ඡායාරූප ගනිමින් සිටි තරුණයා සේරඇල්ලට ඇද වැටී අතුරුදන් ලග්ගල පොලිස් බල ප්‍රදේශයට අයත් නකල්ස් භූමියේ පිහිටා ඇති සේරඇල්ලේ ඡායාරූප ගැනීමට ගිය පෙම්වතුන් යුවලකගෙන්, තරුණයා ඇල්ලට ඇදවැටී අතුරුදන්ව ඇතැයිද, තරුණිය තවත් පිරිසක් විසින් බේරා ගෙන ඇතැයිද ලග්ගල පොලිසිය කියයි. 29 June 2020
ඕමානයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ඕමානයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 288 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද 29 දින අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 29 June 2020
කොස්ගොඩ හෝටලයක නිරෝධායනය වෙමින් සිටි 5 කට කොරෝනා විදේශගතව සිට කොස්ගොඩ හිද්දරුවේ පිහිටි සංචාරක හෝටලයක යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් 225 දෙනෙකුගෙන් පස් දෙනෙකුට කොරෝනා වයිසරය ආසාදනයවී ඇති බවට අද (28) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 28 June 2020
එජාපයේ ප්රචාරක කටයුතු නිල වශයෙන් ඇරැඹේ පාර්ලිමේන්තු මහමැතිවරණයට අදාල එක්සත් ජාතික පක්ෂයේ ප්රචාරක කටයුතු නිල වශයෙන් ඇරඹීම පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද (28) පස්වරුවේ ආරම්භ කෙරිණි. 28 June 2020
පාස්කු ප්‍රහාරයෙන් තුවාල ලබා මාස 14 කට පසු නිවසට ගිය තිළිණා පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි තිළිණා හර්ෂණී නැමති 36 හැවිරිදි තිදරු මව මාස 14කට, එනම් වසරකුත් මාස දෙකකට පසු මේ සති අන්තයේ සිය නිවසට පැමිණියාය. 28 June 2020
ලොවපුරා කොරෝනා ආසාදිතයන්ගේ ගණන කෝටිය පනී ලොවපුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන අද (28) කෝටිය ඉක්මවා ගියේය. 28 June 2020
නාකොටික් නිලධාරියාගේ නිවසින් ලක්ෂ 10 ක්-ජීප් රියක් පොලිස් බාරයට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ උප පොලිස් පරික්ෂකවරයා ගේ නිවස පරික්ෂා කළ මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරින් එම සැකකරු ගේ නිවස තුළ තිබූ රුපියල් 940,000ක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සදහා උපයෝගි කර ගත් නවින පන්නයේ ජිප් රථයක් පොලිස් බාරයට ගෙන තිබේ. 28 June 2020
‘දුම්රිය සේවකයෝ වෘත්තීය ක්‍රියා මාර්ගයකට සැරසෙති‘ දුම්රිය ප්‍රවේශපත් නිකුත්කිරීම කාර්යක්ෂම කිරීම සහ දුම්රිය සන්නිවේදන පද්ධතියක් ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය දේශිය සහ විදේශිය පෞද්ගලික සමාගම් දෙකකට ලබාදීමට බලධාරින් කටයුතු කළ හොත් දැඩි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹෙන්නට දුම්රිය සේවකයෝ තීරණය කර ඇතැයි දුම්රිය ලොකොමෝටිව් ඉංජිනියර්ස් රියැදුරු සංගමයේ ප්‍රධාන ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසීය. 28 June 2020
ලොක්ඩවුන් හදිසියේ ලිහිල් කිරීමෙන් බ්‍රිතාන්‍යයේ 30,000ක් මියයන ලකුණු කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනයකිරීම සඳහා බ්‍රිතාන්‍යයට බලපැවැත්වූ ලොක්ඩවුන් තත්වය, නියමිත කාලයට පෙර ලිහිල් කිරීමට ගෙන ඇති තීරණය හේතුවෙන් 30,000ක් පමණ පිරිසක් මියයනු ඇතැයි විශේෂඥවරු අනතුරු අඟවති. 28 June 2020
ගුවන්තොට සංචාරකයන්ට විවෘත කිරීම පමා වෙයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ සංචාරකයන් සදහා විවෘත කිරීම ප්‍රමාද විය හැකි බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. 28 June 2020
ලක්ෂ පහක හෙරොයින් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට රුපියල් ලක්ෂ 5 ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු පැකට් තොගයක් සමග පුද්ගලයකු ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය කියයි. 28 June 2020
පාකිස්තානයේ වාර්තා ගත තෙල් මිල වැඩිවීමක් මූල්‍ය වර්ෂය අවසන් වීමට දින කිහිපයක් තිබියදී වාර්තා ගත අයුරින් ඉන්ධන මිල ගණන් වැඩි කිරීමට පාකිස්තාන ආණ්ඩුව තීරණය කර ඇත. 28 June 2020
බඹර ප්‍රහාරවලින් බේරෙන්න ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් තේ වතු ආශ්‍රිතව වැඩ කරන වතු කම්කරුවන් නිරන්තරයෙන් බඹර ප්‍රහාර වලට ලක් වන නිසා බඹර ප්‍රහාරයට ලක් වන වතු කම්කරුවන්ට බඹර ප්‍රහාරයෙන් බේරිමට ආරක්ෂිත ඇදුම් කට්ටලයක් හදුන්වාදිමට නුවරඑලිය දිස්ත්‍රික්කයේ රාජ්‍යය සේවකයින්ගෙන් සැදුම්ලත් සංගමයක් කටයුතු කර ඇත. 28 June 2020
