IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


කොවිඩ් සුව වූ පසුවත් ඔබට මේ ලක්ෂණ තියෙනවාද ?

කොවිඩ් - 19 රෝගයට ගොදුරු වන බොහෝ දෙනකු  දින කිහිපයකින් ද, ඇතැමකු සති කිහිපයක් ඇතුළතද නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙති. එසේ වුවත් සුළුතරයක් දෙනකුට හෝ යළි සම්පූර්ණයෙන් සාමාන්‍ය තත්ත්වයට පත් වීමට මාසයකටත් වඩා කාලයක් ගතවන අවස්ථා දක්නට ලැබේ.

මෙම තත්ත්වය, පසු කොවිඩ් සංකූලතා තත්ත්වය (Post COVID Conditions) ලෙසින් හඳුන්වා දිය හැකිය.  කොවිඩ් ආසාදනයෙන් දරුණු ලෙස රෝගී තත්ත්වයට පත්වූ පුද්ගලයන් වගේම ඉතා සුළු රෝග ලක්ෂණ දැක්වූ හා කිසිදු රෝග ලක්ෂණයක් නොදැක් වූ පුද්ගලයන්ට පවා මෙම තත්ත්වය ඇතිවීමේ ඉඩකඩක් පැවතීම මෙහි විශේෂත්වයයි.

 පසු-කොවිඩ් තත්ත්වයේදී බහුලව දක්නට ලැබෙන රෝග ලක්ෂණ කිහිපයකි. ඒවා නම්

⦿ හුස්ම ගැනීමේ අපහසුතාව
⦿ තෙහෙට්ටුව
⦿ අවධානය පවත්වාගෙන යාමේ අපහසුතා

මෙම ලක්ෂණ  සුලබව දක්නට ලැබෙන අතර මීට අමතරව,

⦿ ශාරීරික හෝ මානසික වෙහෙසීමකින් පසු අපහසුතාව වැඩිවීම
⦿ කැස්ස
⦿ විටින් විට වේගවත් වන හෘද ස්පන්දනය
⦿ පපුවේ හෝ උදරයේ වේදනාවන්
⦿ හිස කැරකැවිල්ල
⦿ මාංශ පේශි හා හන්දිපත් වේදනාව
⦿ නින්ද යෑමේ අපහසුතා
⦿ ගඳ සුවඳ දැනීමේ වෙනස්කම්

යනාදී විවිධ රෝග ලක්ෂණ ගණනාවක් මේ වනවිට පසු-කොවිඩ් තත්වයට අදාළව වාර්තා වෙමින් පවතී.

කොවිඩ් ආසාදනය සුව වූ පසුවත්, නොයෙක් ශාරීරික සහ මානසික අපහසුතාවන් පැවතීම  රෝගීන්  අතරේ දැකිය හැකි තත්ත්වයකි. බොහෝ විට මෙම රෝග ලක්ෂණ කාලයත් සමග ක්‍රමයෙන් අඩු වී යයි. මෙහිදී ඉතාමත්ම වැදගත් වන්නේ හැකි උපරිමයෙන් විවේක ගැනීමයි. අනවශ්‍ය ලෙස ශරීරය හා මනස වෙහෙස කිරීම රෝග ලක්ෂණ වැඩි වීමට හේතුවක් විය හැකියි . සුවය ලද පසුව එකවරම නොව මුලින්     ගතට වෙහෙසක් නොදෙන අපහසුවක් නැතිව කළ හැකි කාර්යය   තෝරා ගෙන      එදිනෙදා වැඩ කටයුතුවලට ක්‍රම ක්‍රමයෙන් පිවිසීම කළ යුතුයි.  සාමාන්‍යයෙන් ගතට විඩාව දෙන කාර්යයවල නිරතවුන කෙනක් පවා, එක්වරම එයට යොමු නොවී පියවරෙන් පියවර තම ක්‍රියාකාරකම්වලට පිවිසිය යුතුය.   තමන්ට දරාගත හැකි මට්ටමෙන් පමණක් වෙහෙස වීමට ප්‍රවේශම් විය යුතුයි. මෙම කාලය හැකි පමණ විවේකයෙන් සිත සැහැල්ලුවෙන් ගත කිරීම ඉක්මනින් ශරීර සෞඛ්‍යය යථා තත්ත්වයට පත් වීමට රුකුලක් වනවා ඇත. 

කෙසේ වුවත් මෙම රෝග ලක්ෂණ කොවිඩ්-19 තත්ත්වයට අදාල නොවන වෙනත් රෝග නිසාද ඇති විය හැකියි.  එවැනි තත්ත්වයක් පවතීදැයි ඔබට තනිවම හඳුනාගැනීම අපහසු විය හැකියි. කොවිඩ් සුව වීමෙන් පසුවද , ඉහත කී රෝග ලක්ෂණ හෝ වෙනත් අපහසුතා තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි. යමකුට මේ පිළිබඳ ගැටලුවක් ඇත්නම් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ 1999 දුරකතන අංකය පැය 24 පුරාවම විවෘතව පවතී.

