විදින තුවක්කුවකින් මසුන් මැරූ විදේශිකයකු අත්අඩංගුවට
විදින තුවක්කුවකින් මහ මුහුදේ මසුන් මරමින් සිටි විදේශිකයෙකු ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ එම විදේශිකයා වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 5ක ශරිර ඇපයක් මත මුදාහැරීමට නියෝග කළ ගාල්ල වැඩබලන මහේස්ත්රාත් ලලිත් පතිරණ මහතා අද (28) දඬුවම් නියම කිරීම ජනවාරි 01 වැනි දිනට කල් තබන ලදී.