IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


මරාගෙන මැරුණ ඊබ්‍රාහිම්ගේ හඬ පටයක් එළියට

(*** නිමන්ති රණසිංහ)

‘අපි හැමෝටම මැලේසියාවට යන්න මම ටිකට්පත් මිලදී ගත්තා. ඒත් මම එන්නේ නෑ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා මාමාත් එක්ක එහේ යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න’ යැයි සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු මොහොමඩ් ඊබ්‍රහිම් ඉන්සාෆ් අහමඩ් පාස්කු ප්‍රහාරයට දින හතරකට කලින් සිය බිරිඳ අමතා පටිගත කළ ‘හඬපටයක’ සඳහන්ව ඇත.

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දී මෙම හඬපට පිළිබඳ වාර්තාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකක තුනෙහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවීන්ද්‍ර  විමලසිරි මහතා සාක්ෂි ලබාදෙමින් කොමිසම  වෙත ඉදිරිපත් කළේ ඉකුත් 23 වැනිදා ය.

පාස්කු ඉරුදින සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ සිදුවූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධ විමර්ශනයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සෑන් ඩිස්ක් වර්ගයේ (32GB පෙන්ඩ්‍රයිව්) දත්ත බහාලුම් දෙකක තිබූ ‘හඬපට’ වලින් ලබාගත් මෙම වාර්තා ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කළේය.

එසේම, මෙම වාර්තාවට අදාළ හඬපට කොමිසම හමුවේදී විකාශනය කෙරිණි.

ස්වයංඝාතක ඉන්සාෆ් අහමඩ් නමැත්තා තම බිරිඳ, පවුලේ සාමාජිකයන්, සිය සේවකයන් මෙන්ම පොදුවේ ආමන්ත්‍රණය කරමින් මෙම හඬපට පටිගත කර ඇත්තේ ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් 17 වැනිදා පස්වරු. 5.00 ට ය.

මෙම පෙන්ඩ්‍රයිව්, බෝම්බකරුගේ බිරිඳ වන ෆාතිමා ශිෆ්කා ඉන්සාෆ් අහමඩ් නමැත්තියගේ බාරයේ තිබී සොයාගත් බවත්, විනාඩි 35 තත්පර 16 ක, විනාඩි 18 තත්පර 34 වශයෙන් හඬපට හතරක් එහි අන්තර්ගතව තිබූ බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොමිසම හමුවේ කරුණු ඉදිරිපත් කළේය.

අභියාචනාධිකරණ විනිසුරු ජනත්ද සිල්වා (සභාපති විනිසුරු) අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න, විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු සුනිල් රාජපක්ෂ, විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අතපත්තු ලියනගේ බන්දුල කුමාර සහ අමාත්‍යාංශ ලේකම් (විශ්‍රාමික) එම්.එම්. අධිකාරි යන මහත්ම මහත්මින්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම සාක්ෂි ලබාගැනීම සිදුවිය.

එම හඬපටයේ මෙසේද සඳහන් වේ.

මා විසින් හිස් චෙක්පත් 10 ක් අත්සන් කර ඉෂාක් අයියාට ලබාදී තිබෙනවා. මා විසින් 100% ක් Colossus (Pvt) Ltd සමාගමේ හිමිකාරිත්වය ඔබගේ නමට ලියා ඇත. මා සහ මගේ පියා මෙම සමාගමේ අධ්‍යක්ෂවරුන් බවට පත් කර ඇත. නමුත් හිමිකාරිත්වයක් නොමැත.

‘10 වැනි පටුමග දේපළ  Colossus (Pvt) Ltd සමාගම නමින් ඇත. එම නිසාවෙන් එයද ඔබට හිමිය. මා විසින් RedBerry International (Pvt) Ltd සමාගම නමින් සමාගමක් ආරම්භ කර එය යටතට කාමල් පෙදෙස දේපළ පත් කර ඇත. එම සමාගම ද 100% ක් ඔබට හිමිය. වැල්ලම්පිටිය දේපළ දරුවන්ගේ නමට ලියා ඇත. එම දේපළ අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඔවුන් නමින් තියේවි.

