IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


දේශප්‍රේමීන්ගෙන් තිස්සට තර්ජන

තිස්සගේ
මතක
වත-50

යුද්ධයේ සියලු ගෞරවය මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ලැබෙද්දී එක්සත් ජාතික පක්ෂයට ඒකෙ කොටස්කාරයෝ වෙන්න බැරි වුණා. ඒකට හේතුව අපේ අය වරින්වර කරපු ප්‍රකාශ. රටේ විරෝධයක් තිබුණා එක්සත් ජාතික පක්ෂයට.

තොප්පිගල කැලයක් කියපු රනිල් වික්‍රමසිංහගෙ කතාව, ඕන කෙනෙකුට යුද්ධ කරන්න පුළුවන් කියලා කියපු ලක්ෂ්මන් කිරිඇල්ලගේ කතාව, කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යනව කියලා කියපු රවී කරුණානායකගේ කතාව වගේම සරත් ෆොන්සේකා ගැළපෙන්නේ සැල්වේෂන් ආමි එකට කියලා කියපු මංගල සමරවීරගේ කතාව වගේ දේවල් නිසා එක්සත් ජාතික පක්ෂය රණවිරුවන්ගේ සටන හෑල්ලු කළා කියලා මතයක් රට තුළ ඇති වුණා. ආණ්ඩුවත් මේවා පාවිච්චි කරලා එක්සත් ජාතික පක්ෂයට පහර දුන්නා.


යුද්ධය ජයග්‍රහණය කරන මොහොතේ රනිල් වික්‍රමසිංහ ලංකාවේ හිටියේ නෑ. එයා නෝර්වේ සංචාරයකට ගිහින් හිටියේ. ඒක නිල සංචාරයක්. යුද ජයග්‍රහණයත් එක්ක ආණ්ඩුවට විශාල මහජන ප්‍රසාදයක් ඇතිවුණා. මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසට ලොකු පිළිගැනීමක් ආවා මේ හරහා.


මේ අතර නෝර්වේ ඉඳල රනිල් වික්‍රමසිංහ ආපහු එන දවසේ ගුවන් තොටුපොළේදී ඔහුට හිරිහැර කරන්න සූදානමක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒක නිසා රනිල් “එයාර්පෝට්” එකට එන වෙලාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් කටුනායකට ගියා. අපි එයාර්පෝට් එකට ගිහින් රනිල් වික්‍රමසිංහ එක්කගෙන එන්න විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට යන්න හදද්දී අපිට ඒකට අවසර දුන්නේ නෑ. එයාර්පෝට් එකේ නිලධාරීන් කිව්වේ ඒකට අවසර දෙන්න බෑ කියලා. අපි බලහත්කාරයෙන් තමයි ඇතුළට ගිහින් රනිල් වික්‍රමසිංහව පිළිඅරගෙන එක්ක ආවේ. අපි එනකොට කටුනායක හංදියේ ටයර් එහෙමත් පුච්චලා පාර අවහිරකරලා තිබුණා. ඒ පාර මඟ ඇරලා වෙන පාරකින් යමු කියලා රනිල් වික්‍රමසිංහයි මමයි එක කාරෙකේ නැගලා මිනුවන්ගොඩ හරහා තමයි කොළඹ ආවේ.
යුද්ධය දිනපු දවසෙ හරියටම කරු ජයසූරියයි මමයි හිටියේ හම්බන්තොට. සජිත් ප්‍රේමදාසගේ ආරාධනයකට හම්බන්තොට එක්සත් ජාතික පක්ෂ ආසන බලමණ්ඩල රැස්වීමට තමයි අපි ගියේ. හම්බන්තොට රැස්වීම ඉවරකරල අපි දෙන්නා එන අතරමඟ යුද ජයග්‍රහණය භුක්ති විඳින මිනිස්සු පාරවල්වලට බැහැලා එකම කලබලයක්. පාරවල්වල කිරිබත් උයලා කන්න දෙනවා. රට පුරාම රතික්‍ද්ක්‍දා පත්තු කරනවා. රටම එකම සැණකෙළියක් වගේ. අපි එන අතරෙ මේ වගේ මිනිස්සු මැද්දෙන් තමයි එන්න වුණේ. ජයසූරිය මට වඩා ටිකක් ඉස්සරවෙලා ගියේ. රත්නපුරේදී යුද ජයග්‍රහණය සමරන මිනිස්සුන්ගේ පෙළපාළියකට මාව මැදි වුණා. මාත් එක්ක පොලිස් ආරක්ෂකයෝ හිටියා. ඒත් පෙළපාලියේ ආපු අය මගේ ජීප් එක වටකරගත්තා. ඒ අය මට විවිධ දේවල් කිය කිය විරෝධය දක්වන්න පටන් ගත්තා. මොකද එක්සත් ජාතික පක්ෂය යුද ජයග්‍රහණයට අකුල්හෙළුවා වගේ මතයක්නේ රටේ ඇතිවෙලා තිබුණේ. මගේ වාහනේට පහර දෙන්න ඒ අය සූදානම් වුණා. මගේ ආරක්ෂක භටයන් දෙන්නා උපක්‍රමශීලීව සෙනඟ මැද්දෙන්ම මාවත් අරගෙන ඉක්මනින් පිටත් වුණා. අපි අතුරු පාරවල්වලින් දාලා කොහොම හරි කොළඹට ආවා.
තව කොටසක් ලබන සතියට.

ප්‍රියන්ත කොඩිප්පිලි

 

නෝර්වේ ඉඳල රනිල් වික්‍රමසිංහ ආපහු එන දවසේ ගුවන් තොටුපොළේදී ඔහුට හිරිහැර කරන්න සූදානමක් තියෙනවා කියලා අපිට ආරංචි වුණා. ඒක නිසා රනිල් “එයාර්පෝට්” එකට එන වෙලාවට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු බහුතරයක් කටුනායකට ගියා. අපි එයාර්පෝට් එකට ගිහින් රනිල් වික්‍රමසිංහ එක්කගෙන එන්න විශේෂ අමුත්තන්ගේ පර්යන්තයට යන්න හදද්දී අපිට ඒකට අවසර දුන්නේ නෑ. එයාර්පෝට් එකේ නිලධාරීන් කිව්වේ ඒකට අවසර දෙන්න බෑ කියලා. අපි බලහත්කාරයෙන් තමයි ඇතුළට ගිහින් රනිල් වික්‍රමසිංහව පිළිඅරගෙන එක්ක ආවේ.



අදහස් (0)

දේශප්‍රේමීන්ගෙන් තිස්සට තර්ජන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 167 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1019 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site