කබ්රාල්ට රට යන්න බෑ
ශ්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 65 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ විදෙස් ගමන් තහනම් කළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා , ලබන ජූනි මස 7 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් ඔහුට අද (25) සිතාසි නිකුත් කළේය.