‘‘එසේම මෙම Pen Drive එක තුළ ඇති දේවල් කිසිවෙක් අතට පත් නොකරන්න. ඉතාමත් රහසිගත ලෙස එය තබා ගන්න. මෙය මුස්ලිම් නොවන අයගේ අතට පත් නොකරන්න. එසේ කළහොත් අපට හා දේපළවලට විරුද්ධ සාක්ෂියක් ලෙස ඔවුන් මෙය භාවිතා කරාවි’’

‘‘අද දිනට මා සියලු මුදල් ගිණුමෙන් ඉවත් කරගෙන තිබෙනවා. නමුත් මිලියන 150ක පමණ මුදලක් ගිණුමට ඉදිරි සතිය තුළ තැන්පත් වීමට තිබෙනවා. අල්ලා දෙවියන්ගේ නාමයෙන් මින් 80%ක පමණ මුදලක් මීළඟ සතිය තුළ දී පැමිණේවි. ඔබට එම මුදල් ගිණුමෙන් ඉවත් කර ගත හැකිය’’

‘‘මට අද දිනට Colossus (Pvt) Ltd සමාගමේ ශුද්ධ වත්කම් පිළිබඳ සාරාංශයක් ලබා ගැනීමට නොහැකි වුණා. ඔබට එය ෆස්ලියා අක්කාගෙන් ලබා ගත හැකිය. මෙම සාරංශය තුළ ලැබීමට ඇති මුදල්, ගෙවීමට ඇති මුදල් හා බැංකුවේ ඇති මුදල් පිළිබඳව සඳහන් වෙනවා. මෙම සාරාංශය අනුව තමයි මං සමාගමේ ගිණුම් පවත්වාගෙන යන්නේ’’

‘‘ආරක්ෂාව ගැන සැලකිලිමත් වන්නේ නම්  කොතැනදී හෝ දුරකතන ඇමතුමක් ලබා ගන්නේ නම් හෝ ප්‍රතිචාර දක්වන්නේ නම් එම ස්ථානය සොයාගත හැකිය. ඔබට යම් දෙයක් රහසිගතව පවත්වාගෙන යාමට අවශ්‍ය නම් ඔබට කිසිම ස්ථානයක දත්ත
ගබඩා නොවන සන්නිවේදන ක්‍රමයක් භාවිතා කිරීමට සිදු වෙනවා. ඔබගේ සියලු රහසිගත දේවල් ගබඩා කළ යුත්තේ එහිය.’’

‘‘මා සියලු දේපළවල මුල් ලේඛන අබ්දුල් හාලික් නම් අයෙකුට බාර දුන්නා. ලෑන්ඩ් කෲෂර් රථයේ ලේඛන ඉෂාක් අයියා ළඟ හෝ අබ්දුල් හාලික් සතුව තියෙනවා. එම රථය සිංහල හෝ දෙමළ මුස්ලිම් නොවන අයෙකුට විකුණන ලෙසට මම ඔබට යෝජනා කරනවා. මිලියන එකක් දෙකක් පාඩු ලබා හෝ එය විකුණා දමන්න. මෙම රථය මා භාවිතා කළ නිසා යම් විටක සීසීටීවී දර්ශන මගින් විමර්ශන කිරීමට හැකිය. පසුව ඔබට රථයක් මිල දී ගත හැකිය.’’

‘‘මල්පාරෙහි කිසිදු රහසිගත දෙයක් නොතබන්න. සියල්ල ඉවත් කරන්න අශ්ඛාන්ගේ තුවක්කුවත් ඉවත් කරන්න. නමුත් මුස්ලිම් නොවන කිසිවෙකුට ගේ පිරිසිදු කළ බවට දැනගන්න තියන්න එපා’’

‘‘මුස්ලිම් නොවන අයට මා රට හෝ වෙන කොහේ හරි ගියා කියලා කියන්න. ඔබලා මාගේ ජිහාද් ක්‍රියාකාරකම් පිළිබඳව කිසිත් නොදන්නා බව පවසන්න. නමුත් ඔබලා දැන් දන්නවා’’

‘‘ඔබලා කිසිවෙක් මා මේ දේ කුමන ආකාරයකින් සිදු කළා ද යන්න දන්නේ නැහැ. මා මේ සියලු දේවල් ඉතාමත් රහසිගත ලෙස සිදු කළා. කිසිවෙකුට මේ දේවල් නැවත ඉගෙන ගැනීමටවත් මා කිසිවක් ඉතිරි කළේ නැහැ. මෙවැනි දෙයක දී විශ්වාස කළ හැකි අය වුවද විශ්වාස කළ නොහැක. ඔවුන් දරාගත නොහැකි අවස්ථාවන්වල දී තොරතුරු එළියට දිය හැකි නිසාවෙන් තොරතුරු පිට කිසිවෙක්ට ලබා දෙන්නේ නැහැ. මේ ගැන ඍජුවම ජිහාද් ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූවන් හැර වෙනත් කිසිවකු තොරතුරක් දන්නේ නැහැ.’’