ඕනෑම රෝගයක සංකූලතා වලක්වා ගැනීමේ ප්‍රධානම ක්‍රමය වන්නේ, එම රෝගයෙන් හැකි උපරිමයෙන් ආරක්ෂා වීමට කටයුතු කිරීමයි. එය කොරෝනා වයිරස ආසාදනයටත් එකසේම අදාලය.ආසාදන අවදානම අවම කරගන්නට නම්, බෝ වීමේ ඉහළ හැකියාවක් ලබාගෙන සිටින විකෘති වයිරස ප්‍රභේදයක් පැතිරයන අවස්ථාවක, සෞඛ්‍ය ආරක්ෂණ පුරුදු  වෙනදාටත් වඩා සැලකිල්ලෙන් නිවැරැදිව පවත්වා ගත යුතු වේ.

වයස්ගත පුද්ගලයන්ට මෙන් ම කොවිඩ් ආසාදනයෙන් සුළු රෝග ලක්ෂණ පෙන්වූ තරුණයින් අතරේ ද මෙම පසු-සංකූලතා දක්නට ලැබේ. කොවිඩ් මර්දන එන්නත ලබා ගැනීම මගින් මෙම පසු කෝවිඩ් සංකූලතා ඇතිවීමේ අවදානම බොහෝ දුරට අවම කර ගත හැකියි.

මේ වන විට දිවයින පුරා එන්නත්කරණ ක්‍රියාවලිය ඉතා සාර්ථක අන්දමින්  කෙරීගෙන යන අතර නුදුරු දිනයේදීම දරුවන්ද එන්නත්කරණයට ලක් කරනු ඇති. එන්නත ලබා ගත් පසුවද නිවැරැදිව සෞඛ්‍ය පුරුදු දිගටම පවත්වා ගැනීමෙන් සහ සියලුම දෙනා නොපමාව එන්නත ලබා ගැනීම මගින් covid ආසාදනයේ විවිධ  සංකූලතා සමාජය තුළ දක්නට ලැබීම අවම කර ගැනීමට  හැකි වනවා ඇති.    

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තොරතුරු ඇසුරිනි)

- සටහන- මාධවී ධර්මරත්න



අදහස් (1)

කොවිඩ් සුව වූ පසුවත් ඔබට මේ ලක්ෂණ තියෙනවාද ?

hesa Sunday, 26 September 2021 02:41 AM

එන්නත නොගත් අයට අතුරු ආබාධ තියෙනවද

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වනනිලධාරීන්ට ප්‍රහාරයක්
2024 ජුලි මස 27 236 0

පුනරීන් අඩවි වන කාර්‍යාලයේ නිලධාරීන් දෙදෙනකුට ඒම ප්‍රදේශයේ පුද්ගලයකු අඩවි වන කාර්‍යාල භුමියට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම හේතුවෙන් තුවාල ලබා ඒක්


මාසෙ පඩි පත තුට්ටු දෙකට වැටිලා
2024 ජුලි මස 27 552 0

රාජ්‍ය අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය (මූර්ත) සියයට තිස් හයකින්ද අවිධිමත් පෞද්ගලික අංශයේ සේවකයකුගේ වැටුපේ සත්‍ය අගය සියයට විස්සකින් පමණද 2020 - 2024 අතර ක


පොලිස්පති අවුලට ව්‍යවස්ථා සභාවත් උණුසුම්
2024 ජුලි මස 27 1992 2

පොලිස්පතිවරයා පත් කළ ආකාරය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා රැස්වීමේදී අද (26) සිය විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.


ආර්ථිකය හදන ගමන නොකැඩී ගෙන යමු
2024 ජුලි මස 26 769 1

මෙරට ආර්ථිකය නිවැරදි මගකට යොමු කෙරෙන ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත කර ගැනිමට සහාය වූ පාර්ලිමේන්තුවේ සියලු දේශපාලන පක්ෂ වෙත සිය ස්තුතිය පළ කරන බ


සුමන්තිරන්ලා වෙනත් පක්ෂයක එල්ලෙති
2024 ජුලි මස 26 3467 6

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන බව එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම් .ඒ සුමන්තිරන් මහතා පැවසීය.


‘‘අගමැතිට නඩු අහන්න කියන්න‘‘
2024 ජුලි මස 26 3431 4

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දෙන නියෝග ක්‍රියාත්මක කිරීමට රටේ ජනාධිපතිවරයා හා ව්‍යවස්ථායකය බැඳී සිටිනවා , පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී එම අධිකරණ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 169 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1162 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site