අද කාලගුණ තත්ත්වය බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (12) වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 12 August 2021
ජපානය ලංකාවට තුති පුදයි මෙවර ජපානයේ ටෝකියෝහිදී පැවැති 2020 ලෝක ඔලිම්පික් තරගයට සහභාගිවීමෙන් ශ්‍රි ලංකාව දැක් වූ මානව සහයෝගිතාව සම්බන්ධයෙන් ජපානය සතුටු වන බව ශ්‍රි ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියාමා මහතා විදේශ අමාත්‍ය දිනේෂ් ගූණවර්ධන මහතා හමුවී සඳහන් කළේය. 11 August 2021
ජපන් ගබඩාවක් කැඩූ තුනක් මාට්ටු නව කැළණි පාලම් ව්‍යාපෘතිය ඇතුළු වටරවුම් මාර්ගයේ ඉදි කිරීම් සිදුකරන ජපන් සමාගමකට අයත් ගබඩාවක් බිඳ , රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය පවසයි. 11 August 2021
නැඳුන්ගමු ඇත් රජුට මහනුවරදී ඉහළ පිළිගැනීමක් ඓතිහාසින මහනුවර ඇසල පෙරහරේ දළඳා කරඬුව වැඩම කරවීම සඳහා ගම්පහ සිට මහනුවර බලා ගමන් ගන්නා නැදුන්ගමුවේ රාජා හස්තියා මධ්‍යම පළාතට ඇතුළුවන ගල විදපු ස්ථානයේදි මහා සංඝරත්නය පිරිත් සජ්ජායනය කර ආශිර්වාද කළහ. 11 August 2021
ආසාදිතයන් තවත් 736ක් වාර්තා වෙයි කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් 736 දෙනකු අද (11) පස්වරුවේ හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 11 August 2021
කොරෝනා මරණ 124ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිතවූ තවත් 124 දෙනකු ඊයේ (10) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (11) පස්වරුවේ තහවුරු කළේය. 11 August 2021
වැල්වැටිතුරෙයි නගර සභාපති කොරෝනාවෙන් මරුට යාපනය වැල්වැටිතුරෙයි නගර සභා සභාපති කෝනලිංගම් කරුණානන්දරාසා මහතා කොවිඩ් -19 වයිරසය ආසාදිතව යාපනය පේදුරුතුඩුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇතැයි වැල්වැටිතුරෙයි සෞඛ්‍ය නිලධාරී කාර්යාලය පවසයි 11 August 2021
වනජීවී රාජ්‍ය අමාත්‍යාංශය - වනජීවී දෙපාර්තමේන්තුවේ අංශයක් වසයි කොවිඩ් අවදානමක් හේතුවෙන් වනජීවී රාජ්‍ය අමාත්‍යාංශයද වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වභාවික සම්පත් අංශයද වසා දමා ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. 11 August 2021
ධම්මක පැණියේ බලපත්‍රය අහෝසි කරයි ‘ධම්මක පැණිය‘ කොවිඩ්’ මර්දන ආයුර්වේද ඖෂධයක් සහ අතිරේක ආහාරයක් ලෙස ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදුන් තාවකාලික බලපත්‍රය අහෝසිකර ඇතැයි ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය. 11 August 2021
කොරෝනා ආසාදිතව ආයුර්වේද රෝහල්වලින් සුවය ලැබූ 2843ක් පිටව යයි ‘කොවිඩ්’ ආසාදිත රෝගීන් 3820ක් පසුගිය මාස දෙක තුළ ආයුර්වේද රෝහල්වලින් ප්‍රතිකාර ලබා ඉන් 2843ක් කිසිඳු සංකූලතාවක් නොමැතිව පිටව ගොස් ඇති බවත් ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය ධම්මික අබේගුණවර්ධන මහතා පැවසීය. 11 August 2021
කොරෝනා සුවවූවන් දියවැඩියා රෝගීන් වෙලා ඉන්දියාවේ ’කොවිඩ් 19’ සුවවූවන් වැඩි දෙනකු දියවැඩියා රෝගීන් බවට පත් වී ඇති බවත්, ’කොවිඩ් 19’ ආසාදනය වීමට පෙර, ඔවුන් කිසිවකුටත් දියවැඩියාව නොතිබුණු බවත් මුම්බායි වෛද්‍යවරුන් බීබීසී පුවත් සේවය සමඟ පවසා ඇත. 11 August 2021