‘‘කර්මාන්ත ශාලාවේ තොග කිසිවක් ඉතිරි වී නැහැ. එක් කන්ටේනර් එකක් පමණක් අපනයනය කිරීමට නියමිතව තිබෙනවා. ඔහු විසින් අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඊළඟ සතිය තුළ ගෙවීම් කරාවි.’’

‘‘ඊළඟ සතියේ දී සියලු මුදල් බැංකුවෙන් ඉවත් කරගන්න. සල්ලි කොහොමද කළමනාකරණය කරන්නේ කියලා මාමාගෙන් අහලා දැනගන්න.’’

‘‘මා විසින් අපි හැමෝටම සඳුදා රාත්‍රියේ දී මැලේසියාවට යාමට ටිකට්පත් මිලදී ගත්තා. මටත් එක්ක මිලදී ගත්තට මං එන්නේ  නැහැ. ඔබ හිතනවා නම් මැලේසියාව හොඳ තැනක් කියලා එහේ මාමාත් එක්ක යන්න. ශ්‍රී ලංකාව ආරක්ෂිතයි නම් මෙහේ ඉන්න. නමුත් එකඳු සාමාන්‍ය දුරකතන ඇමතුමක්වත් ලබා නොගන්නා තැනක් තෝරාගන්න. ඔබ නමට ලියාපදිංචි වී ඇති දුරකතන එම ස්ථානයට රැගෙන නොයන්න.

‘‘ඔබ විසින් Online දුරකතන ඇමතුමක් ලබා ගත්ත ද ඊට අදාළ කොහේ හෝ තැන්පත් වෙනවා. නමුත් එය ව්‍යාජ අංකයක් ව්‍යාජ දුරකතනයක් නම් කිසිවෙකුටත් සොයාගත නොහැකිය. ආරක්ෂක අංශය අප භාවිතා කළ අංකය සොයා නොගතහොත් කිසිවිටක අපගත් ඇමතුම් පිළිබඳ  සොයාගත නොහැකිය. මේ සඳහා භාවිතා කළ හැකි Software කිහිපයක් මා මෙම Pen Drive එක තුළ ඇතුළත් කර තිබෙනවා. එම Software එක මගින් දුරකතන අංකයක් ලබා නොදී ID එකක් මගින් ඇමතුම් ලබා ගත හැක. මෙම Software එකම භාවිතා කරන අයෙකුට මෙම ඇමතුම් ලබා ගත හැකිය. එම ඇප් Conversation Wickr නමින් ඇත. ඒවා භාවිතා කර Online ඇමතුම් ලබා ගත හැක. නමුත් මෙය භාවිතා කරන දුරකතනය අලුත්ම දුරකතනයක් හා අලුත් අංකයක් විය යුතුය. මෙම දුරකතනයෙන් කිසිදු විටක සාමාන්‍ය ඇමතුමක් ලබාගෙන නොතිබිය යුතුය’’

‘‘කෙසේ වෙතත් දුරකතනය යනු ඔත්තු බලන එකකි. එම නිසාවෙන් එය භාවිතා කිරීමේ දී ඉතාමත් ප්‍රවේශම් විය යුතුය. සීසීටීවී කැමරා හැකිතාක් මඟහරින්න’’

‘‘ඔබ අත්අඩංගුවට පත් වුවත්, අපගේ සියලු දේපළ අහිමි වී ගිය ද එය අල්ලා දෙවියන්ගේ නාමයෙන් ඉවසා සිටින්න. දෙවියන් වහන්සේ යමක් කිරීමට තීරණය කර ඇත්නම් එය වෙනස් වන්නේ නැහැ. අප මේ සිදු කරන ජිහාද් වුවද අල්ලා දෙවියන් විසින් තීරණය කළ දෙයක්. ඔබ කුමන දේ සිදු කළ ද ඔබට කුමන දේ සිදු වුව ද එය අල්ලා දෙවියන්ගේ කැමැත්තයි’’

‘‘වාහනයකට හැපී මා මියයන්නේ නම් මා ස්වර්ගස්ථ වන්නේ නැහැ. එහෙත් මා අල්ලා දෙවියන්ගේ නාමයෙන් මිය යන්නේ නම් අල්ලා දෙවියන්ගේ අවසරය හා කැමැත්ත පරිදි මට එය ලැබේවි. නමුත් දෙවියන් වහන්සේ විශාල ක්‍රමෝපායන් රැසක් භාවිතා කර අපිව ස්වර්ගයට තෝරාපත්කර ගනීවි. එතෙක් අප අල්ලා වෙනුවෙන් සියලු දේ සිදු කළ යුතුය. දෙවියන් වහන්සේ වෙනුවෙන් ඉවසා සිටිය යුතුමය’’ යැයි එම හඬ පටයේ සඳහන් විය.

