. වනය වනසා කුඹුරු අස්වද්දයි. ඒ සියල්ල කෙරෙන්නේ දේශපාලන රැකවරණවල මහිමයෙනි. එහෙයින් ඒ විනාශයට එරෙහිව පියවර ගත යුත්තෝ මර නින්දේය. ඇතැම් නිලබලධරයෝ වන සංහාරකයන් සමඟ සහවාසයේ ය. වනරෝප සූත්‍රයේ සඳහන් දහමට අනුව සිල්වතුන් වන්නේත් මරණින් මතු දෙව්ලොව යන්නේත් තුරුලතා වවන්නෝ නම් තුරුලතා නසන්නෝ සහ ඔවුනට රැකවරණ සලසන්නෝ යන්නේ අවීචි මහ නරකාදියට මිස වෙන කොතැනකටද?
ජනාධිපති අනුර කුමාර දිසානායක සිය රජයේ වඩාත් වැදගත් ව්‍යාපෘතිය වූ “පිරිසුදු ශ්‍රී ලංකාවක්” වැඩසටහන 2025 වසර ආරම්භයේ දියත් කරනු ලැබුවේ, ජනාධිපති ලේකම් කර
ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලුතින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූ
2024 වර්ෂය ආර්ථික ජයග්‍රහණ ගණනාවක් අත්කරගත් වසරක් ලෙස සැලකිය හැකි වේ. ඒ මන්ද යත් ඊට වසර දෙකකට මත්තෙන් ලාංකික ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය හ
මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක්
ශ්රී ලංකාවේ ආර්ථික කටයුතු සඳහා පළාත් මටට්මින් ලබා දෙන දායකත්වය අනුව බස්නාහිර පළාත ඉදිරියෙන් සිටී. පළාත් සංවර්ධනය තුළ විසමතා පවතී. අනෙක් පළාත් නිපදවන
රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරි
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
බුදුන් වහන්සේ වදාළ පරිසර රක්ෂණය
Nishantha Monday, 25 March 2019 08:56 AM
වැදගත් ලිපියක්