සතා සිවුපාවාත් පරිසරයත් වනසන නරුම අමනයෝ කඳුකරයේ මදු ගසා මරා දත්, නිය, හම් ඇතුළු කොටස් අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වෙමින් පවතින බව පෙනෙන බව පරිසරවේදීන් ප්‍රකාශ කළ බවට සඳහන් පුවතක් අප පුවත්පත් ඉකුත් දා වාර්තා කළේය. මෑත භාගයේ මෙම ජාවාරම වැඩිවෙමින් පවතින බවත් මදු ගසා කොටි මැරීමේ සිදුවීම් ගණනාවක් ඉකුත් සමයේ වාර්තා වූ බවත් පරිසරවේදියකු හා සත්ව සංරක්ෂකයකු වන රුක්ෂාන් ජයවර්ධන මහතා අප පුවත්පතට ප්‍රකාශ කර තිබිණ. 26 June 2020
කෝටියක කේරළගංජා සමඟ කයිට්ස් දූපතේදී දෙදෙනකු අත්අඩංගුවට රුපියල් කෝටියකට ආසන්න වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 57 ග්‍රෑම් 275 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු යාපනය කයිට්ස් දූපතේදී සිදුකල සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි. 26 June 2020
කෝටියක මත්කුඩු තොගයක් සමඟ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගෝනපල බටුවිට පාරේ නිවසක හොරෙයින් මත්කුඩු පැකට් කරමින් සිටි අඹුසැමි යුවළක් රුපියල් කෝටියකට ආසන්න මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතා පැවසීය. 26 June 2020
කලුතර ප්‍රා.ස.විපක්ෂ නායක අත්අඩංගුවට කලුතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක සහ කලුතර එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක එස්.ඒ.ඩී.නිලන්ත මහතා මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් බව කලුතර දකුණ පොලිසිය කියයි . 26 June 2020
දූනගහදී හෙරොයින් ජාවාරම්කරුවෙක් අත්අඩංගුවට දූනගහ බටේපොළ ප්‍රදේශයේ නිවසක තාවකාලිකව පදිංචිව සිටිමින් හෙරොයින් ජාවාරමේ යෙදුණු බව කියන පුද්ගලයකු රුපියල් දස ලක්ෂයක් පමණ වටිනා හෙරෝයින් මත්කුඩු ග්‍රෑම් 108 ක් සමඟ අත්අඩංගුවට ගත් බව දිවුලපිටිය පොලීසිය කියයි. 26 June 2020
සංවිධානාත්මක අපරාධකරුවකුගේ වෙඩික්කරුවෙක් පොලිස් වෙඩි පහරින් මරුට ගනේමුල්ල ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධ කරුවකු වන ගනේමුල්ල සංජීව නමැත්තාගේ වෙඩික්කරු අද(26)අලුයම ගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින් මිය ගොස් ඇත. 26 June 2020
ලෙබනයේ රැඳී සිටි ලාංකකියන් 171දෙනෙකු කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(26) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 26 June 2020
ඉන්දියාවේ සිටි ලාංකිකයින් පිරිසක් මත්තලට කොවිඩ් 19 වයිරස තත්ත්වය ව්‍යාප්ත වීමත් සමඟ මෙරටට පැමිණීමට නොහැකිව ඉන්දියාවේ සිර වී සිටි ශ්‍රී ලාංකිකයින් 161 දෙනෙකු රැගත් ගුවන් යානයක් ඉන්දියාවේ විශාකා පට්නම් ගුවන් තොටුපොළේ සිට අද (25) මත්තල ගුවන් තොටුපොල වෙත පැමිණි බව මත්තල ගුවන් තොටුපොල ප්‍රධාන කළමණාකරු උපුල් කලංසුරිය මහතා පැවසීය. 25 June 2020
දුම්වැටි 8000 ක් සමඟ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට පොලිස් වෑන් රථයක් යොදාගෙන නීති විරෝධී දුම්වැටි ජාවාරමක නිරත වූ පොලිස් නිලධාරීන් දෙදෙනක් දුම්වැටි 8000 ක් සමඟ ඊයේ (24) කොටුව චෛත්‍ය පාරේ දී විශේෂ කාර්ය බලකායේ බුද්ධි නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 June 2020
පිටකොටුවේ රථ ගාල්වලින් කප්පම් ගත් 5ක් පොලිස් දැලේ පිටකොටුව, මැණින් වෙළෙපොළ, බස් නැවතුම්පොළ සහ දුම්රිය ස්ථානය ඇතුලු ස්ථාන වල කොළඹ නගර සභාවට අයත් රථගාල් රාත්‍රී කාලයේ අත්පත් කරගෙන එම රථගාල් වල වාහන නවත්වන වෙළෙදුන් ඇතුලු පුද්ගලයින්ගෙන් කප්පම් ලබා ගන්නා කල්ලියක පස් දෙනෙක් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (25) අත්අඩංගුවට ගත්බව පොලිසිය කියයි. 25 June 2020
