මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක සිසුවකු විසින් එල්ල කරන ලද පිහි පහරකින් මාතර නගරයේම තවත් ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන 19 හැවිරිදි සිසුවකු මියයාමේ සංවේග දනවන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය. පාසල් බිමේ ඇති වූ ගැටුමකින් පසුව නවය ශ්‍රේණියේ සිසුවකුගෙන් පහර කෑ උසස් පෙළ පන්තියේ ඉගෙනුම ලබන පාසලේ ශිෂ්‍ය නායකයකු ද වන සිසුවකු මිය යාමේ පුවත ද අප පුවත්පත වාර්තා කරනු ලැබුවේ පෙර පුවත වාර්තා කළ දිනයේදීමය.
අපගේ අවධානය යොමු වන්නේ පශ්චාත් මරණ පරීක්ෂණය වෙත නොව, රට යන අත ඉඟි කරන මෙබඳු සිදුවීම් හරහා නිකුත් කෙරෙන සංඥාව දෙසය. එම සංඥාව එයට හිමි නිසි බරින් හඳුනා ගත යුතුය. නොඑසේ නම් මේ රට යළි ගොඩගත නොහැකි තරමට මහා විශාල ප්‍රපාතයකට ඇද වැටෙනු ඇත.
දෙනෝදාහක් ජනී ජනයා ඉදිරිපිටදී සම වයසේ පාසල් සිසුවකුට පිහියෙන් ඇන මරා දැමීමට තරමටම සිසු හදවත් දරුණු වූයේ කෙසේද? පාසලේදී මතු වූ ප්‍රශ්නයකින් අනතුරුව මාරාන්තික තුවාල සිදුවන තරමට දබර කර ගැනීමට සිසුන් පෙළඹීම කවර කාරණයක් මත සිදුවන්නක් ද?
අප පුවත්පත වාර්තා කළ තවත් ප්‍රවෘත්තියකින් කියැවුණේ කොළඹ ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුන් පිරිසක් විදුහල් බිමේදීම සිසුවකුගේ අත කැඩෙන්නට පහර දී ඇති බවය. මෙම පහරදීම සිදුවන අවස්ථාවේ ගුරුවරුන් හා ශිෂ්‍ය නායකයන් පිරිසක් ද එහි සිට ඇතැයි අප ප්‍රවෘත්තියේ සඳහන්ය. ශිෂ්‍යයාට පහරදීමට ශිෂ්‍යයන් විසි දෙනකු පමණ එක් වී ඇතැයි ද අප ප්‍රවෘත්තිය කියයි.
එම ප්‍රවෘත්තියේ සඳහන් වන අනෙක් කරුණ වන්නේ ශිෂ්‍යයන්ට මෙසේ පහර දී මුදල් කොල්ලකෑමේ සිදුවීම් 29ක් සම්බන්ධ පැමිණිලි මේ වසරේ ගතවූ කාලය තුළදී පොලිසියට ලැබී ඇති බවය. පාසල් තුළත් පාතාල මාෆියා කල්ලි නිර්මාණය වී ඇතැයි සැක කළ හැකි මෙබඳු පන්නයේ සිදුවීම් කොළඹ ඉහළ පැලැන්තියේ පාසල් වෙතින් වරින්වර වාර්තා වේ.
ගම හා නගරය යනුවෙන් බෙදීමකින් තොරව මෙරට සිසු පරපුර බරපතළ ව්‍යසනයකට ගොදුරු වී තිබෙන බව ඉඳුරාම ප්‍රත්‍යක්ෂව ඇති සත්‍යයකි. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ, අපරාධ හා අපචාරවලට ගොදුරුවන පාසල් ළමයින්ගෙන් බහුතරයක් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇති බවය. අප දරුවන්ගේ ඉරණම ලියැවෙමින් තිබෙන්නේ කොතරම් සාහසික ආකාරයෙන් ද යන්න පැහැදිලිය.
ඉතිහාසය මඟ නතරව සසලව ඉකි ගසන තරමට ඛේදනීය සිදුවීම් එකක් පසුපස එකක් වශයෙන් වාර්තාවෙමින් තිබේ. එක් පුවතකින් කියැවුණේ පුතුගේ පොලු පහරින් මව හා පියා මිය ගිය බවය. සිය තරුණ දියණිය මරා මළ සිරුර පුළුස්සා නිවෙසට වී සිටි වියපත් අම්මා කෙනකු සම්බන්ධ ප්‍රවෘත්තිය මෙයට දෙතුන් මසකට ඉහතදී ය. පියාගේ පොලු පහරින් මියගිය පුත්‍රයන් සම්බන්ධ පුවත් ද දියණියගේ පොලු පහරින් මියගිය පියකු සම්බන්ධ පුවතක් ද වාර්තා වූයේ දෙතුන් සතියකට ඉහතදී ය.
බුදුන් පහස ලද, පන් දහසක් කල් සස්න රක්නා රට යැයි විරුදාවලි ලත් නයන පිනවන මේ රන් දිවයින චිකාගෝවක් බවට පත්වී තිබේ. ‘‘මිනිසා නොහදා රට හදන්නට බැරි’’ යැයි ඒකාන්ත වශයෙන්ම පිළිගත් සමාජයක මිනිසා හැදීම ආරම්භ කළ යුතු පාසල් පද්ධතිය සම්බන්ධයෙන් කොන්දේසි විරහිතව කම්පාවට පත්විය යුතුය. මේ රට මේ තත්ත්වයට පත් විය යුතු රටක් නොවන බව විවාදයකින් තොරය. එහෙත් රට හදන තැන මස් පිඬු ප්‍රදර්ශනාගාරයක් බවට පත්වූ පසු ජනතාව වෙනුවෙන් පිහි රැගෙන මැති සබය මැදට පැන ප්‍රතිවාදියාගේ ඇඟ මස උදුරා ගැනීමට උත්සාහ කරන විට, රටේ තුන්වැනි පුරවැසියා වන කතානායකවරයාට මිරිස් කුඩු ප්‍රහාර එල්ලවන තත්ත්වයක ඒවා ආදර්ශයට ගෙන ජනතාව ද ඒ මාර්ගයේම ගමන් කරන්නේ දැයි සැකයකි.
