ශ්රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 523 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි.
තවත් කොරෝනා ආසාදිතයින් 18 ක් වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
අද දිනයේදී වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 63 කි.
මේ වන විට පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් ඇති අතර 120 දෙනකු සුවය ලබා පිටව ගොස් ඇත.

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 505 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි.
ඒ අනුව අද(26) දිනයේදී ආසාදිතයන් 45 දෙනෙකු හඳුනාගෙන තිබේ.
COMMENTS
කණගාටුවෙන් උනත් කියන්න වෙන්නේ ලබන සුමානේ ලෙඩ්ඩු 1000 සිමාව පැනල යනවා...
රටේ වාසනාවකට වගේ පාර්ලිමේන්තු නඩය නැති වුනත් කරුමයකට වගේ තවමත් විපක්ෂයේ හිටපු මන්ත්‍රීන් විකාර කියවනවා. ඒක නිසා රජයේ ක්‍රියාමාර්ග අඩාල වෙනවා. නැත්නම් මේ ආණ්ඩුව කරන දේවල් හරි නිසා තමයි අපි ඇමරිකාව වගේ නොවන්නේ. ඉක්මනටම රටේ තත්වය පාලනය වේවි...
ආයුබෝවෙවා... මහරජාණෙනි, දෙස් විදෙස් ඇස් මවිත කරවයි මහ රජාණෙනි..,
මන් හිතන්නේ චන්දය ඉක්මනටම තබා වසංගත තත්වය නිම කලයුතුයි.
මෙතුවක් කල් සියලු දෙනා කල සියලු කැපකිරීම් ගඟට කැපු ඉනි හා සමාන විය. නිතිය සැමට සාධාරණ වීම කොතරම් වටිනවද යන්න සියලු දෙනා වටහාගත යුතුය. දිස්ත්‍රික් අතර ගමනාගමනය තහනම් කිරීම හේතුවෙන් ගම්වලට යාගත නොහැකිව තවමත් පිඩා විඳින අය සිරව සිටියද නාවික සෙබලුන්ටද එම නිතිය ක්‍රියාත්මක නොවීම මේ දැනට පවතින තත්වයට ප්‍රදානම හේතුවකි.
අලි මඳිවට කොටි කිව්වා වගේ දැන් කුඹුරකට බැහැලාවත් නැති අයට මී උණ හැදිලා දවස් ගානෙන් මරෙනවලු නේද? අපි දන්නා විදියට නම් මී උණ හැදෙන්නේ කලකට පෙර කුඹුරු ආශ්‍රිතව වැඩ කල ඉතාමත්ම සීමිත කොටසකට උනත් මිය ගියෙත් රෝහලකට නොයා ගොඩ වෙදකම් කල නුගත් අය පමණි. ලංකාවේ හරි පුදුම දේවල් වෙනවා නේද?
චන්දයක් උදෙසා නියම ප්‍රතිපල සැඟවීමේ විපාක ඉස්සරහට විදින්න වෙන හැඩයි...
කොරෝනා මනු ලොවට නිරතුරු ගොරෝනා - හැටි බලපන් පුතේ උන්ගේ විරෝනා - අදිටන උගේ ලොව මිනිසුන් මරෝනා - චීන වයිරස කොරෝනා"
කරුණාකර මේ වැඩේ නවත්වන්න. කිසිම ආකාරකින් හමුදාවට හෝ රජයට කරන චෝදනාවක් නොවන අතර නමුත් මෙම වැඩෙන් සමස්ත දරුවන්ව අනතුරෙ හෙළීමක් වී ඇත. කාගේ හෝ ගොන් උපදෙසකට ආසාදිතයැයි සැකකරන හමුදා නිලධාරින් පාසැල් වල තැබීම ඉතා අනුවණ ක්‍රියාවක් වන අතර මෙම කොවිඩ් 19 හී ජීවකාලය තවම හරියට නිශ්චිත කිරීමට නොහැකි වාතාවරණයක් තුළ පාසැල් තුළ සිටින සතුන් මගින් හෝ දරුවන්ට බෝ විය හැකි බව මෙම උපදෙස් දෙන ගොන්නුන්ට නොතේරෙන්නේ ඇයිද?
කොරෝනා තිබුනට කමක් නෑ අපේ හාමුදුරුවනේ පරණ පාර්ලිමේන්තුව අපිට ඕනේ නෑ. අපිට කොහොමහරි ජූනි 20 චන්දේ ඕනේ.
නේවි එකේ අයගේ ප්‍රතිශක්තිය අඩු ඇයි? කෑම වට්ටෝරුව වෙනස් කරන්න.