ගුවන් තොටේ මත්ද්‍රව්‍ය වැටලීමට රොබෝ යන්ත්‍ර දෙකක් මත්ද්‍රව්‍ය වැටලීම් සඳහා අද (1) සිට කටුනායක ඡාත්‍යන්තර ගුවන්තොටුපලේ මත්ද්‍රව්‍ය නාශක අංශයට රොබෝ යන්ත්‍ර දෙකක් යොදවා ඇත. 01 November 2019
‘රුවන්වැලි සෑයේ නව චූඩා මාණික්‍යය මේ වසර අවසානයට පෙර තැන්පත් කරනවා’ අනුරාධපුර රුවන්වැලි මහා සෑ මුදුනේ දැනට තැන්පත් කර ඇති වසර 80ක් පැරණි චූඩා මාණික්‍යය සහ රන් ආලේපිත කොත් වහන්සේ මේ වන විට පළුදු හා දුර්වරණ වී ඇති බැවින් ඒ වෙනුවට නව චූඩා මාණික්‍යයක් සහිත රත්රන් කොත්වහන්සේ නමක් තැන්පත් කිරීම මෙම වසර අවසන්වීමට පෙර සිදුකරන බව නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක, ස්වර්ණමාලි චෛත්‍යාරාමාධිකාරී පල්ලේගම හේමරතන නා හිමියෝ පැවසූහ. 31 October 2019
වනාතවිල්ලුව ලැක්ටෝවත්ත නිවස රස පරීක්ෂකගේ පරීක්ෂාවට වනාතවිල්ලුව ලැක්ටෝ වත්තේ නිවසක් තුළ කිසියම් පිරිසක් කළ රහසිගතව කැණිමක් සම්බන්ධව රජයේ රස පරික්ෂකවරයාගේ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුවේ විශේෂ පරීක්ෂණයක් අද (29) දින අරඹා තිබුණි. 29 October 2019
පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටුවක් අරී මහනුවර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට අද (28) පැවති වර්ෂාව හේතුවෙන් පොල්ගොල්ල ජලාශයේ එක් වාන් දොරටුවක් වනවිටත් විවෘත කර ඇත. 28 October 2019
නාවුල නගරයත් ජලයෙන් යට වෙයි මහනුවර - යාපනය ඒ නවය මාර්ගයේ පිහිටි නාඋල නගරය පැය දෙකකට අධික කාලයක් අද (28) ජලයෙන් යටවූ වී මාර්ග අවහිරයක් පැවැතිණි. 28 October 2019
මහනුවර - දොඩම්වල මාර්ගයේ ගමනාගමනයට බාධා මහනුවර - දොඩම්වල මාර්ගයට විශාල ගසක් කඩා වැටීම හේතුවෙන් අද (28) දහවල් දොඩම්වල මාර්ගයේ වාහන ගමනාගමනය ඇනහිට තිබිණ. 28 October 2019
මල් වෙඩිල්ලක් පිපිරී අයෙක් මරුට දීපාවලී උත්සවය වෙනුවෙන් පැවති සංගීත සංදර්ශනයකදී මල් වෙඩිල්ලක් පිපිරී සිව්දරු පියෙකු මියගොස් ඇතැයි මස්කෙළිය පොලිසිය පැවසීය. 28 October 2019
ඇල්ල-වැල්ලවාය මාර්ගය දිගටම වහලා නාය යාමකට ලක්ව ගල් හා පස් මාර්ගයට කඩාවැටීමෙන් වසා දැමූ ඇල්ල-වැල්ලවාය ප්‍රධාන මාර්ගය තව දුරටත් වසා තැබීමට තීරණය කළ බව බ දුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය . 27 October 2019
ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වහයි නාය යාමත් සමඟ මාර්ගයට ගල් කඩා වැටීම හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගය තාවකාලිකව වසා දැමූ බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පැවසීය. 25 October 2019
‘එජාප මන්ත්‍රීවරුන්ට ගහලා එලෙව්වේ නැත්තේ ඇයි කියලා සජිත් ඇහුවා‘ හම්බන්තොට ජාත්‍යන්තර වරාය නිරීක්ෂණය කිරිමට 2014 අප්‍රේල් 17 දා හම්බන්තොට වරායට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ට පහරදී එළවා නොදැම්මේ ඇයිදැයි, එවකට එක්සත් ජාතික පක්ෂයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වත්මන් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සිද්ධිය වූ දිනට පසුදින දුරකථන ඇමැතුමක් ලබා දී තමාගෙන් විමසූ බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හම්බන්තොට දී පැවසීය. 25 October 2019
