(එම්.සුසිල් පියන්ත)

ඌරගස්මංහන්දිය මීගස්පිටිය කන්දරකිනා කන්ද ප්‍රදේශයේ නිවසකට විදුලිය ලබාදීමට ඇද තිබූ ප්‍රධාන විදුලි රැහැනකට ගසක අත්තක් කඩා වැටී බිම වැටුණු වයරය ඇල්ලූ කාන්තාවක් විදුලි සැර වැදී මිය ගිය බව ඌරගස්මන්හංදිය පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ඌරගස්මංහන්දිය මීගස්පිටිය රකිනාකන්ද රකිනා පදේශයේ පදිංචි පී දයාවතී නමැති හැත්තෑහතර හැවිරිදි කාන්තාවකි.

ඊයේ (13 )පැවති තද සුළඟකින් ගසක අත්තක් කඩා වැටීමෙන් බිමට වැටී තිබූ වයරය ඇල්ලීමට ගොස් සිටියදී  ඇයට විදුලි සැර වැදී ඇති බවද පොලීසිය කියයි.