රැඳවියා ආසාදිතයකු වීමෙන් කන්දකාඩුවේ 605 ක් නිරෝධායනයට
වැලිකන්ද,කන්දකාඩුව පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයේ සිට වැලිකඩ බන්ධනාගාරය වෙත යවා සිටි පුනරුත්ථාපන ලාභියෙකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසුව කන්දකාඩුව පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දැනට සිටින පුනරුත්ථාපනලාභීන් 474ක් සහ එහි කාර්ය මණ්ඩලය 131ක් නිරෝධායනයට ලක්කිරීම සඳහා අද(07) පියවර ගත් බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යය සේවා අධ්යක්ෂ,වෛද්‍ය සරත් ජයසිංහ මහතා පැවැසීය.