සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය නායක ෂෙයික් නායිම් කසීම් මේ බව පැවැසූ අතර, හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලය සමඟ සටන් විරාමයකට යෑමට කැමත්ත පළ කළ පළමු අවස්ථාව මෙයයි.