( නාලක සංජීව දහනායක සහ ඉන්දිකා රාමනායක)
කොළඹ කොටුවේ පැවැති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව සහ උපවාසය නවත්වා දැමීමට අද (30) දහවල් ඔවුහු පියවර ගත්හ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එම ස්ථානයට පැමිණ විරෝධතාවයෙහි නිරත ආබාධිත රණවිරුවන් හා සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔවුහු උපවාසය අත්හැරියහ.
විපක්ෂ නායකවරයා උපවාසයේ යෙදී සිටි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය සභාපති කොප්‍රල් යූඩී වසන්ත මහතාට තැඹිලි වතුර පොවා තමන්ගේ රජයක් යටතේ රණවිරුවන්ගේ සියලු ගැටළුවලට විසඳුම් ලබා දෙන බව පැවසූ අතර,ඒ හේතුවෙන් උපවාසය අත්හරින ලෙසට ඉල්ලීමක් ද කළේය.
එම ඉල්ලීම සැලකිල්ලට ගත් කොප්‍රල් යූ ඩී වසන්ත මහතා උපවාසය අත්හැරීමට එකඟ වී තිබිණ. මහා සංඝරත්නයේ සෙත්පිරිත් සඡ්ඣායනා මැද, දින 20 ක් පමණ කාලයක් විරෝධතාවයේ නියැලි රණවිරුවෝ විරෝධතාව සහ උපවාසය නැවැත්වීමට කටයුතු කළහ.
( ඡායාරූප ළහිරු හර්ෂණ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද මේක මෙහෙය වූවේ කියන එක හොඳටම පැහැදිලි වුණා. ඡන්ද මාපියාවට රණවිරුවන් උගස් කරලා. ලැජ්ජයි.
දේශපාලන වාසි බලාගෙන මේ විරුවන්ව පාවිච්චි කරන එක අන්තිම නින්දිත වැඩක්.
කොන්ත්‍රාත් එක හරියටම ඉටු කරලා තියෙනවා.
වීරවංශට තැඹිලි පෙව්වා වගේ වැඩක්.
කිව්වම කරන්න. කිව්වම නතර කරන්න.දේශපාලනය.
පේනවනේ ඡන්ද මගඩියක් කියලා, නැත්නම් ආණ්ඩුවෙන් අනුමත කරල තියෙද්දිත් අවසන් නොකළ උපවාසය දැන් අවසන් කළේ මොකටද?
ඔහොම තමා බලයට එනකම් දුෂිත දේශපාලුවෝ පොරොන්දු දෙන්නේ.බලයට ආවට පස්සේ කරපු හරියත් නොදන්නවා නෙවෙයි.
තිර පිටපත් රචකයා සහ නිෂ්පාදකයා පැමිණි වහාම නාටකය එසේ අවසන් විය.
ලෙමන් පෆ් පාට් 2 ... හා හා .. හිනාව නවත්තගන්න බෑ.. අයියෝ බොස්, ඇයි මෙච්චර පරක්කු වෙලා ආවේ. උපවාසෙ පටන් ගත්ත පළවෙනි දිනේම ඇවිල්ලා මේ දේ කිව්වා නම්, මේ අය වැස්සේ තෙමෙන්නෙත් නෑ. අව්වේ චාටර් වෙන්නෙත් නෑ.. පාරෙ බ්ලොක් වෙන්නෙත් නෑ. අනික් මිනිස්සුන්ට කරදර වෙන්නෙත් නෑ. විහිලු සපයන්න අපිට ඉන්නවා බන්දුයි, ටෙනියි. ඇයි ඔබතුමා ඒ දේ කරන්නේ?
දැන් පේනවා මොකද මේ උපවාසේ කලේ කියලා...
මට නම් පේන්නේ මේවා ඡන්ද නාට්‍ය වගෙයි...
ඔය පෙනෙන්නේ මේක කාගේ වැඩක්ද කියලා......
අද දහවල් නිවාස ඇමති සජිත් ප්‍රේමදාස මොවුන් හමුවී ඉක්මණින්ම කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර නොපමාව විසඳුමක් සමග ඉක්මණින් නැවත මොවුන් හමුවෙනවා කිව්වා. එය නොපිළිගත් මෙම කණ්ඩායම විපක්ෂ නායකගේ තැඹිලි වීදුරුව බී උපවාසය අත්හැරියා. මෙම උපවාසයත් හරියට ඇමරිකාවට විරුද්ධව තුංමුල්ලේ විමල් සිදුකළ උපවාසයට දෙවැනි නැහැ.
වහල් භාවය කොච්චර දුරට අපේ ජීවිතවලට කිඳාබැහැලද? දේශපාලන අතකොලු වෙන්න තරම් මේ ඇයි මේ තරම් පහත් තත්වයට පත්වෙන්නේ...?
