රෝග වාහකයන් සමාජගතවීමේ මං අහුරමු
රටේ තත්ත්වය යහපත් නොමැති බව එකක් පසු පස එකක් වශයෙන් පළවන ප්රවෘත්තිවලින් පැහැදිලිය. කොළඹ කෙසෙල්වත්ත, බණ්ඩාරනායක මාවත ආශ්රිත වතුවලින් මෙන්ම වැලිසර නාවික හමුදා කඳවුරෙන් ද කොරෝනා ආසාදිතයන් පොකුරු පිටින් හමුවෙමින් පවතී. පොලොන්නරුවේ ගම්මාන 12ක් හුදකලා කර විසි දෙදාහක් නිරෝධායනයට යොමු කර ඇති බව අප පුවත්පත වාර්තා කළේය. රටේ තත්ත්වය යහපත් නොමැති බවට එම ප්රවෘත්ති වුවද සාක්ෂි වේ.