බස්නාහිර වාහන අදායම්බලපත් නිකුත් කිරීම නවත්වයි කොවිඩ් වසංගතය හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව නතර කර තිබේ. 11 August 2021
ආසාදිතයන් තවත් 2,154ක් වාර්තා වෙයි කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 2,154 ක් අද (11) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ නිවේදනය කළේය. 11 August 2021
තවත් ලක්ෂ 4ක් එන්නත් කරයි කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ඊයේ (10) දිනයේදී එන්නත් මාත්‍රා ලක්ෂ 4කට ුධික ප්‍රමාණයක් ලබාදී ඇතැයි කොළඹ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 11 August 2021
ලංකාවේ දෙවන විශාලතම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානයත් විවෘත්ත කරයි ශ්‍රී ලංකාවේ ඉදිකරනු ලැබූ දෙවන විශාලතම අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානය වූ ඇල්පිටිය ඉගල්කන්ද ප්‍රදේශයේ ඉදිකළ කොවිඩ් අතිරේක ප්‍රතිකාර මධ්‍යස්ථානය දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11 )ආරම්භ කරනු ලැබීය. 11 August 2021
ගැබිනි මව්වරු 700ක් කොවිඩ් වැළදී රෝහල්වල ගැබිණි මවුවරුන් 700ක් පමණ කොවිඩ් ආසාදනයවී රෝහල්වල සිටින බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය ලංකාදීපයට පැවසුවාය. 11 August 2021
කිරිපිටි බද්ද ඉවත් කළැයි කීවත් ආනයනකරුවන් දැනුවත් නෑ රජය කිරිපිටි ආනයනික බදු ඉවත්කළ බව පැවසුව ද ඒ පිළිබඳව ආනයනකරුවන් දැනුවත් කර නොමැති බවත් ගැසට් නිවේදනයක් මගින් දැනුවත් කිරීමෙන් පසුව නැවත කිරිපිටි ආනයනය කළ හැකිද නැද්ද ගැන තීරණය කරන බවත් කිරිපිටි ආනයනකරුවෝ පවසති. 11 August 2021
යුද හමුදාපතිගෙන් ආයතන ප්‍රධානීන්ට දැනුම් දීමක් ආයතනයවල රාජකාරි සඳහා තමන්ට අවශ්‍යම අය පමණක් ගෙන්වාගන්නැයි තමා ආයතන ප්‍රධානීන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ලංකාදීපයට පැවැසීය. 11 August 2021
දුම්රියේ ගමන් අවසරලත් මගීන්ට පමණයි කොවිඩ් වසංගතයන් ආරක්ෂා වීමේ පියවරක් ලෙස අවසර ලත් මගීන්ට පමණක් දුම්රියේ යෑමට අවසර ලැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය. 11 August 2021
රැපිඩ් පී.සී.ආර් පහසුකම් සිකුරාදා සිට ගුවන්තොටුපලින් එක්සත් අරාබි ඒමීර් රාජ්‍ය ඇතුළු රටවලට පිටත්ව යන ශ්‍රමිකයින් සඳහා අවශ්‍යව තිබූ රැපිඩ් පීසීආර් පරීක්ෂණ පහසුකම ගුවන්තොටුපොළේ දී ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු යොදා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 11 August 2021
මේ මාසය අවදානම් මේ මාසය ඉතා අවදානම් බවත් කොවිඩ් මරණ 48.8% කින් ඉහළ ගොස් ඇති බවත් කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය. 11 August 2021
ආසාදිත කත ගෙන ගිය ගිලන්රිය අනතුරට ලක්වෙයි කොරෝනා වෛරසය ආසාදිත රෝගී කන්තාවක් රැගෙන යමින් සිටි ගිලන් රථයක් අද (11) දහවල් අලුබෝමුල්ල ප්‍රදේශයේ දී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු ගේ ගැටීමෙන් එම එම පුද්ගලයා සහ රෝගී කාන්තාව තුවාල ලැබූ බව අලුබෝමුල්ල පොලිසිය කියයි 11 August 2021
ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කරයි කසලවලින් මෙතෙක් දිනකට නිපද වූ මෙට්‍රික් ටොන් 15 ක් වන ජෛව කාබනික කොම්පෝස්ට් ප්‍රමාණය දිනකට මෙට්‍රික් ටොන් 50 ක් දක්වා ඉහළ නැංවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇතැයි ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ සංස්ථාව පවසයි. 11 August 2021
මහජන සේවා සඳහා පළාත් පාලන ආයතනවලට කෝටි 300ක් පළාත් පාලන ආයනවලට මහජන සේවා සැපයීම සඳහා අවශ්‍ය පහසුකම් සැළසීමට පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යංශය රුපියල් කෝටි 300 කට (මිලියන 3085.96) අධික මුදලක් වැය කරමින් ව්‍යාපෘති 544 ක් ආරම්භ කර තිබේ. 11 August 2021
‘ජනතාවගේ ජීවිත දෙවියන්ට භාර දෙන තරමට ආණ්ඩුව අසරණ වෙලා‘ කොරෝනා වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තිය හමුවේ ජන ජීවිත ආරක්ෂා කර ගැනීමට රට වසා දැමීමට විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීනයන් උපදෙස් ලබා දෙද්දී රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ ඇයි දැයි විපක්ෂය ප්‍රශ්න කර සිටින බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (11) පැවසීය. 11 August 2021
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට යළිත් ඇන්ටිජන් පරීක්ෂණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් සඳහා අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ (රැපිඩ් ඇන්ටිජන්) වටයක් ලබන 17 වැනිදා අඟහරුවාදා පෙරවරු 9.00 සිට දහවල් 12.30 දක්වා පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇතැයි වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය. 11 August 2021
ගම්පහ නිවෙස්වල සිටින ආසාදිතයන් කඩිනමින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට ගම්පහ දිස්ත්‍රික්කයේ මෙතෙක් ප්‍රතිකාර සඳහා යොමු නොකෙරුණු කොවිඩ් ආසාදිතයින් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට විශේෂ වැඩපිළිවෙළක් සැකසීමට දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුව පියවර ගෙන ඇතැයි එම කමිටු ප්‍රධානී සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 11 August 2021
‘කොහුවල රථවාහන තදබදයට විසඳුමක්‘ රුපියල් කෝටි 21 ක් වැය කරමින් කොහුවල පාමංකඩ මාර්ගයේ ඉදිකරන ‘පාමංකඩ නව පාලම’ ඉදිකිරීමෙන් පසුව පාමංකඩ - ශ්‍රී සම්බුද්ධ ජයන්ති මාවතේ දෙපසටම රථ වාහන ධාවනය කළ හැකි බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි. 11 August 2021
සත්වෝද්‍යානවල අනතුරු දීමනාව 5000කින් වැඩිවේ දෙහිවල සත්වෝද්‍යානය ඇතුළු දිවයිනේ සියලුම සත්වෝද්‍යානවල සතුන් බලා ගන්නා සේවකයන් 461 දෙනකුගේ අනතුරු දීමනාව රුපියල් 5000 කින් වැඩි කර ඇතැයි වනජීවී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවැසීය. 11 August 2021
කොවිඩ් දරුවන් නිවෙස්වල නිරෝධායනයට කොවිඩ් ආසාදනයවීමෙන් සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන වයස අවුරුදු 2 සහ 14 අතර දරුවන් නිවෙස්වල රඳවා ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේදයක් අද (11) සිට ආරම්භ කළ බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය. 11 August 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026