සුනාමි පෙරහුරුවක් ලබන 5 සුනාමි පෙර සූදානම් වැඩසටහනක් දිවයිනම ආවරණය වන පරිදි නොවැම්බර් 05 වනදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ මහතා පැවසීය 25 October 2025
බලංගොඩ - දුරකන්ද මාර්ගයට පස් කන්දක් කඩා වැටෙයි බලංගොඩ අලංකාර පංගුව හරහා දුරකන්ද දක්වා ඇති ප්‍රධාන බස් මාර්ගයට අද (25) දා විශාල ගල් සමග පස් කන්දක් කඩා වැටිම හේතුවෙන් මාර්ගයේ වාහන ගමනාගමනය සමිපුර්ණයෙන්ම ඇණ හිට තිබෙි. 25 October 2025
කෝටි 18 ක් වංචා කල දෙදෙනෙක් මාට්ටු පුද්ගලයෙකුගෙන් රුපියල් කෝටි 18කට ආසන්න දේපොළ ලබාගෙන මුදල් ලබා නොදී වංචා කළ බව කියන සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2025
බෝනොවන රෝග පිළිබද ජාතික සභාව රැස් වේ බෝ නොවන රෝග පිළිබද ජාතික සභාව (NCD Council) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී රැස්විය. 25 October 2025
පාතාල කෙරුමෝ දහයකට යුරෝපයේ රැකවරණ: කුදලාගෙන ඒම ගැටළුවක් ප්‍රංශය එංගලන්තය ඇතුළු යුරෝපා රටවලට පැනගිය මෙරට ප්‍රධාන පෙළේ පාතාලකරුවන් දස දෙනකු දේශපාලන රැකවරණ ලබා ගැනීම හේතුවෙන් ඒ රටවල නීතිය අනුව මෙරටට ගෙන්වා ගැනීමට අසීරු තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ. 25 October 2025
මන්ත්‍රී ජගත්ට ආරක්ෂාව දෙන්න: ඇමති පොලිස්පතිට කියයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය මැදිහත්වීම කරන ලෙස පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. 25 October 2025
‘‘මුහුදු යන්න එපා‘‘-ධීවරයන්ට කියයි නැවත දැනුම් දෙනතුරු උතුරු අක්ෂාංශ 05 ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 25 October 2025
වත්කමේ දෝෂ මකන්න මැති ඇමති රොත්තක් අල්ලස් කොමිසමේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බාරදී ඇති වත්කම් බැරකම් ප්‍රකාශවල වැරදි නිවැරදි කරගෙන ඇතැයි වාර්තාවේ. 25 October 2025
උණ්ඩ සමග ගුරුවරයෙකු අත්අඩංගුවට මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ටී 56 උන්ඩ 8 ක් සහ පුහුණු උණ්ඩ 5 ක් සමග ගුරුවරයෙකු අත්අඩංගුවට ගත්බව ගම්පහ කොට්ටාශ අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි. 25 October 2025
ජලාශ උතුරයි : වාරිමාර්ගයෙන් රතු එළියක් අධික වර්ෂාපතනයන් හමුවේ දිවයිනේ ජලාශ කිහිපයක ජල මට්ටම තවදුරටත් ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 25 October 2025
වැලිගම සභාපතිට ’’කාඩ්’’ එක දුන්නාට සජබ ඇතුළේ නොසතුටින් පළාත් පාලන මැතිවරණයේදී අපේක්ෂකයන්ගේ සුළු සුළු අඩුපාඩු පවා සෙවූ පක්ෂය වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට අපරාධ නඩු හයක් තිබියදීත් එම අපේක්ෂක ධුරය දුන්නේ කෙසේ දැයි පළාත් පාලන නියෝජිතයන් සහ ආසන සංවිධායකවරුන් පිරිසක් පක්ෂ නායකත්වයෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ. 25 October 2025
ගිනි ගත් රැජින යළි ගමන් අරඹයි රජරට රැජින ශීඝ්‍රගාමී දුම්රියේ ඉංජිමෙහි හදිසියේ ඇති වූ ගිනි ගැනීමක් නිසා එහි ධාවනය අද (25) උදෑසන පැය දෙකකට වැඩි කාලයක් ප්‍රමාද වූ බව දුම්රිය පාලක මැදිරිය පවසයි. 25 October 2025
තායිලන්ත මවු රැජින කලුරිය කරයි තායිලන්තයේ වජිරලොන්කෝන් රජුගේ මව වන සිරිකිත් රැජින (93) ඊයේ රාත්‍රීයේ බැංකොක් රෝහලක දී වයස අවුරුදු 93 දී කලුරිය කළාය. 25 October 2025
කාන්තා ක්‍රිකට් වලට අගමැතිනියගේ හිත යයි ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අතර හමුවක් අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි. 25 October 2025
අදත් තදින් වැස්ස බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු - මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. 25 October 2025
එරිට්‍රියාවේ රඳවාගෙන සිටි ලාංකිකයන් අද දිවයිනට වසරක පමණ කාළයක් එරිට්‍රියාවේ අත් අඩංගුවේ රදවා තබා ගෙන සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයන් 06 දෙනකු , විදේශ කටයුතු , විදේශ රැකියා සහ සංචාරක ප්‍රවර්ධන අමාත්‍ය විජිත හේරත් මහතා ප්රමුඛ රජයේ මැදිහත් වීමෙන් නිදහස් කර ගැනීමෙන් පසුව අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ . 24 October 2025
ගලෙන්බිදුණුවැව ප්‍රා.සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට වත්කම් විමර්ශනයක් සම්බන්ධයෙන් කරනු ලබන විමර්ශනයකට අදාලව අවශ්‍ය සහාය නොදුන් බව කියන සිද්ධියකට ගලෙන්බිදුණුවැව ප්‍රා.සභාවේ හිටපු සභාපති සමන්ත නාමල් විජේවර්ධන අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 24 October 2025