අනතුරකින් සිරම්බිඅඩියේ දී 3 ක් මරුට පුත්තලම අනුරාධපුර පාරේ සිරම්බිඅඩිය විශේෂ කාර්ය බළකා කඳවුර ආසන්නයේ දී අද(24) වෑන් රථයක් පාරෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි. 24 October 2019
ශ්‍රීලනිප ඉතිහාසයට සෝමාරාමලා දෙන්නෙක් බර වැඩියි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායිකා චන්ද්‍රකා මැතිනිය පක්ෂය නැවත වරක් එක්සත් ජාතික පක්ෂය හා යහන්ගත කිරීමට සූදානම් වන බවත් ශ්‍රීලනිප ඉතිහාසයේ සෝමාරාමලා දෙදෙනකු බර වැඩි බව ඇයට අමතක වී ඇති බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. 23 October 2019
වාන් ජලයේ ගිලී ඉණිමඟෙන් ගොඩවී පාසල් යන දරුවෝ පාඩියමඩුව වැවේ වාන් ජලය, කොහොඹගස්වැව පාලම අසළින් ගලායාම හේතුවෙන් පාලමේ ඉදිරිකිරීම් අතරමග නවතා දමා ඇතැයිද, ආණමඩුව, ආඩිගම - මහකුඹුක්කඩවල මාර්ගයේ ගමනාගමන කටයුතු දින තුනක සිට සම්පූර්ණයෙන් නතරවී ඇතැයිද ජනතාව පවසති. 23 October 2019
මාපාකඩ රක්ෂිතයේ පුවක් පැළ 1000ක් සිටුවති මහියංගන, මාපාකඩ වාරිමාර්ග කාර්යාලයට අයත් නාගදීප දික්කෙන්දයාය වාරිමාර්ග රක්ෂිතයේ පුවක් පැළ 1000ක් රෝපණය කිරීමේ වැඩසටහනක් අද (22) පැවැත්විණි. 22 October 2019
‘මීනගයා’ අවුකනදී පීලි පනී කොළඹ සිට මඩකලපුව බලා ගමන්ගත් ‘මීනගයා’ ශීඝ්‍රගාමී තැපැල් දුම්රිය අවුකන කලාඔය පාලම අසළදී මැදිරි 6ක් දුම්රිය මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුරට ලක්වී ඇත. 22 October 2019
කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයත් වාන් දමයි පවතින අධික වර්ෂාවත් සමග ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය අද(21) වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි. 21 October 2019
කලා ඔයේ ජල මට්ටම ඉහළට : වනජීවී නිලධාරීන් ඉවතට කලා ඔයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස ඉහළ යාමත් සමඟ වනාතවිල්ලුව එළුවන්කුලම විල්පත්තුව පිවිසුමේ පිහිටි නාවික හමුදා අනු කණ්ඩය හා වනජීවී කාර්යාලේ නිළධාරින් තාවකාලිකව ඉවත් කර ඇති බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකය පවසයි . 21 October 2019
මන්ත්‍රී කුමාර වෙල්ගමගේ නිවසට හොරු පනිති අලුත්ගම කළුවාමෝදර ප්‍රදේශයේ පිහිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාගේ නිවසට ඇතුළු වූ අයෙකු අද(20) නිවසේ වූ භාණ්ඩ සොරකම් කර පලාගොස් ඇතැයි අලුත්ගම පොලිසිය පවසයි. 20 October 2019
යුද්ධය වෙනුවෙන් ගෝඨාභය තමන්ට උපදෙස් නොදුන් බව ෆොන්සේකා කියයි ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසිදිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය. 18 October 2019
කලා වැවේ වාන් දොරටු අරී කන්ද උඩරට ප්‍රදේශවලට ඇදහැලෙන වර්ෂාවත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ කලා වැව සම්පූර්ණයෙන්ම පිරීයාමෙන් එහි වාන් දොරටු දෙකක් විවෘත කළ බව කලාවැව වාරිමාර්ග ඉංජිනේරු එම් .එච් .එම් .ආර් .බණ්ඩාර මහතා පැවසීය. 18 October 2019
