(අජන්ත කුමාර අගලකඩ)
දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අද (01) උදේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වී ඇත.
දුම්රිය සේවයේ විවිධ ශ්‍රේණිවල පවතින වැටුප් විෂමතා, ඒ අනුව නිවැරදි කිරීමට ඉදිරියේදී කටයුතු කර ඇත.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතා සොයා බලා වාර්තාවත් ඉදිරිපත් කිරීමට ඉකුත් සතියේදී පත් කරන ලද අනු කමිටුව සහ දුම්රිය වෘත්ති සමිති අතර ඊයේ(30) පැවැති සාකච්ඡාව සැලකිල්ලට ගෙන දුම්රිය සේවය සංවෘත සේවාවක් කිරීමට තීරණය කළ බව ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ හදන්නේ ආයෙත් කෙළවරක් නැති වැටුප් විෂමතා පටලැවිල්ලකටයි. ප්‍රතිඵල පෙනෙයි ඉක්මනටම.
ඉස්සර විදුලි සංදේශන දෙපාර්තමේන්තුවත් තිබුනේ අද දුම්රිය වගේ. ඔහේ ගියා. ටෙලිෆෝන් එකක් ගන්න ඇමති අනුමැතිය ඕනේ වුණා. 1981 සැප්තැම්බර් මාසේ ඒක ශ්‍රී ලංකා ටෙලිකොම් සංස්ථාව වුණා. ඊට පස්සේ ශ්‍රී ලංකා ටෙලිකොම් වුණා. දැන් කොහොමද සේවාවේ දියුණුව? දුම්රියටත් ඔය දේම කරන්න. වැඩ කරන් නැති අය අයින් වුනොත් මිනිස්සුන්ට හොඳ සේවාවක් දෙන ආයතනයක් බවට පත්වේවි. රජයට බදුත් හම්බ වෙයි.
පඩි වැඩි කරනවා බඩු මිලත් වැඩි කරනවා.පුද්ගලික සේවකයන්, රැකියා නැති අය මොකද කරන්නේ?
ඔය සංවෘත වැඩේ නිසා තමයි රාජ්‍ය සේවයේ ප්‍රශ්න වැඩි උනේ. වහාම විශේෂ තනතුරු හැර අනෙක් සියලුම තනතුරු සමාන නමකින් හදුන්වා ආයතන නම යෙදිය යුතුයි.කොතන හිටියත් තනතුර එකම විය යුතුයි. උදාහරණ වශයෙන් ලිපිකරුවා මොන ආයතනයේ හිටියත් ලිපිකරුවාම විය යුතුයි. ලිපිකරුවා කළමනාකරයෙක් උනාම එයා අනෙක් අයගෙන් වැඩ ගන්න යනවා විනා වැඩ කරන්නේ නැහැ. ඒකනේ පෞද්ගලික ආයතනවල මේ වගේ බේද නැහැනේ.