ශ්රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය
ශ්රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙසින් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17 වැනිදා) තේරී පත්විය. සෙනසුරාදා (16 වැනිදා) පැවැති ජනාධිපතිවරණයේදී ඡන්ද ගණන් කිරීම් අද පස්වරුවේදී නිමාවට පත්වූ අතර පස්වරු 3.45 ට පමණ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා විසින් ජනාධිපතිවරණයේ ජයග්රාහකයා ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කරන ලදි.