කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වූ තිදෙනෙකු බේරාගැනේ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයක් වන බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කෙසෙල්ගමුඔයේ සැඩ පහරට හසු වු තිදෙනෙකු බේරාගත් බව බගවන්තලාව පොලිසිය කියයි. 11 October 2019
අලි රංචුවක් හැපී මීනගයා පීලිපනී මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා නගරාන්තර දුම්රියට අද (10) රාත්‍රී 10.15 ට පමණ පූනානී සහ වැලිකන්ද දුම්රිය ස්ථාන අතර පුල්ලෙයාර්අඩි ප්‍රදේශයේදී වන අලි රංචුවක් හැපීම නිසා දුම්රිය පීලිපැන ඇතැයි වැලිකන්ද පොලිසිය කියයි. 10 October 2019
වැඩිහිටි දිනය නිමිත්තෙන් බළන්ගොඩදී සැමරුම් උළෙලක් ඔක්තෝම්බර් පළමු වැනිදාට යෙදුන ජාත්‍යන්තර වැඩිහිටි දිනය නිමිත්තෙන් ‘‘වියබල ප්රණාම සැමරුම් උළෙල‘‘ අද (10) බළන්ගොඩ ගෝලඩන් සන්සිටි උත්සව ශාලාවේදී මහත් හරසරින් පැවැත්විණි. 10 October 2019
ශ්‍රීලනිප සහය ගෝඨාභයට ඉදිරි ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (9) පැවසීය. 09 October 2019
නාවලපිටිය නගරය තටාකයක් වෙයි මධ්‍යම කඳුකරයට අද (07) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයේ කොටසක් ජලයෙන් යටවී, රථවාහන ගමනාගමනයට බාධා එල්ලවිය. 07 October 2019
චන්ද්‍රගුප්ත තේනුවර ගෝඨාභයට එරෙහි කුමන්ත්රණයක ජනාධිපතිවරණයක් ප්‍රකාශ කර තිබියදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ මහතා තරග බිමෙන් ඉවත් කිරීමේ කුමණ්ත්රණයක මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා නිරත වී ඇතැයි ඒ මහතාගේ සොහොයුරෙකු වන කලා ශිල්පී ඉන්ද්‍රනාත තේනුවර මහතා පැවැසීය. 03 October 2019
ගිවිසුමේ කෙටුම්පත ශ්‍රීලනිපයෙන් සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වන්නේ නම් ඒ සදහා අත්සන් තැබිය යුතු ගිවිසුම්වල කෙටුම්පත් එම පක්ෂය වෙත යොමුකළ බවත් ඒ සදහා ඔවුන්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක් බලාපොරොත්තු වන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවසීය. 02 October 2019
වර්ජනයට එක්වූ දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සැලකෙයි වර්ජනයේ යෙදෙන දුම්රිය රියදුරු, නියාමකවරු, පාලකවරු සහ ස්ථානාධිපතිවරුන් සේවය අතහැරගියා සේ සැලකීමට දුම්රිය දෙපාර්තමේන්තුව අද ( 02) තීරණය කර තිබේ. 02 October 2019
‘ඇතින්නියන්ගේ මරණ වලට වගකිව යුත්තන් අසු වුණොත් තදබල දඬුවම්‘ හබරණ හිරිවඩුන්න වැව් ඉස්මත්තේ ඇතින්නියන් මිය යාමේ සිද්ධියට සම්බන්ධ යම් අයෙක් වරදකරු වුවහොත් අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කරන බව සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පැවැසීය. 01 October 2019
දුම්රිය වර්ජනය දිගටම දුම්රිය වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරිමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සියලු සාමාජිකයන් ඒකමතිකව අද (1) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය. 01 October 2019
පූජිත්ට ඇප හිටපු පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (01) නියෝග කළේය. 01 October 2019
දුම්රිය සේවය සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. 01 October 2019
අර්ජුන්ගේ අත්සන සහිත මුදල් නෝට්ටු වලංගුද සිංගප්පූරු ජාතිකයෙකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති මුදල් නෝට්ටුවල වලංගු භාවය පිළිබඳව ලබන සතියේදී ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. 01 October 2019
පොහොට්ටු - ශ්‍රීලනිප හවුලේ තීන්දුව 5 වැනිදාට කල්යයි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව ලකුණ සම්බන්ධයෙන් යළි සළකා බැලීම සඳහා ලබන සෙනසුරාදා දක්වා තවදුරටත් කල් ලබාදීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (30) රාත්‍රීයේදී තීරණය කර ඇත. 30 September 2019
රණවිරු විරෝධතාව අවසන් කොළඹ කොටුවේ පැවැති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව සහ උපවාසය නවත්වා දැමීමට අද (30) දහවල් ඔවුහු පියවර ගත්හ. 30 September 2019
ගිංගඟ පහළ නිම්නයේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටවෙලා ගිංගගේ ජලය බැසයමින් පැවතියද තවමත් ගිංගඟ පහළ නිම්නයේ පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති බැව් එම ප්‍රදේශවල ජනතාව පවසති. ගිංගඟ පහළ නිම්නයට අයත් හෝළුවාගොඩ, ඕපාත, යන ප්‍රදේශවල පහත්බිම් රැසක් තවමත් ජලයෙන් යටවී ඇති අතර ජලය බැසයාම සිදුවන්නේ ඉතා සෙමින් බැව් එම ප්‍රදේශවල ගොවීහු පවසති. 29 September 2019
ඇතින්නියන් තිදෙනකුගේ මළ සිරුරු හමුවෙයි හබරන හිරිවඩුන්න තුන්ඹිකුලම රක්ෂිතයේ තිබී අද (28) දහවල් වනවිට තවත් මියගිය ඇතින්නියන් තිදෙනෙකුගේ මළසිරුරු හමු වූ බව වනජීවී නිලධාරීහු පවසති. 28 September 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026