IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


කොරෝනාවෙන් බේරෙන්න මුහුණු ආවරණ මෙහෙම පළදිමු

කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමේදී නිවැරදිව මුහුණු ආවරණ පැළඳීම ඉතා වැදගත් වේ. පවතින වසංගත තත්ත්වය යටතේ මෙන්ම නවතම තොරතුරු අනුව අප පැළඳිය යුත්තේ මුහුණු ආවරණ එකක්ද, එකකට වඩා පැළඳිය යුතු ද යන්න ඇතැමුන් සිතද්දී තවත් පිරිසක් තවමත් නිවැරදිව මුහුණු ආවරණයක් පළඳින බව නොපෙනේ. කෙසේ වෙතත් පවතින තත්වය අනුව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂාවීමට නම් නිවසින් බැහැරව යන සෑම අවස්ථාවකම නිවැරදි අයුරින් මුහුණු ආවරණයක් පැළඳ සිටීම කළ යුතුය.

මෙහිදී නිසි ප්‍රමිතියෙන් යුත් මුහුණු ආවරණයක් තෝරාගැනීම ද වැදගත් වේ. ඔබ පළඳින්නේ කේ.එන්95 වර්ගයේ මුව ආවරණයක් නම් එය නිවැරදිව මුහුණට සියලු දාර ස්පර්ශ වී ඇති ආකාරයට පළඳින්නේ නම් එය මතින් අමතර මුව ආවරණයක් පැළඳීමේ අවශ්‍යතාවයක් නැත. නමුත් සර්ජිකල් වර්ගයේ මුහුණු ආවරණයක් (Surgical mask) භාවිතයේ දී මුහුණත්, මුව ආවරණයත් අතර හිඩසක් තිබීම දක්නට ලැබේ. ඒ නිසා ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳීමෙන්, ඇතිවන හිඩැස් අවම කරගත හැක. මේ වන විට වෛද්‍යවරුන් ද මෙය වඩා ආරක්ෂාකාරී බව පවසා තිබේ.

රෙදි මුව ආවරණයක් පැළඳීම, කිසිදු මුව ආවරණයක් නොපළඳිනවා ට වඩා ඉතා ආරක්ෂාකාරී ක්‍රමයක් වන නමුත් රෙදි මුව ආවරණයකින් ලැබෙන ආරක්ෂාව එහි ඇති ස්තර ගණන මෙන්ම එය සාදා ඇති අමුද්‍රව්‍ය මත තීරණය වේ. ඒ නිසා ඉතා වැඩි අවදානමක් ඇති අවස්ථාවක, වැඩිපුර ආරක්ෂාවක් අවශ්‍ය විටෙක ඉහත සඳහන් කළ ආකාරයට surgical mask එකක් පැළද ඊට පිටතින් රෙදි මුව ආවරණයක් පැළඳිය හැකි අතර රෙදි ආවරණයක් පමණක් පැළඳීම ප්‍රමාණවත් නොවිය හැක.

එමෙන්ම මුහුණු ආවරණයක් පැළඳ සිටින අවස්ථාවේදී මෙන්ම නොපැළඳ සිටින විටත් මුහුණ ඇල්ලීමෙන් හැකි පමණ වැළකී සිටිය යුතුය.

මුහුණ ස්පර්ශ කිරීමේ අවශ්‍යතාවක් ඇත්නම් එය කළ යුත්තේ සබන් යොදා දෑත් සේදීමෙන් අනතුරුවය. මුහුණු ආවරණය පැළඳ සිටින විට එහි පිටත ස්පර්ශ කිරීම ද ‍නොකළ යුතුය. එමෙන්ම මුහුණු ආවරණය ගෙල ප්‍රදේශයේ රැඳවීමෙන් ද ගෙල, නිකට ආදී ස්ථානවල රැඳුණු විෂබීජ එහි තැවරීමේ අවදානමක් පවතී.

මුහුණු ආවරණය අතරින් හිඩැස් නොපවතින සේ පැළඳීම ද වැදගත් වන අතර එසේ නොකළහොත් නිසි ලෙස පෙරීමකින් තොරව ‍වයිරස් සහිත වාතය ඔබගේ ශරීරයට ඇතුළුවීමේ අවදානමක් මතුවේ. මුහුණ ආවරණය නිවැරදිව පළඳා ඇත්නම් හුස්ම ගන්නා අවස්ථාවේදී මුහුණු ආවරණය හැකිලීම සහ හුස්ම පිටකරද්දි පිම්බීම සිදුවන්නේ නම් ඔබ එය නිවැරදිව පැළඳ ඇත.

(සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය ලබාදුන් තොරතුරු ඇසුරිනි)

ස‍ටහන - ඩයනා උදයංගනී

 



අදහස් (0)

කොරෝනාවෙන් බේරෙන්න මුහුණු ආවරණ මෙහෙම පළදිමු

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31071 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13211 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10946 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 32 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 876 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 263 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site