ලක්ෂ දහයක හෙරොයින් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට ගලගෙදර පොලිස් නිලධාරීන් විසින් සිදු කරන ලද මෙහෙයුමක් රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා හෙරොයින් ග්‍රෑම් 99 යි මිලිගෑම් 700 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකුද අද (25) අත්අඩංගුවට ගෙන තිබේ. 25 June 2020
හෙරොයින් ජාවාරමේ යෙදුණු අම්මයි පුතයි අත්අඩංගුවට හෙරොයින් මත්කුඩු සමඟ මවක් සහ පුතෙකු අද (25) අත්අඩංගුවට ගත් බව අළුත්ගම පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. 25 June 2020
විදේශීය නාවිකයින් ගෙන්වීම තාවකාලිකව නවත්වයි විදේශීය වෙළඳ නාවිකයින් මෙරටට පැමිණීමේ කටයුතු තාවකාලිකව නැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 25 June 2020
නවසීලන්තයේ සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසක් මව්බිමට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව නවසීලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 88 දෙනෙකු රැගෙන සිල්ක් එයා ගුවන් සේවයේ ගුවන් යානයක් අද (25) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 25 June 2020
බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායනය වූ නාවිකයින් තිදෙනෙකුට කොරෝනා බූස්ස නිපුණ නාවික හමුදා කඳවුරේ පවත්වා ගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වූ නාවිකයින් තිදෙනෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට අද (25) සිදු කරන ලද පී.සී.ආර්.පරීක්ෂණයේදී තහවුරුවී ඇතැයි දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය පවසයි. 25 June 2020
සැකකටයුතු ලිපි ලේඛන සමඟ අයෙකු අත්අඩංගුවට පොලිස් අණ නොතකා මෝටර් රථයකින් පළා යාමට තැත් කළ අන්තවාදී සංවිධානයක බවට සැක කරන පුද්ගලයෙකු සැක කටයුතු ලිපි ලේඛන තොගයක් සමඟ දෙහිවල කවුඩාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. 25 June 2020
කරුණා සී.අයි.ඩි යෙන් පිටව යයි පැය හතක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය. 25 June 2020
සිසුවෙකුට පහර දුන් විදුහල්පතිවරයෙකුට වසර පහක අත්හිටවූ සිර දඬුවමක් පාසල් සිසුවෙකුගේ වම් කනට පහරදී අඩන්තෙට්ටම් සිදුකළ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි විදුහල්පතිවරයෙකු එකී චෝදනාවට වරද පිළි ගැනීමෙන් පසුව ඔහුට වසරක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සහ උතුරු මැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු ආචාර්ය සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා එම සිර දඬුවම වසර පහකට අත් හිටුවීමට අද (25) නියෝග කළේය. 25 June 2020
නීතිවිරෝධී ගෙන්වූ කහ කන්ටේනර් 45 ක් ගැන රේගු පරීක්ෂණ කහ මෙරටට ගෙන්වීමට සීමා පනවා තිබියදී එම සීමා නොනකා මෙරටට කහ ආනයනය කර ඇති කහ බහාලුම් 45 කට අධික සංඛ්‍යාවක් සම්බනධයෙන් ශ්‍රී ලංකා රේගුව විමර්ශන ආරම්භ කර ඇති බව රේගු ආරංචි මාර්ග කියයි. 25 June 2020
ප්‍රවීණ නිවේදක හා රංගන ශිල්පී නඩරාජා සිවම් අභාවප්‍රාප්ත වේ ප්‍රවීණ නිවේදකයෙකු මෙන්ම සිනමා හා ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙකු වූ නඩරාජා සිවම් මහතා අභාවප්‍රාප්ත විය. 25 June 2020
කරන්නාගොඩට එරෙහි අධි චෝදනා නඩු විභාගය අත්හිටුවමින් අතුරු නියෝගයක් තරුණයින් 11 දෙනෙකු පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ නාවික හමුදාපති, අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතාට එරෙහිව පැවත්වෙන අධි චෝදනා නඩුව විභාගයට ගැනීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද (25) අතුරු නියෝගයක් නිකුත් කළේය. 25 June 2020