 



අදහස් (8)

මරාගෙන මැරුණ ඊබ්‍රාහිම්ගේ හඬ පටයක් එළියට

Lal Thursday, 25 June 2020 08:53 AM

මොඩකමට බෙහෙත නුවණයි... දෙවියන් මේ අයට චුට්ටක් හරි ඒ බෙහෙත දීලා තිබුණා නම් මෙවැනි මෝල් වැඩ නොකරන්න තිබුණා...

:       0       113

RaveeendraThursday, 25 June 2020 10:37 AM

අප නම් තරයේ විශ්වාස කරන්නේ ඉතාමත් සූක්ෂම ආකාරයට සියල්ල තාවකාලික වැලි තලාවට යටවී ඇති බවක්ය. අල ගිය තැන, මුල ගිය තැන සොයසොයා ජීවත්වීමේ අයිතිය සහමුලින්ම නැති කළ යුතු බව සඳහන් කිරීමට කැමැත්තෙමු..

:       114       91

MaheshThursday, 25 June 2020 11:41 AM

ඇත්ත. ඒ වගේම මේවට ගොඩක් වෙලාවට බලපාන්නේ මෝඩ ආගමික දේශකයින්. ඔවුන් සූක්ෂමව මොළය විනාශ කරනවා. අන්තිමට දේශකයා එක්කම වලපල්ලට යන එක වුනේ.. ඔය වගේම තමා ලෙඩ සුව කරනවා කියන ආගමිකයිනුත්. ඉස්සරහට ඊළඟ ප්‍රශ්නය වෙන්නේ ලෙඩ සුව කරන පිස්සු දේශකයින් සහ අනුගාමිකයින්..

:       0       37

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 25 June 2020 10:02 AM

මේ නම්, හොඳටම සිහිය විකල් වූ අනුවණ අමන අන්තවාදී රැළක්.. වෙලාවට වලිගය නැහැ.. තිබුණා නම්, ආයේ දෙකක් නෑ.. තනිකරම ගවයන්..

:       0       116

මෝ Thursday, 25 June 2020 10:54 AM

අන්තවාදය විසින් මිනිසුන් කෙතරම් අන්ධ කර තිබේද යන්න මේ කියවනවිට හොඳින් තේරෙයි. මේ පුද්ගලයා දෙවියන් වෙත යාමට බිරිඳ, දරුවන්, දේපල සියල්ල අත් හැර සතුටින් මරණය වැළඳගන්නේ අහිංසක ජීවිත සිය ගණනක්ද බිලි ගනිමිනි. මේ ආගම කියා දෙන්නේ මේ ක්‍රියාදාමයද? කෙසේවුවත් අපි ඉතා දැඩි සහ දරුණු පාඩමක් ඉගෙන ගනිමින් සිටිමු. කොරෝනා වයිරසය විසින් ඒ අමතක නොවන පාඩම අපට උගන්වමින් සිටියි.

:       0       1

Hafeel Thursday, 25 June 2020 11:40 AM

මුදල් හම්බකරන්න දක්ෂකම් තිබුණට, උපරිම මෝඩයින්...

:       0       13

සුදනා Thursday, 25 June 2020 01:32 PM

මෙම හඩ පට මගින් පරීක්ෂණ මන්මුලා කරවන බවක් හිතෙන්නේ නැතිද? සියල්ල ඝාතකයින් මත පවරා, ඔවුන් මියගිය පසු ඉතිරිවන සහායකයින් නිදොස් කරවීමේ සාක්කි ලෙස පෙන්වීමට මෙම රඟපෑම් සිදුකළා වියයුතුයි...

:       0       1

Warnakulasuriya Friday, 26 June 2020 04:13 AM

පිරිත් නූල්වලින් අතපුරවා ගෙන මෙලොව ස්වර්ගයක් කරගෙන සිටින රාජ්‍ය දේපොළ මංකොල්ලකන කෝටිපති දේශපාලකයන්ගේත්, දෙවියන්ගේ කැමැත්ත ඉටුකරමින් මිනීමරා ස්වර්ග සැප ලබමින් පරම්පරා ගාණකට ධනය රැස්කරන ඊබ්‍රාහිම්ගෙත් වෙනසක් තිබිය හැකිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4767 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4739 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8220 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3016 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 740 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12424 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 747 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2285 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1964 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site