කෙසේ වෙතත් නිර්මාණය වී ඇති ඛේදනීය තත්ත්වයට මවුපියන් වගකිව යුතුය. පාසල් ප්‍රධානීන් ඇතුළු ගුරුවරුන් වගකිව යුතුය. වඩාත් යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරන පුරවැසියන් මේවාට වගකිව යුතුය. පාලකයන් වග කිව යුතුය. සමස්ත සමාජයම එකවිටම එක්ව මෙම අර්බුදයට උත්තර සෙවිය යුතුය. නැතහොත් රටක් වෙනුවට නරකාදියක් බිහි වනු ඇත.
මන්නාරම සහ පූනරින් හි ඉදිකිරීමට යෝජිතව තිබූ අදානි සුළං බලාගාරවලින් ජනනය වන සෑම කිලෝවොට් පැයකම බලශක්ති ගාස්තුව ඇමරිකානු ශත 5.50 ට වඩා අඩු මට්ටමකට සකස් කළ
මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විව
කෘතහස්ත දේශපාලඥයකු හා විද්වතකු වූ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාගේ 157 වැනි ජන්ම දිනය අදට යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
නව රජය ආරම්භ කළ “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිරිසුදු ශ්‍රී ලංකාවක් පිළිබඳ ජන මනසක් නිර්මාණය කිරීම සඳහා බලපාන සාධනීය කරුණකි. එය හුදෙක්ම පාරිසරික පිරිස
විදුලිය යනු රටක දෛනික ක්‍රියාවලිය පවත්වා ගැනීම සදහා අත්‍යවශ්‍ය සාධකයකි. රට තුළ විදුලි ඇණහිටීමක් සිදුවුවහොත් එයින් රටට සිදුවන පාඩුව අතිවිශාලය. ඒ මගින
මේ දිනවල රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව ඇත්තේ වී සහ සහල් පිළිබඳ ගැටලුවයි. එය වී සහල් සටනක් බවට පරිවර්තනය වෙමින් තිබෙන බවක් පෙනෙන්නට ඇත. රටේ වී වගා කරන ගො
ශ්රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
පාසල් දරුවෝ මරුවෝ වූවෝ කාගේ වරදින්ද
yaha Wednesday, 28 November 2018 02:53 PM
මේවට සම්පූර්ණයෙන්ම මාධ්‍ය වගකිව යුතුයි. දියුණු රටවල මෙවැනි සිදුවීම් වාර්තා කරන්නේ නැහැ. අනිත් එක මේ වගේ අදහස් දාන්න ඉඩ දෙන්න එපා.
Duminda Thursday, 29 November 2018 09:28 PM
මේකට වග කිව යුත්තේ මුදල් පසුපසම යන්නාවූ කිසිම සංස්කෘතියක්, සදාචාරයක් නැති, සමාජ වගකීමක් නැති රාජ්‍ය හා රාජ්‍ය නොවන රූපවාහිනී මාධ්‍ය ව්‍යාපාරයයි. සමාජයට, ළමයින්ට තරුණ පරම්පරාවට නොයෙකුත් සමාජ දූෂ්‍ය චරිත, අපරාධ පමණක්ම පෙන්වන අසීලාචාර අරමුණක් නැති ටෙලිනාට්‍යය තමයි මේ හෙනේට ප්‍රධාන හේතුව... ඒවාට සම්බන්ධ වන බඩවියත පමණක්ම සිතන නළු නිලි හැතිකරයත් මේ අපරාදයේ වග උත්තර කරුවෝයි. දිනකට පැය 3 -4 වටිනා කාලයේ මොල හෝදමින් පෙන්වන මේ දුශ්චරිත ඔවුන්ගේ සිත් සතන් වලට සාමාන්‍යකරණය වී ඇත. ඉතාමත් ජනප්‍රිය වෙළඳ භාණ්ඩ වර්තමානයේ නොනවත්වාම වෙළඳ දැන්වීම් දමන්නේ අනාගත පරපුරේ මොලවලට ළමා කාලයේ සිට එම වෙළඳ නාම කාවැද්දීම සඳහායි. එලෙසම නොනැවතී දිනපතා දෑස දල්වාගෙන රාත්‍රී නින්දට පළමුව බලන මේ ආදර්ශයෙන් පිරුණු කතා, නින්දේදීද හද තුළ හොල්මන් කරන අතර සුව නින්දකටවත් ඉඩ නොතබයි. ඒවා සාමාන්‍යකරණය වී එම දුශ්චරිත ඔවුන්ගේ පරමාදර්ශී චරිත බවට පත්වේ. ක්‍රම සහ විදි පුරුදු වේ. ඒවා අත්හදා බැලීමට යොමුවේ. දෙමාපියන්ට වැඳීම පවා කරන්න පුරුදු වන්නේ ඉන්දියානු ටෙලෙනාට්‍ය වල මෙන් අමුතුම ක්‍රමයකටයි.
kumar (Gulf) Sunday, 02 December 2018 02:28 PM
දෙමාපියන් වගකිවයුතුය්.
kumar (Gulf) Sunday, 02 December 2018 02:28 PM
දෙමාපියන් වගකිව යුතුයි.