උසස් පෙළ නොවැම්බර් 10 වැනිදා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය නොවැම්බර් මස 10 වැනි දින ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 24 October 2025
සේවා දිගුවකින් ඇමැති - ලේකම් ගැටෙයි? විදුලිබල ක්ෂේත්රය ප්‍රතිසංස්කරණ ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ සේවා කාලය වසරකින් දීර්ඝ කිරීම සම්බන්ධයෙන් විෂය භාර අමාත්‍යවරයා සහ එම අමාත්‍යාංයේ ලේකම්වරයා අතර අර්බුදයක් හටගෙන ඇතැයි වාර්තාවේ. 24 October 2025
අමරකීර්ති ඝාතනයේ නඩු තීන්දුව ජනවාරි 14 අරගලය පැවති 2022 වසරේ මැයි නව වැනිදා නිට්ටඹුව නගරයේ දී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා හා ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කිරීමය සම්බන්ධයෙන් පුද්ගලයන් 41 දෙනකුට එරෙහිව ගම්පහ මහාධිකරණයේ විභාග වූ නඩුවේ තීන්දුව 2026 ජනවාරි 14 ප්‍රකාශයට පත් කිරීමට ගම්පහ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කළහ. 24 October 2025
කොබෙයිගනේට තද සුළඟක් කොබෙයිගනේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රාදේශයේ මාකෙලියාව සහ තෙලහැර ප්‍රදේශ හරහා අද දහවල් හමාගිය දැඩි සුළං තත්වයක් හේතුවෙන් නිවස 12 කට පමණ හානි සිදුව ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය පැවසීය. 24 October 2025
කොබවක හිමිගේ ආරක්ෂාව ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක් කතරගම, කිරිවෙහෙර පුරාණ විහාරස්ථානයේ නායක කොඹවක ධම්මින්ද ස්වාමීන් වහන්සේගේ ආරක්ෂාව සදහා 2018 වර්ෂයේ සිට දේවාල මුරපොළ වෙත පොලිස් නිලධාරීන් 17 දෙනකු අනුයුක්ත කර ඇති බවත් පොලිස් නිලධාරීන් දෙදෙනකු පැය 24 ම ආවරණය වන පරිදි රාජකාරි යොදවා ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 24 October 2025
වාහන ආනයනයෙන් බස් 3,000ක් අනතුරේ ආණ්ඩුව සැලැස්මකින් තොරව වාහන ආනයන කිරීම නිසා ලබන වසර වන විට කෙටි සේවා බස් රථ 3,000 ක් පමණ ධාවනයෙන් ඉවත්වීමේ අවදානමක් ඇති බව ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය. 24 October 2025
හිටපු මැති ඇමතිලා හතරක් නුවරඑළියේ ඉඩම් බෙදාගෙන හිටපු මැති ඇමැතිවරු සිව් දෙනකු නුවරඑළියෙන් වටිනා ඉඩම් හිතු හැටියට බෙදා ගෙන ඇතැයි ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීර ආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 24 October 2025
බිමල් - චීන කොමියුනිට්ස් ජාත්‍යන්තර ප්‍රධානී හමුවෙයි චීන නිල සංචාරයක නිරත ප්‍රවාහන මහා මාර්ග,නාගරික සංවර්ධන නිවාස අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ චීන කොමියුනිට්ස් පක්ෂයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ලියූ හයිසින්ග් මහතා අතර හමුවක් චීනයේදී සිදුවිය. 24 October 2025
දිලිත්ගෙ පක්ෂෙට මෙහෙයුම් ප්‍රධානියෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන් යුත් සර්වජන බලයේ නව විධායක කමිටු සභික සහ ජාතික මෙහෙයුම් ප්‍රධානී ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ මධුර විතානගේ මහතා පත් කර තිබේ. 24 October 2025
කතකගේ මුහුණට නිරුවත් ඡායාරුප බද්ධ කළ කතක් අත්අඩංගුවට කාන්තාවක නමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් සකස්කර නිරුවත් ඡායාරූප කාන්තාවකගේ මුහුණකට බද්ධකර ප්‍රචාරය කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 24 October 2025
“පළිඟු රෑන” මැති සබයටත් සාහිත්‍ය මාසයට සමගාමීව කලා සහ සංස්කෘතික කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ මූලිකත්වයෙන් “පළිඟු රෑන” වේදිකා නාට්‍ය පාර්ලිමේන්තු පරිශ්‍රයේ තඹ දොර අබියස උත්සව ශාලාවේදී (Memorial Hall) සාර්ථක ලෙස වේදිකා ගතවිය. 24 October 2025
ඉෂාරාට මතුගමින් පනින්න ශාන්ගෙන් ගමන් වියදම් ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි හට මතුගම වැලි පැන්නේ සිට මිද්දෙණියට පලා යෑමට මුදල් වියදම් කර ඇත්තේ මතුගම ශාන් නැමැති පාතාල කල්ලි සාමාජිකයා බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය අද (24) පැවසීය. 24 October 2025
රට හදනවා නම් යකෙකුට වුණත් උදව් කරනවා ’’යකෙක් හරි ඇවිල්ලා මේ රට හදනවා නම් සහයෝගය දෙනවා’’ යැයි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ප්‍රවීණ රංගන ශිල්පි රන්ජන් රාමනායක පවසයි. 24 October 2025
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026