විමලසුරේන්ද්‍ර වාන් දමයි නෝටන්බ්‍රිජ් ප්‍රදේශයට (14) දින පපස්වරුවේ සිට ඇදහැලෙන අධික වර්ශාවත් සමග විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන් ගෙන ඇති බව එම ජලාශභාර ඉංජිනේරුවරුවෝ පවසති. 15 May 2026
මෙවර රණ විරු සැමරුමට උතුරු නැගෙනහිර රණවිරු පවුල් දාහත් වැනි ජාතික රණවිරු සැමරුම් උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියසදී අඟහරුවාදා (19) පැවැත්වේ. 15 May 2026
පෑන් පිස්තෝලයක් සමග පින්තාරු බාස් මාට්ටු පෑනක හැඩයෙන් යුත් පිස්තෝල වර්ගයේ ගිනි අවියක් සමග පිංතාරකරුවෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. 15 May 2026
පළාත් රැසකට අදත් තද වැසි ශ්‍රී ලංකාවට ඊසාන් දෙසින් පිහිටා ඇති අඩු පීඩන් කලාපය තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 15 May 2026
අත්තනගලුඔයෙහි ජල මට්ටම ඉහළට පසුගිය පැය කිහිපය තුල ඇද හැලුනු අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම ඉහළ යා හැකි බැවින් ඉදිරි පැය 24 ක් දක්වා වන කාලය පහත් බිම් වල වෙසෙන ජනතාව අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර සිටී. 15 May 2026
ලංවීමෙන් ගිය සේවකයන්ට කෝටි 850ක වන්දි ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලියට සමගාමීව, ස්වේච්ඡාවෙන් විශ්‍රාම යන සේවක සේවිකාවන්ට රුපියල් බිලියන 8.5 ක් හෙවත් රුපියල් කෝටි 850 ක මුදලක් වන්දි ලෙස ගෙවන බව බලශක්ති අමාත්‍යංශය පැවසීය. 15 May 2026
හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන රිමාන්ඩ් පීඩාකාරී අවි ආයුධ තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන දින 30 කාලයක් රැඳවුම් නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය චන්දන කස්ත්‍රිආරච්චි මෙම මස 27වෙනි දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස කැස්බෑව මහේස්ත්‍රාත් කේ.එම් .ජේ. පි. සමරසිංහ මහතා නියෝග කළේය. 15 May 2026
මේ වසර අග එල්නිනෝ අවදානමක් මේ වසර අගදී ප්රබලතම එල්නිනෝ දේශගුණික සංසිද්ධියක් නැවත පැමිණෙනු ඇතැයි පරිසර විද්‍යාඥයෝ අපේක්ෂා කරති 14 May 2026
සියදිවි නසා ගැනීමට අනුබල දීම පෝරකයට යවන වරදක් සාක්ෂිකරුවන්ට සියදිවි නසා ගැනීමට අනුබල දීම, දණ්ඩ නීති සංග්‍රහය අනුව මරණීය දණ්ඩනය ලබාදිය හැකි බරපතළ වරදක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල පැවසීය 14 May 2026
ලබන සතියේ මැතිසබේ වැඩ මෙහෙමයි පාර්ලිමේන්තුව මැයි 19 සිට 22 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ හංස අබේරත්න මහතා පැවසීය. 14 May 2026
බිලියන 13ක වංචාවට සම්බන්ධ ලොක්කෝ අල්ලන්න නියෝග ජාතික සංවර්ධන බැංකුවේ පොදු ලෙජර් ගිණුමෙන් රුපියල් කෝටි 1300ක් (බිලියන 13 ක්) වංචනිකව සොරා ගැනීමට ආධාර අනුබල දුන් බැංකුවේ ඉහළ නිලධාරීන් වෙතොත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා රහස් පොලිසියට (14) නියෝග කළේය. 14 May 2026
සුන්බුන් විපක්ෂය නම් ඒකෙ අය ආණ්ඩුවට ගන්නේ කොහොමද සුන්බුන් විපක්ෂය කියන ගමන් විපක්ෂයේ අය ආණ්ඩුවට ගන්නේ කෙසේදැයි සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ප්‍රශ්න කළේය. 14 May 2026
වැරදි කරන අය සිවුරෙන් ඉවත් කළ යුතුයි කවුරුන් හෝ වැරදි කර ඇත්නම් තරාතිරම නොබලා ඔවුන් සිවුරෙන් ඉවත් කළ යුතු බව රාමාඤ්ඤ නිකායේ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නාහිමියෝ පැවසූහ 14 May 2026
මල්වානේ නිවෙසක් අන්තරේ සිසුහු යැයි කියන පිරිසක් අල්ලා ගනිති හිටපු අමාත්‍යවරයකුට අයත් යැයි කියූ මල්වානේ පිහිටි සමාජයේ මහත් ආදෝලනයකට ලක් වූ නිවෙස අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ සිසුහි පරිසක් මීට සුළු මොහොතකට පෙර අල්ලා ගත්හ. 14 May 2026
’’ෆ්‍රී ලෝයර්ස්’’ ගල් අඟුරු කොමිසමේ පැටිකිරිය ඉල්ලයි ගල් අඟුරු කොමිෂන් සභාවේ කාර්ය පටිපාටිය පිළිබඳ තොරතුරු ඉල්ලා ෆ්‍රී ලෝයර්ස් සංවිධානය ගල් අඟුරු ආනයනය හා බලශක්ති ජනනය සම්බන්ධ විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ ලේකම් ඩී. වී. බන්දුලසේන මහතා වෙත ලිපියක් ඉදිරිපත් කර තිබේ. 14 May 2026
මිනිස්සු බේරෙ වැවට වැටුනට ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ පුද්ගලයන් බේරේ වැවට වැටුණු පමණින් ක්‍රමය වෙනස් නොවන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය. 14 May 2026