යාල වන මැද කෝටියක ගංජා හේන් තුනක් වටලයි කතරගම කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් යාල කලාප තුන ගල්ගේ සීමාවේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදී ගංජා හේන් තුනක් වටලා රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති ගංජා වගාවක් විනාශ කරබව කඳවුරු භාර අණදෙන නිලධාරි පොලිස් පරීක්ෂක චමින්ද පල්ලියගුරු මහතා පැවසීය. 28 June 2020
මැදපෙරදිග ලාංකිකයෝ 20,000 ක් රැකියා අහිමිවීම් අනතුරක කොවිඞ් 19 වයිරසය හේතුවෙන් මැදපෙරදිග සේවය කරන ශ්‍රී ලාංකිකයන් අතරින් 20,000 කට ආසන්න පිරිසක් රැකියා අහිමිවීම් ඇතුළු අර්බුදවලට මුහුණ දී සිටිතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. 28 June 2020
කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රනාන්දු කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති ධුරයට දුමිත් ප්‍රනාන්දු මහතා පත් කර ඇත. 28 June 2020
වසරකට කෝටි 25,000 ක් කා දමන පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නැයි කියයි වාර්ෂිකව රුපියල් බිලියන 250 (රුපියල් කෝටි 25,000 ක්) වැයවන පළාත් සභා ක්‍රමය අහෝසි කරන්නැයි හිටපු අමාත්‍යවරයකු වූ මිලින්ද මොරගොඩ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 28 June 2020
තවත් 22ක් සුවය ලබා පිටව යති කොරෝනා ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 22දෙනෙකු සුවය ලබා අද(28) රෝහල්වලින් පිටවගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. 28 June 2020
අංගොඩ ලොක්කාගේ ගෝලයෙක් අත්අඩංගුවට පාතාල නායක අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන පාතාල කල්ලි සාමාජිකයකු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. 28 June 2020
අනවසර ධීවර කර්මාන්තය නවත්වන්නැයි දේවානන්ද ඉන්දියාවෙන් ඉල්ලයි ඉන්දීය ධිවරයින් මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම නැවැත්වීමට ඉක්මණින් කටයුතු කරන්නැයි ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා හමුවී ඉල්ලීමක් කර ඇත. 28 June 2020
අධිවේගී මාර්ගයේ අනතුරකින් 9ක් රෝහලේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව හා බද්දේගම අතර ප්‍රදේශයේදී අද(28) වෑන් රථයක් බස්රථයක ගැටීමෙන් 9දෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති බව අධිවේගි මාර්ගයේ පින්නදුව පොලිස්මුරපොළ පවසයි. 28 June 2020
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරය 10 වැනි වරටත් වෛද්‍ය පාදෙණියට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස යළිත් වරක් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා තේරී පත්වී තිබේ. 28 June 2020
ඇඳිරිනීතීය මුළුමනින්ම ඉවත් කරයි වහාම ක්‍රියාත්මක වන පරිදි අද (28) සිට දිවයින පුරා ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය ඉවත් කිරිමට තීරණය කර තිබේ. 28 June 2020
ඇමෙරිකාවේ කොරෝනා මරණ 125,000 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන ඊයේ 125,000 පසු කර ගියේය. 28 June 2020
බෙලරෑස් හි සිටි ලාංකිකයන් 290 ක් රැගෙන එති ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරෑස් හි රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (28) මින්ස්ක් නුවර ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ . 28 June 2020
චෙක් රාජ්‍යයේ කොරෝනා ආසාදිතයින් වැඩි වෙයි ගිම්හාන නිවාඩු සමය ආරම්භ වීමත් සමග චෙක් රාජ්‍යයයේ කොරෝනා වයිරස ආසාදිතයන් වැඩිවීමට පටන්ගෙන ඇතැයි සෞඛය බලධාරීහු පවසති. 28 June 2020
ලොව පුරා කොරෝනා ආසාදිතයින් මිලියන 9.8 ඉක්මවයි ඇමෙරිකා එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ දත්තවලට අනුව ලොව පුරා නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන මිලියන 9.8 ඉක්මවා ගොස් ඇත. 27 June 2020
ඇමෙරිකාවේ දිනක් තුළ වැඩිම කොරෝනා රෝගීන් වාර්තාව ඊයේ ඇමෙරිකා එක්සත් ජනපදයෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන සිකුරාදා වාර්තා වූ අතර එම ගණන 40,870ක් විය. 27 June 2020
ඉන්දියාවේ කොරෝනා 500,000 ඉක්මවයි අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන අද (27) 500,000 ඉක්මවා ගියේය. 27 June 2020
ඛනිජ තෙල් සංස්ථාවට රජයෙන් කෝටි 33,400 ක පොල්ලක් ඉකුත් කාලයේ බලයට පත්වූ රජයන් විසින් විවිධ ක්ෂේත්‍ර සඳහා ක්‍රියාත්මක කරන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් ඛනිජතෙල් සංස්ථාවට රජයෙන් ලැබිය යුතු රුපියල් කෝටි 33,400 ක පමණ මුදලක් ලැබී නැතැයි ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි. 26 June 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026