ළිදේ සිරවී සිටි තිදෙනාගෙන් අයෙක් මිය යයි කන්දකැටිය බදුළුඔය ප්‍රදේශයේ ගැඹුරු ළිඳක සිරවී සිටි පුද්ගලයින් තිදෙනකුගෙන් එක් පුද්ගලයෙකු රෝහල්ගත කිරීමෙන් පසු මිගොස් ඇති බව පොලීසිය කියයි. 18 October 2019
යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපළ ජනතා අයිතියට ශ්‍රී ලංකාවේ තුන්වන ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වන යාපනය පලාලි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද(17) ජනතා අයිතියට පත් කෙරිණ. 17 October 2019
ලග්ගල කසළ වතුර වළකට මුදාහැරීමෙන් ප්‍රශ්න රැසක් දිවයිනේ පළමු හරිත නගරය වන නව ලග්ගල නගරයෙන් ඉවතලන කැළි කසළ නගරය ආසන්නයේ පිහිටි උස් බිමක වතුර වළකට මුදාහැරීම නිසා ප්‍රශ්න රැසක් මතුව ඇතැයි ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. 17 October 2019
පුද්ගල ඝාතනයකට සැකපිට අයෙක් අත්අඩංගුවට වවුනියාව කල්ලිකුලම් ප්‍රදේශයේදී පසුගිය 9දා තරුණයකු ඝාතනය කල බවට සැකකරන පුද්ගලයකු සැඟව සිටියදී අද (17) අලුයම අත්අඩංගුවට ගත් බවට වව්නියාව පොලිස් කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකය කියයි. 17 October 2019
කළුගඟ ව්‍යාපෘතියේ ගුරුවෙල වැවේ බැම්ම කපා ජලය ඉවත් කරයි මොරගහකන්ද-කළුගඟ ජලාශ ව්‍යාපෘතිය යටතේ ලග්ගල නව ගුරුවෙල ප්‍රදේශයේ අලුතින් ඉදිකෙරෙන ගුරුවෙල වැවෙහි බැම්ම කපා වැවේ වැඩි ජලය ඉවත් කිරීමට දින හතරක සිට මහවැලි නිලධාරීහූ කටයුතු කරමින් සිටිති. 16 October 2019
කන්දෙගොඩින් කසළ තේ කිලෝ 15000 ක් එස්ටීඑෆ් දැලේ අම්බලන්ගොඩ කන්දෙගොඩ ප්‍රදේශයේ දී කසළ තේ කිලෝ 15,000 ක් සමඟ පුදගලයන් තිදෙනකු විශේෂ කාර්ය බළකාය විසින් අද (16) අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 16 October 2019
ගංවතුරින් මූන්දලමේ පවුල් 155 ක් අවතැන් මහ වැසි හේතුවෙන් මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 155ක වැසියන් 500 කට ආසන්න පිරිසක් අද(16) වන විට අවතැන්ව සිටින බව මූන්දලම ප්‍රාදේශීය ලේකම් විජානී වසන්තිකා මහත්මිය පැවසුවාය. 16 October 2019
කොන්ඩාවිල් ඉඩමක කිලෝ 15 ක ක්ලේමෝ බෝම්බ දෙකක් යාපනය කොන්ඩාවිල් වරණී ප්‍රදේශයේ ඉඩමක වළ දමා තිබූ කිලෝ 15 ක බර ක්ලේමෝ බෝම්බ දෙකක් අද (14) පස්වරුවේ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය විසින් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 14 October 2019
අණ නොතකා ධාවනය කළ ජීප් රථයකට පොලිසියෙන් වෙඩි කිලිනොච්චිය පොලිස් වසමේ අරයවිල් නගර් ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය වූ ජීප් රථයකට කිලිනොච්චි පොලිසියේ දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් වෙඩි තබා ඇතැයිද, මේ හේතුවෙන් පුද්ගලයකු වෙඩි වැදී තුවාල ලබා ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි. 14 October 2019
ඇල්පිටියේ ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණ ප්‍රතිඵලය මනින්න බැහැ ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිඵලයෙන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මැනීමේ හැකියාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. 11 October 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026