හදවත් සැත්කමට දස දහසක් පෝලිමේ රජයේ රෝහල්වල හදවත් සැත්කම් සඳහා දසදහසකට අධික රෝගීන් ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය 14 May 2026
මාමඩල ඝාතන සැකකරුවෝ රිමාන්ඩ් අම්බලන්තොට මාමඩල මොකුටු යාය ප්‍රදේශයේ නිවසක වෙඩි තබා කපා කොටා පුද්ගලයෙක් ඝාතනය කරන ලද සිද්ධියට සම්බන්ධ යයි සැක කරන අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද (14) හම්බන්තොට ප්‍රධාන මහේස්ත්‍රාත් වයි .ආර්.බ්. නෙළුම්දෙනිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව 21 දින හඳුනා ගැනීමේ පෙරට්ටුව තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 14 May 2026
යතුරුපැදි අනතුරින් සිසුවා මරුට පිටිගල ඇල්පිටිය මාර්ගයේ හෙවස්ස හතර කණුව පදේශයේදී යතුරු පැදියක් පාරෙන් ඉවතට පැන පාර අයිනේ තිබූ කුඩා පාලමක ඇන්දක ගැටී එහි ගමන්ගත් පාසල් සිසුවෙක් මිය ගිය බව පිටිගල පොලීසිය කියයි. 14 May 2026
බඹරු ඇන 5ක් රෝහලේ තේ දළු නෙළමින් සිටි වතු කම්කරු කාන්තාවන් පිරිසකට අද (14) එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබූ වතු කාන්තාවන් 5 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහල ඇතුලත් කළ බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරි ඒ.එස්.කේ.ජයසූරිය මහතා පැවසීය. 14 May 2026
නැවත පදිංචි ක්‍රියාවලිය කඩිනම් කරන්න නැවත පදිංචි කිරීම් ක්‍රියාවලිය කඩිනම් කරන්නැයි අනුර කුමාර දිසානායක මහතා බදුල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින් පැවසීය. 14 May 2026
කොළඹ වරායේ ආයෝජනයට අබුඩාබි වරායේ කැමැත්ත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති කලීඩ් නසාර් අල්අමෙරි මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අතර හමුවක් වෙළෙඳ අමාත්‍යාංශයේදී සිදු විය. 14 May 2026
ඉපැරණි බුදු පිළිමයක් විකුණන්න ගිහින් දෙන්නෙක් මාට්ටු පෞරාණික වටිනාකමක් ඇති බවට සැක කරන කිලෝ 54 ක් පමණ වටිනා ඉපැරණි බුදු පිළිමයක් අලෙවි කිරීමට යාමේදී විශ්‍රාමික යුද හමුදා සෙබළුන් දෙදෙනෙකු සැකපිට මහනුවර මුලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 14 May 2026
සයිබර් පනත ’’පොලිෂ්’’ කරයි ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂාව සඳහා වන පරිගණක අපරාධ පනත කාලයට ගැලපෙන ආකාරයට තවදුරටත් ශක්තිමත් කිරීමට රජය තීරණය කර ඇත. 14 May 2026
’’ජේවීපීකාරයෝ හිඟන්නො නෙවෙයි’’ ජාතික ජන බලවේගයේ සාමාජිකයන් ’’හිඟන්නන්’’ පිරිසක් නොවන බවත්, ඔවුන්ගේ වත්කම් සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැනනැගුණු ඒවා නොව විපක්ෂය සහ ඇතැම් කල්ලි විසින් පතුරුවා හරින ලද ඒවා බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි. 14 May 2026
බැංකු පද්ධති සුරකින්න නව රෙගුලාසි මෙරට බැංකු පද්ධතිවල ආරක්ෂාව සඳහා පොදු අවම තාක්ෂණික මට්ටමක් සහ නියාමන රාමුවක් සකස් කිරීම සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවධානය යොමු වී ඇත 14 May 2026
සබරගමු උපකුලපති ධූරයෙන් ඉවතට සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සුනිල් සාන්ත මහතා එම ධූරයෙන් ඉවත් කරනු ලැබ ඇත 14 May 2026
සුළු - මැදි ව්‍යවසායකය රකින උපාය රාමුව එළි දකී සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් දේශීය හා ගෝලීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා වන ’’SME Nexus’’ 2026 ජාතික සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය උපායමාර්ගික රාමුව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධනය අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එළිදැක්විණි. 14 May 2026
බිම වැටුණු කරන්ට් වයරය ඇල්ලු කතට දිවි අහිමිවෙයි ඌරගස්මංහන්දිය මීගස්පිටිය කන්දරකිනා කන්ද ප්‍රදේශයේ නිවසකට විදුලිය ලබාදීමට ඇද තිබූ ප්‍රධාන විදුලි රැහැනකට ගසක අත්තක් කඩා වැටී බිම වැටුණු වයරය ඇල්ලූ කාන්තාවක් විදුලි සැර වැදී මිය ගිය බව ඌරගස්මන්හංදිය පොලීසිය කියයි. 14 May 2026
ගොවියා රකින්න ආ අය ගොවියා විනාශ කරනවා ගොවියා රජකරවනවා කියා බලයට පැමිණි රජය මේ වන විට ගොවි ජනතාව විනාශ කර අවසන් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. 14 May 2026
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026