ගොන් පාර්ට්....
රණවිරුවන් ඉදිරියට.ජනාධිපතිතුමා හරි අගතිගාමියි.සජිත්,මංගල යන මහතුන් ගිහින් පොරොන්දු වුනානම් ඔය උපවාසය නවත්නවා.මහින්ද මහත්තයා ගියාම ඒ සේරම වැරදි ඔහුගේ පිටේ පටවන කුජීත ජාතියක් සිටීම ගැන කණගාටුයි.
ගොඩක් අයට රිදිලා වගේ.
දැන් තේරෙනවා නේද මේ උපවාසයයි, වර්ජන රැල්ලයි සේරගේම යටි අරමුණ මොකද්ද කියලා? අද අප්‍රමාණ පීඩාවන්ට ලක්ව විසඳුම් පතා සටන් කරන ආබාධිත රණවිරුවන්ගේ අතපය අහිමි වූයේ, ජීවිත අහිමිව බිරින්දෑවරුන්, වැන්දඹු වූයේ 2009දී අවසන් වූ යුද්ධයට පෙරයි. 2009න් පසුව කිසිම ආබාධිත සෙබලෙකු මෙරට බිහිවී නැත. අද විසඳුම් පතා සටන් කරන ආබාධිත රණවිරුවන් අභියසට එන පොහොට්ටුවේ අය ඉල්ලීම් ඉටු කිරීමට තමන්ට බලය දෙන ලෙසට "වොයිස් කට්" දෙති. ඔවුන් අනියමින් පවසනුයේ මෙම ගැටළුව පැන නැගුනේ 2015න් පසුව බවය. 2009 සිට 2015 දක්වා කාලය තුළ මෙම ගැටළුව වෙනුවෙන් තඹ දොයිතුවක විසඳුමක් ලබා නොදුන් මේ පිරිස් ඒ යුගයේ එවන් සටන්ද මර්ධනය කළේ සාහසික ලෙසය. හිටපු පාලකයින්ගේ නොසලකා හැරීම නිසා අරගල බිමට බට ආබාධිත රණවිරුවන් ඉදිරියේ අද ඔවුන්ම හැසිරෙන ආකාරයද ඉතා පිළිකුල් සහගතය. මොවුන් මේ දඟලන්නේ මේකෙනුත් දේශපාලන වාසි ලබා ගන්නටයි.
මේවා ඔක්කොම ජවනිකා.මේගොල්ලෝ කතා කරලා ගේම් එක ගහන්නේ.අද උදේ සජිත් ආවා.මහින්ද ආවා.අද තමා කට්ටියම ආවේ.එහෙම ආව දවසේ මේගොල්ලෝ මේක අවසන් කළා. මහජනතාව තණකොළ කනවා කියලද දන්නේ නැහැ හිතන් ඉන්නේ?
මේ කට්ටිය නියම රණවිරුවන්ගේ ප්‍රතිරූපෙත් විනාශ කරා. මේ අයට තිබෙන ප්‍රශ්නය මහින්ද ගෝඨා පාක්ෂිකයන් වීම.
ඇයි දවස් 20 ක් බලන් හිටියේ ?
අනේ සර් , දුම්රිය සේවකයන්ටත් මොනව හරි කමක් නැහැ දීලා අපිට වැඩට යන්න දුම්රිය ටික දුවවල දෙන්නකෝ. මම අනිවාර්යයෙන්ම ඔබට ඡන්දේ දෙනවමයි.
ඔබතුමාට පුළුවන් දුම්රිය ඇතුළු අනිකුත් වැඩ වර්ජන කීපයත් නතරකරන්න. නොවැම්බර් 16 දක්වා ඉවසන්න කියා ජනතාව වෙනුවෙන්....
සජිත් ඇවිල්ලා ලකුණු දාගනී කියලා මහී බයවුණා. ඉතින් නාට්ටිය ඉවර කළා.
දැන් පේනවා නේද වැඩවර්ජන මෙහෙයවන්නේ කවුද කියලා...?
දැන් ඉතින් මේකට එකඑක කට කැඩිච්ච කතා කියයි.
යුද්දෙ ඉවර වුණේ 2015න් පස්සේ..
මොවුන්ගේ ඔක්කොම බොරු සෝබන වැඩ...
මෙන්න මෙහෙමයි මෙයාලා රට කන්නේ අපි බබ්බු කියලා හිතන් ඇති මේවා හොදයි ... වහල්ලුන්ට ...
මේවා දැකලා ඇතිවෙලා.. මහින්දලා හැමදාම රට විනාශ කරන වැඩතමයි කලේ මේ තියෙන්න හොඳ උදාහරණ...