නුල් මුවාවෙන් මෙරටට එවා තිබු කෝටි 12 ක ඩීඩි කොළ රේගු දැලේ කටුනායක අපනයන සැකසුම් කලාපයේ යෝජනා මණ්ඩලයේ කර්මාන්ත ශාලාවකට අවශ්‍ය කරන නුල් ඇතුළු අමු ද්‍රව්‍ය මුවාවෙන් ඉන්දියාවේ චෙන්නායි සිට ආනයනය කර තිබු රුපියල් කෝටි 12 ට අධික බීඩි කොළ තොගයක් රේගු වරාය පාලන අංශය මගින් අද (25) අත්අඩංගුවට ගනු ලැබීය. 25 June 2020
කොරෝනා ආසාදිතයන් ගණන 2007 දක්වා ඉහළට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 2007 දක්වා ඉහළ ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි. 25 June 2020
කරුණා අම්මාන් අත්අඩංගුවට ගන්නැයි පෙත්සමක් දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනායගමූර්ති මුරලිදරන් හෙවත් “ කරුණා අම්මාන් ” අම්පාර ප්‍රදේශයේ පැවති රැස්වීමකදී මාධ්‍යයට කර ඇති ප්‍රකාශය හේතුවෙන් නීතීයේ ආධිපත්‍යයත් , තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරමින් ඔහුව වහාම අත්අඩංගුවට ගැනීමට පොලිස්පතිවරයාට නියෝග කරන්නැයි ඉල්ලා කඩුවෙල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු හා උපකාරක පන්ති ගුරුවරයෙකු අද (25) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන ලදී. 25 June 2020
කුඩු ග්‍රෑම් 14 ක් සන්තකයේ තබා ගත් අයෙකුට මරණ දඩුවම හෙරොයින් ග්‍රෑම් 14.76 ක් ජාවාරම් කිරීමේ හා සන්තකයේ තබා ගැනීමේ චෝදනාවන්ට වරදකරු වූ විත්තකරුවෙකුට මහාධිකරණ විනිසුරු ධම්මික ගනේපොළ මහතා අද (25) මරණ දඬුවම නියම කළේය. 25 June 2020
යාපනය-කිලිනොච්චිය සන්නද්ධ කල්ලි සාමාජිකයන් 4දෙනෙකු එස්ටීඑෆ් දැලේ උතුරු පළාතේ ජනයා බියගන්වමින් අපරාධවල නිරත සන්නද්ධ කල්ලි සාමාජිකයන් සිව්දෙනෙකු කඩු, ගංජා සමග කිලිනොච්චිය හා යාපනය යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි. 25 June 2020
මරාගෙන මැරුණ ඊබ්රාහිම්ගේ හඬ පටයක් එළියට ‘අපි හැමෝටම මැලේසියාවට යන්න මම ටිකට්පත් මිලදී ගත්තා. ඒත් මම එන්නේ නෑ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා මාමාත් එක්ක එහේ යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න’ යැයි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් පාස්කු ප්‍රහාරයට දින හතරකට කලින් සිය බිරිඳ අමතා පටිගත කළ ‘හඬපටයක’ සඳහන්ව ඇත. 25 June 2020
ඇවන්ට්ගාඩ් සභාපතිගේ නඩුවේ වැඩිදුර විභාගය කල්යයි පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු ඉටුකර දීමට රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් ලබා දීම හා ලබා ගැනීම සම්බන්ධව ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති හා රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව පැවැත්වෙන අධි චෝදනා නඩුවේ වැඩිදුර විභාගය ලබන සැප්තැම්බර් 03 සහ 04 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (25) නියම කළේය. 25 June 2020
තහනම නොතකා ගෙන්වූ සියලුම එතනොල් රාජසන්තක කරන්න යයි එතනෝල් ගෙන්වීම සඳහා පනවා තිබූ තහනම නොතකා පසුගිය කාලයේ මෙරටට ගෙන්වා ඇති සියලුම එතනෝල් රාජසන්තක කරන බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි කර්මාන්ත හා අපනයන කෘෂිකර්ම අමාත්‍ය, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය. 25 June 2020
සීෂෙල්ස්හි සිටි ලාංකිකයන් 254දෙනෙකු කටුනායකට ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව සීෂෙල්ස් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 254 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(25) දහවල් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 25 June 2020
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026